උත්පත්ති 15:17-21
උත්පත්ති 15:17-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හිරු අවරට ගොස්, අඳුරු වැටුණු පසු, මෙන්න, දුම් දමන ගිනි කබලක් හා ඇවිළෙන ගිනි හුළක් සත්ව පළු දෙපෙළ මැදින් ගියේ ය. ඒ දවසේ ස්වාමින්වහන්සේ ආබ්රම් සමඟ ගිවිසුමක් කළ සේක්, මෙසේ පැවසූ සේක: “ඔබෙන් පැවතෙන්නන්ට මම මේ දේශය දෙන්නෙමි. ඊජිප්තු ගංගාවේ සිට යුප්රටීස් මහ ගංගාව තෙක් වූ කේනිවරුන්ගේ ද කෙනිස්සිවරුන්ගේ ද කද්මොනිවරුන්ගේ ද හිත්තිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද රෙෆායිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද කානානිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද යෙබූසිවරුන්ගේ ද දේශය මම ඔවුන්ට දෙන්නෙමි.”
උත්පත්ති 15:17-21 Sinhala Revised Old Version (SROV)
තවද ඉර බැස අඳුරුවූ කල, බලව, දුම් නගින උදුනක්ද ඒ පළු මැදින් යන්නාවූ දැල්වෙන ගිනිහුලක්ද පෙනුණේය. ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ආබ්රම් සමඟ ගිවිසුමක් කරමින්: මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම්, ප්රාත් ගංගාව දක්වා තිබෙන්නාවූ කේනිවරුන්ද කෙනිස්සිවරුන්ද, කද්මොනිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද රෙඵාවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද ගිර්ගාෂිවරුන්ද යෙබූසිවරුන්ද සන්තක මේ දේශය නුඹේ වංශයට දුනිමියි කීසේක.
උත්පත්ති 15:17-21 Sinhala New Revised Version (NRSV)
තවද, ඉර බැස යයි; අඳුර පැමිණෙයි; දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නඟින උදුනක් ද, දිළිසෙන ගිනි හුළක් ද, පෙනේ. ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්රටීස් මහ ගංගාව දක්වා කේනිවරුන් හා කෙනිස්සිවරුන් ද, කද්මොනිවරුන් හා හිත්තීවරුන් ද, පෙරිස්සිවරුන් හා රෙපාවරුන් ද, අමෝරිවරුන් හා කානානිවරුන් ද, ගිර්ගාෂිවරුන් හා ජෙබුසිවරුන් ද සතු මේ දේශය නුඹේ පෙළපතට මම දෙමි”යි වදාළ සේක.
උත්පත්ති 15:17-21 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, ඉර බැස යයි; අඳුර පැමිණෙයි; දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නඟින උදුනක් ද, දිළිසෙන ගිනි හුළක් ද, පෙනේ. ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්රටීස් මහ ගංගාව දක්වා කේනිවරුන් හා කෙනිස්සිවරුන් ද, කද්මොනිවරුන් හා හිත්තීවරුන් ද, පෙරිස්සිවරුන් හා රෙපාවරුන් ද, අමෝරිවරුන් හා කානානිවරුන් ද, ගිර්ගාෂිවරුන් හා ජෙබුසිවරුන් ද සතු මේ දේශය නුඹේ පෙළපතට මම දෙමි”යි වදාළ සේක.
උත්පත්ති 15:17-21 New International Version (NIV)
When the sun had set and darkness had fallen, a smoking firepot with a blazing torch appeared and passed between the pieces. On that day the LORD made a covenant with Abram and said, “To your descendants I give this land, from the Wadi of Egypt to the great river, the Euphrates— the land of the Kenites, Kenizzites, Kadmonites, Hittites, Perizzites, Rephaites, Amorites, Canaanites, Girgashites and Jebusites.”