උත්පත්ති 18:17-19
උත්පත්ති 18:17-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේ කතා කොට, “මා දැන් කරන්නට යන දේ මම ආබ්‍රහම්ගෙන් සඟවම් ද? ආබ්‍රහම් සැබවින් ම ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රබල වූත් ජාතියක් බවට පත් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන් ඔහු තුළින් ආශිර්වාද ලබනු ඇත. මන්ද ස්වාමින්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දෑ ඔහුට ඉටු කර දෙන පිණිස ධර්මිෂ්ඨකමත්, යුක්තියත් පැවැත්වීම මගින් ස්වාමින්වහන්සේගේ මාර්ගය රක්ෂා කිරීමට, ඔහු තමාගෙන් පසු තම දරුවන් ද තම ගෘහ වාසීන් ද යොමු කරවන පිණිස, මම ඔහු තෝරා ගතිමි” යි පැවසූහ.
උත්පත්ති 18:17-19 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ: මා කරන්ට යනදේ ආබ්‍රහම්ගෙන් සඟවම්ද? ආබ්‍රහම් නම් සැබවින්ම මහත්වූ බලවත් ජාතියක් වන්නේය; පොළොවේ සියලු ජාතීහුද ඔහු කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේ ගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.
උත්පත්ති 18:17-19 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ: “මා කරන්නට යන දෙය මම ආබ්‍රහම්ගෙන් සඟවම් ද? මොහුගේ පෙළපත මහත් බලසම්පන්න ජාතියක් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන්, මා ආබ්‍රහම්ට ආශීර්වාද කළ ලෙස ඔවුන්ටත් ආශීර්වාද කරන මෙන් මගෙන් අයැදිනු ඇත. ආබ්‍රහම් දැහැමිකමින් හා යුක්තියෙන් ජීවත් වෙමින් තමාගේ දරුවන්ට ද, තමාගෙන් පැවතෙන පෙළපතට ද සමිඳාණන් වහන්සේගේ මාර්ගය ආරක්ෂා කිරීමට අණ දෙන පිණිස මම ඔහු වෙන් කොට ගතිමි. මෙලෙස සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දේ ඔහුට ඉටු කරන සේකැ”යි තමන්ට ම කියාගත් සේක.
උත්පත්ති 18:17-19 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ: “මා කරන්නට යන දෙය මම ආබ්‍රහම්ගෙන් සඟවම් ද? මොහුගේ පෙළපත මහත් බලසම්පන්න ජාතියක් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන්, මා ආබ්‍රහම්ට ආශීර්වාද කළ ලෙස ඔවුන්ටත් ආශීර්වාද කරන මෙන් මගෙන් අයැදිනු ඇත. ආබ්‍රහම් දැහැමිකමින් හා යුක්තියෙන් ජීවත් වෙමින් තමාගේ දරුවන්ට ද, තමාගෙන් පැවතෙන පෙළපතට ද සමිඳාණන් වහන්සේගේ මාර්ගය ආරක්ෂා කිරීමට අණ දෙන පිණිස මම ඔහු වෙන් කොට ගතිමි. මෙලෙස සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දේ ඔහුට ඉටු කරන සේකැ”යි තමන්ට ම කියාගත් සේක.
උත්පත්ති 18:17-19 New International Version (NIV)
Then the LORD said, “Shall I hide from Abraham what I am about to do? Abraham will surely become a great and powerful nation, and all nations on earth will be blessed through him. For I have chosen him, so that he will direct his children and his household after him to keep the way of the LORD by doing what is right and just, so that the LORD will bring about for Abraham what he has promised him.”