උත්පත්ති 15:5-6
උත්පත්ති 15:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ පිටතට ඔහු කැඳවා, “අහස දෙස ඉහළ බලා, තරු ගණින්න. සැබවින් ම ඔබට එය ගැණිය හැකි වේ ද! ඔබේ දරු පරපුරත් එසේ ම වන්නේ යැ” යි පැවසූ සේක. ආබ්රම් ස්වාමින්වහන්සේ විශ්වාස කළේ ය. එය, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ ගණන් ගත් සේක.
උත්පත්ති 15:5-6 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ඔහු පිටතට කැඳවා: අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන් කරන්නැයි කීසේක; නුඹේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක. ඔහු ස්වාමීන්වහන්සේ විශ්වාසකෙළේය; උන්වහන්සේ ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන්ගත්සේක.
උත්පත්ති 15:5-6 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ද ඔහු පිටතට රැගෙන ගොස්, “අහස දෙස බලා, හැකි නම්, ඔය තාරකා ගණන් කරන්න; නුඹේ දරු පරපුර එසේ ම වන්නේ ය”යි වදාළ සේක. ආබ්රම් ද සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් උන් වහන්සේ පිළිගත් සේක.
උත්පත්ති 15:5-6 Sinhala New Revised Version 2018 (SNRV)