උත්පත්ති 17:15-17
උත්පත්ති 17:15-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ තවදුරටත් ආබ්රහම් ඇමතූ සේක්, “සාරයි ගැන කියතහොත්, ඔබ තවදුරටත් ඔබේ භාර්යාව, සාරයි නමින් අමතන්නේ නැත. ඇගේ නම මින් මතු සාරා වනු ඇත. මම ඇයට ආශිර්වාද කරන්නෙමි. නියතයෙන් ම ඇගෙන් ඔබට පුතකු ලබා දෙන්නෙමි. මම ඇයට ආශිර්වාද කරන්නෙමි. ඈ, ජාතීනට මව වන්නී ය. ජනතාවගේ රජුන් ඇය වෙතින් බිහිවනු ඇතැ” යි පැවසූ සේක. ආබ්රහම් මුහුණ බිමට නමා, වැඳ වැටුණේ ය. ඔහුට සිනා ගියේ ය. “අවුරුදු සීයක් වයස්ගත කෙනකුට දාව, පුතකු බිහි වෙයි ද? සාරා, ඇගේ වයස අනූවේදී දරුවකු ලබන්නේ දැ?” යි තමාට ම කියා ගත්තේ ය.
උත්පත්ති 17:15-17 Sinhala Revised Old Version (SROV)
තවද දෙවියන්වහන්සේ ආබ්රහම්ට කථාකොට: නුඹේ භාර්යාවවූ සාරයිට වනාහි සාරයි යන නාමය නොකියව, ඇගේ නාමය සාරා වන්නේය. මම ඈට ආශීර්වාදකරන්නෙමි, තවද ඇගෙන් නුඹට පුත්රයෙකු දෙන්නෙමි. එසේය, මම ඈට ආශීර්වාදකරන්නෙමි, ඈද ජාතීන්ගේ මවක් වන්නීය; ජනයන්ගේ රජවරු ඇගෙන් නික්මෙන්නෝයයි කීසේක. එවිට ආබ්රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා බිහිකරන්නීදැයි සිත තුළ කියාගත්තේය.
උත්පත්ති 17:15-17 Sinhala New Revised Version (NRSV)
තවද, දෙවියන් වහන්සේ ආබ්රහම්ට කතා කොට, “නුඹේ භාර්යාව වන සාරයිට ‘නින්දා ලද්දී’ යන අර්ථය ඇති ‘සාරයි’ යන නම නොකියන්න. මින්පසු ඇගේ නම ‘කාරුණික’ යන අර්ථය ඇති ‘සාරා’ වේ. මම ඈට ද ආශීර්වාද කරමි. මම ඇගෙන් නුඹට පුත්රයෙකු දෙමි. සැබැවින් මම ඈට ආශීර්වාද කරන්නෙමි. ඈ ද බොහෝ ජාතීන්ගේ මාතාව වන්නී ය, ඇගේ පරපුරෙහි බොහෝ ජාතීන්ගේ රජවරු පහළ වන්නෝ ය”යි වදාළ සේක. එවිට ආබ්රහම් පසඟ පිහිටුවා වැඳ, මඳක් සිනහ පාමින්, “සියක් අවුරුදු පිරුණු කෙනෙකුට දරුවෙකු උපදිනු හැකි ද? අනූ අවුරුදු වයසැති, සාරා දරුවෙකු ලබන්නී දැ”යි තමාට ම කියා ගත්තේ ය.
උත්පත්ති 17:15-17 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, දෙවියන් වහන්සේ ආබ්රහම්ට කතා කොට, “නුඹේ භාර්යාව වන සාරයිට ‘නින්දා ලද්දී’ යන අර්ථය ඇති ‘සාරයි’ යන නම නොකියන්න. මින්පසු ඇගේ නම ‘කාරුණික’ යන අර්ථය ඇති ‘සාරා’ වේ. මම ඈට ද ආශීර්වාද කරමි. මම ඇගෙන් නුඹට පුත්රයෙකු දෙමි. සැබැවින් මම ඈට ආශීර්වාද කරන්නෙමි. ඈ ද බොහෝ ජාතීන්ගේ මාතාව වන්නී ය, ඇගේ පරපුරෙහි බොහෝ ජාතීන්ගේ රජවරු පහළ වන්නෝ ය”යි වදාළ සේක. එවිට ආබ්රහම් පසඟ පිහිටුවා වැඳ, මඳක් සිනහ පාමින්, “සියක් අවුරුදු පිරුණු කෙනෙකුට දරුවෙකු උපදිනු හැකි ද? අනූ අවුරුදු වයසැති, සාරා දරුවෙකු ලබන්නී දැ”යි තමාට ම කියා ගත්තේ ය.
උත්පත්ති 17:15-17 New International Version (NIV)
God also said to Abraham, “As for Sarai your wife, you are no longer to call her Sarai; her name will be Sarah. I will bless her and will surely give you a son by her. I will bless her so that she will be the mother of nations; kings of peoples will come from her.” Abraham fell facedown; he laughed and said to himself, “Will a son be born to a man a hundred years old? Will Sarah bear a child at the age of ninety?”