උත්පත්ති 17:16-17
උත්පත්ති 17:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඇයට ආශිර්වාද කරන්නෙමි. නියතයෙන් ම ඇගෙන් ඔබට පුතකු ලබා දෙන්නෙමි. මම ඇයට ආශිර්වාද කරන්නෙමි. ඈ, ජාතීනට මව වන්නී ය. ජනතාවගේ රජුන් ඇය වෙතින් බිහිවනු ඇතැ” යි පැවසූ සේක. ආබ්රහම් මුහුණ බිමට නමා, වැඳ වැටුණේ ය. ඔහුට සිනා ගියේ ය. “අවුරුදු සීයක් වයස්ගත කෙනකුට දාව, පුතකු බිහි වෙයි ද? සාරා, ඇගේ වයස අනූවේදී දරුවකු ලබන්නේ දැ?” යි තමාට ම කියා ගත්තේ ය.
උත්පත්ති 17:16-17 Sinhala Revised Old Version (SROV)
මම ඈට ආශීර්වාදකරන්නෙමි, තවද ඇගෙන් නුඹට පුත්රයෙකු දෙන්නෙමි. එසේය, මම ඈට ආශීර්වාදකරන්නෙමි, ඈද ජාතීන්ගේ මවක් වන්නීය; ජනයන්ගේ රජවරු ඇගෙන් නික්මෙන්නෝයයි කීසේක. එවිට ආබ්රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා බිහිකරන්නීදැයි සිත තුළ කියාගත්තේය.
උත්පත්ති 17:16-17 Sinhala New Revised Version (NRSV)
මම ඈට ද ආශීර්වාද කරමි. මම ඇගෙන් නුඹට පුත්රයෙකු දෙමි. සැබැවින් මම ඈට ආශීර්වාද කරන්නෙමි. ඈ ද බොහෝ ජාතීන්ගේ මාතාව වන්නී ය, ඇගේ පරපුරෙහි බොහෝ ජාතීන්ගේ රජවරු පහළ වන්නෝ ය”යි වදාළ සේක. එවිට ආබ්රහම් පසඟ පිහිටුවා වැඳ, මඳක් සිනහ පාමින්, “සියක් අවුරුදු පිරුණු කෙනෙකුට දරුවෙකු උපදිනු හැකි ද? අනූ අවුරුදු වයසැති, සාරා දරුවෙකු ලබන්නී දැ”යි තමාට ම කියා ගත්තේ ය.
උත්පත්ති 17:16-17 Sinhala New Revised Version 2018 (SNRV)
මම ඈට ද ආශීර්වාද කරමි. මම ඇගෙන් නුඹට පුත්රයෙකු දෙමි. සැබැවින් මම ඈට ආශීර්වාද කරන්නෙමි. ඈ ද බොහෝ ජාතීන්ගේ මාතාව වන්නී ය, ඇගේ පරපුරෙහි බොහෝ ජාතීන්ගේ රජවරු පහළ වන්නෝ ය”යි වදාළ සේක. එවිට ආබ්රහම් පසඟ පිහිටුවා වැඳ, මඳක් සිනහ පාමින්, “සියක් අවුරුදු පිරුණු කෙනෙකුට දරුවෙකු උපදිනු හැකි ද? අනූ අවුරුදු වයසැති, සාරා දරුවෙකු ලබන්නී දැ”යි තමාට ම කියා ගත්තේ ය.
උත්පත්ති 17:16-17 New International Version (NIV)
I will bless her and will surely give you a son by her. I will bless her so that she will be the mother of nations; kings of peoples will come from her.” Abraham fell facedown; he laughed and said to himself, “Will a son be born to a man a hundred years old? Will Sarah bear a child at the age of ninety?”