උත්පත්ති 18:9-12

උත්පත්ති 18:9-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“කෝ ඔබේ බිරිඳ සාරා කොහේ දැ?” යි ඔවුහු ඔහුගෙන් ඇසූහ. “ඇය කූඩාරමේ යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට, ආගන්තුකයාණෝ, “ලබන වසරේ මේ කාලයට මම නියතයෙන් ම යළි එන්නෙමි. එකල ඔබේ බිරිඳ සාරා, පුතකු ලබනු ඇතැ” යි පැවසූහ. එතුමාණන්ට පිටුපසින් වූ කූඩාරම් දොරකඩ හුන් සාරා එය අසාගෙන සිටියා ය. ආබ්‍රහම් මෙන් ම සාරා ද මේ වන විට සිටියේ වයස්ගත ව, හොඳට ම මහලු ව ය. ස්ත්‍රීන් පිළිබඳ නියමය සාරාට නැවතී තිබිණි. එබැවින් සාරා තමන් සිත තුළ, “මා මවක වන කාලය පසු කර, මගේ ස්වාමියා ද මහල්ලකු ව සිටියදී, දැන් මම දරුවකු ලැබීමේ ප්‍රීතිය ලබම් දැ?” යි කියා ගනිමින් සිනාසුණා ය.

උත්පත්ති 18:9-12 Sinhala New Revised Version (NRSV)

එවිට ඔව්හු ආබ්‍රහම්ට කතා කොට, “නුඹේ බිරිඳ සාරා කොහේ දැ”යි ඇසූ හ. “ඈ කූඩාරම තුළ ය”යි ඔහු උත්තර දුනි. එවිට අමුත්තා කතා කොට, “දරු උපතට නියම කාලය පැමිණි විට සත්තකට ම මම නුඹ වෙත නොවරදවා ආපසු එමි. එවිට නුඹේ භාර්යාව වන සාරා පුතෙකු ලබන්නී ය”යි කී ය. අමුත්තාට පිටුපසින් පිහිටි, කූඩාරමේ දොරකඩ සිටි සාරාට එය ඇසිණි. ආබ්‍රහම් ද සාරා ද මහලු ව හොඳට ම වයස් ගත ව සිටිය හ. සාරාට ඔසප් වීම ද නැවතී තිබිණි. එබැවින් සාරා, “දරු උපතක් නොලැබිය හැකි මහලු වියට පැමිණි පසුත්, මා අඹු-සැමි ප්‍රීතිය භුක්ති විඳින්න ද? ඇරත් මාගේ සැමියාත් දැන් මහල්ලෙකි”යි කියාගනිමින් සිනාසුණා ය.

උත්පත්ති 18:9-12 Sinhala New Revised Version 2018 (SNRV)