උත්පත්ති 15:4-5
උත්පත්ති 15:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මෙන්න! ස්වාමින්වහන්සේගේ වචනය, ඔහු වෙත මෙසේ කියමින් පැමිණියේ ය: “ඒ මිනිසා ඔබේ උරුමකරු වන්නේ නැත. ඔබට දාව උපදින, ඔබේ ම පුතකු ඔබේ උරුමකරු වනු ඇතැ” යි පැවසී ය. උන්වහන්සේ පිටතට ඔහු කැඳවා, “අහස දෙස ඉහළ බලා, තරු ගණින්න. සැබවින් ම ඔබට එය ගැණිය හැකි වේ ද! ඔබේ දරු පරපුරත් එසේ ම වන්නේ යැ” යි පැවසූ සේක.
උත්පත්ති 15:4-5 Sinhala Revised Old Version (SROV)
එවිට ස්වාමීන්වහන්සේ ගේ වචනය ඔහු වෙතට පැමිණ: මොහු නුඹේ උරුමක්කාරයා නොවන්නේය; නුඹ තුළෙන් නික්මෙන කෙනෙක්ම නුඹේ උරුමක්කාරයා වන්නේයයි කීය. උන්වහන්සේ ඔහු පිටතට කැඳවා: අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන් කරන්නැයි කීසේක; නුඹේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක.
උත්පත්ති 15:4-5 Sinhala New Revised Version (NRSV)
එවිට සමිඳාණන් වහන්සේ නැවතත් ඔහු අමතමින්, “මෙවැන්නෙක් නුඹේ උරුමකරු නොවන්නේ ය. නුඹට දාව උපන් නුඹේ ම දරුවෙක් නුඹේ උරුමකරු වන්නේ ය”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේ ද ඔහු පිටතට රැගෙන ගොස්, “අහස දෙස බලා, හැකි නම්, ඔය තාරකා ගණන් කරන්න; නුඹේ දරු පරපුර එසේ ම වන්නේ ය”යි වදාළ සේක.
උත්පත්ති 15:4-5 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට සමිඳාණන් වහන්සේ නැවතත් ඔහු අමතමින්, “මෙවැන්නෙක් නුඹේ උරුමකරු නොවන්නේ ය. නුඹට දාව උපන් නුඹේ ම දරුවෙක් නුඹේ උරුමකරු වන්නේ ය”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේ ද ඔහු පිටතට රැගෙන ගොස්, “අහස දෙස බලා, හැකි නම්, ඔය තාරකා ගණන් කරන්න; නුඹේ දරු පරපුර එසේ ම වන්නේ ය”යි වදාළ සේක.
උත්පත්ති 15:4-5 New International Version (NIV)
Then the word of the LORD came to him: “This man will not be your heir, but a son who is your own flesh and blood will be your heir.” He took him outside and said, “Look up at the sky and count the stars—if indeed you can count them.” Then he said to him, “So shall your offspring be.”