උත්පත්ති 18:6-8 - Compare All Versions

උත්පත්ති 18:6-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට, වහා සාරා වෙත තම කූඩාරම තුළට ගිය ආබ්‍රහම්, “ඉක්මන් කරන්න. සිහින් පිටි නැළි තුනක් ගෙන, අනා, රොටි පුලුස්සන්නැ” යි කීවේ ය. ඉන්පසු ගව ගාලට දිවූ ආබ්‍රහම්, හොඳ ළපටි වස්සකු තෝරා, සේවකයකුට දී, ඌ පිළියෙල කිරීම ඉක්මන් කළේ ය. ඉන්පසු ඔහු මුදවපු කිරි හා එළකිරි ද පිසින ලද වස්සා ද ගෙනවුත්, ඔවුන් ඉදිරියේ තැබී ය. ඔවුන් ආහාර ගන්නා අතරේ, ඔහු ගස යට ඔවුන් අසල සිටගෙන සිටියේ ය.

බෙදාගන්න
උත්පත්ති 18 SCV

උත්පත්ති 18:6-8 SROV (Sinhala Revised Old Version)

එවිට ආබ්‍රහම් කූඩාරමේ සිටි සාරා වෙතට යුහුව ගොස්: සිහින් පිටි නැළි තුනක් ඉක්මනින් සූදානම්කොට අනා රොටි සාදන්නැයි කීය. ආබ්‍රහම් ගව රැළට දිවගොස් ළපටි හොඳ වස්සෙකු ගෙනවුත් මෙහෙකරුවාට දුන්නේය; ඔහු ඌ ඉක්මනින් පිළියෙළකෙළේය. ඔහු වෙඬරු හා කිරිද පිළියෙළකළ වස්සාද ගෙනවුත් ඔවුන් ඉදිරියෙහි තබා ගස යට ඔවුන් ළඟ සිටියේය; ඔව්හුද කෑවෝය.

බෙදාගන්න
උත්පත්ති 18 SROV

උත්පත්ති 18:6-8 NRSV (Sinhala New Revised Version)

ආබ්‍රහම් ද වහා කූඩාරම තුළට ගොස්, සාරාට කතා කොට, “හොඳ ම පිටි ගෝණියක් ඉක්මනින් ගෙන, එයින් ටිකක් අනා, උදුන මත තබා රොටි පුළුස්සන්නැ”යි කී ය. තවද, ඔහු ගව පට්ටියට දුව ගොස්, කදිම ළපටි වස්සෙකු ගෙන දාසයාට දුන්නේ ය. දාසයා ද ඌ ඉක්මනින් පිළියෙළ කෙළේ ය. තවද, ආබ්‍රහම්, වෙඩරු හා කිරි ද, පිසින ලද වහු මස් ද ගෙන ආගන්තුකයන් ඉදිරියෙහි තැබී ය. ඔවුන් ඒවා වළඳන විට ඔහු ද ගස යට ඔවුන්ට සමීප ව සිටියේ ය.

බෙදාගන්න
උත්පත්ති 18 NRSV

උත්පත්ති 18:6-8 SNRV (Sinhala New Revised Version 2018)

ආබ්‍රහම් ද වහා කූඩාරම තුළට ගොස්, සාරාට කතා කොට, “හොඳ ම පිටි ගෝණියක් ඉක්මනින් ගෙන, එයින් ටිකක් අනා, උදුන මත තබා රොටි පුළුස්සන්නැ”යි කී ය. තවද, ඔහු ගව පට්ටියට දුව ගොස්, කදිම ළපටි වස්සෙකු ගෙන දාසයාට දුන්නේ ය. දාසයා ද ඌ ඉක්මනින් පිළියෙළ කෙළේ ය. තවද, ආබ්‍රහම්, වෙඬරු හා කිරි ද, පිසින ලද වහු මස් ද ගෙන ආගන්තුකයන් ඉදිරියෙහි තැබී ය. ඔවුන් ඒවා වළඳන විට ඔහු ද ගස යට ඔවුන්ට සමීප ව සිටියේ ය.

බෙදාගන්න
උත්පත්ති 18 SNRV

උත්පත්ති 18:6-8 NIV (New International Version)

So Abraham hurried into the tent to Sarah. “Quick,” he said, “get three seahs of the finest flour and knead it and bake some bread.” Then he ran to the herd and selected a choice, tender calf and gave it to a servant, who hurried to prepare it. He then brought some curds and milk and the calf that had been prepared, and set these before them. While they ate, he stood near them under a tree.

බෙදාගන්න
උත්පත්ති 18 NIV