උත්පත්ති 15:1-4
උත්පත්ති 15:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මින් අනතුරුව ස්වාමින්වහන්සේගේ වචනය, දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණියේ ය: “භය නො වන්න ආබ්‍රම්, ඔබේ පලිහ මමයි; ඔබේ ත්‍යාගය ද අති මහත් ය.” එහෙත් ආබ්‍රම් කතා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, තවම දරුවකු නැතිව සිටින මට කුමක් ඔබ දෙන සේක් ද? මා සතු වස්තුවට උරුමකරුවා වනු ඇත්තේ, දමස්කයේ එලියේසර්” යැයි පැවසී ය. ආබ්‍රම් යළිත්, “ඔබවහන්සේ මට දරුවකු දී නැති නිසා, මගේ උරුමකරු වනු ඇත්තේ මගේ ගෙදර මෙහෙකරුවෙකි” යි ද කීවේ ය. එවිට මෙන්න! ස්වාමින්වහන්සේගේ වචනය, ඔහු වෙත මෙසේ කියමින් පැමිණියේ ය: “ඒ මිනිසා ඔබේ උරුමකරු වන්නේ නැත. ඔබට දාව උපදින, ඔබේ ම පුතකු ඔබේ උරුමකරු වනු ඇතැ” යි පැවසී ය.
උත්පත්ති 15:1-4 Sinhala Revised Old Version (SROV)
මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේ ගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක. ආබ්‍රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය. ආබ්‍රම්ද: බැලුව මැනව, ඔබවහන්සේ මට කිසි දරුවෙකු නුදුන්සේක; මාගේ ගෙදර උපන් කෙනෙක් මාගේ උරුමක්කාරයායයි කීය. එවිට ස්වාමීන්වහන්සේ ගේ වචනය ඔහු වෙතට පැමිණ: මොහු නුඹේ උරුමක්කාරයා නොවන්නේය; නුඹ තුළෙන් නික්මෙන කෙනෙක්ම නුඹේ උරුමක්කාරයා වන්නේයයි කීය.
උත්පත්ති 15:1-4 Sinhala New Revised Version (NRSV)
කලකට පසු සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, පණිවුඩයක් දෙමින්, “ආබ්‍රම්, බිය නොවන්න; නුඹ රක්නා පලිහ මම ය; නුඹේ වාසනාව අතිවිසල් ය”යි වදාළ සේක. එහෙත්, ආබ්‍රම් උත්තර දෙමින්, “මහෝත්තම දෙවි ස්වාමීනි, දරුවෙකු නැති මට, ඔබ වෙන කුමක් දුන්නත් කුමන පලක් ද? මාගේ උරුමකරු දමස්කස්හි එලියේසර් වන මොහු ය. ඔබ මට දරුසම්පත් දී නැත. එබැවින් මාගේ ගෙදර උපන් වහලෙක් මාගේ උරුමකරු වන්නේ ය”යි කී ය. එවිට සමිඳාණන් වහන්සේ නැවතත් ඔහු අමතමින්, “මෙවැන්නෙක් නුඹේ උරුමකරු නොවන්නේ ය. නුඹට දාව උපන් නුඹේ ම දරුවෙක් නුඹේ උරුමකරු වන්නේ ය”යි වදාළ සේක.
උත්පත්ති 15:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
කලකට පසු සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, පණිවුඩයක් දෙමින්, “ආබ්‍රම්, බිය නොවන්න; නුඹ රක්නා පලිහ මම ය; නුඹේ වාසනාව අතිවිසල් ය”යි වදාළ සේක. එහෙත්, ආබ්‍රම් උත්තර දෙමින්, “මහෝත්තම දෙවි ස්වාමීනි, දරුවෙකු නැති මට, ඔබ වෙන කුමක් දුන්නත් කුමන පලක් ද? මාගේ උරුමකරු දමස්කස්හි එලියේසර් වන මොහු ය. ඔබ මට දරුසම්පත් දී නැත. එබැවින් මාගේ ගෙදර උපන් වහලෙක් මාගේ උරුමකරු වන්නේ ය”යි කී ය. එවිට සමිඳාණන් වහන්සේ නැවතත් ඔහු අමතමින්, “මෙවැන්නෙක් නුඹේ උරුමකරු නොවන්නේ ය. නුඹට දාව උපන් නුඹේ ම දරුවෙක් නුඹේ උරුමකරු වන්නේ ය”යි වදාළ සේක.
උත්පත්ති 15:1-4 New International Version (NIV)
After this, the word of the LORD came to Abram in a vision: “Do not be afraid, Abram. I am your shield, your very great reward.” But Abram said, “Sovereign LORD, what can you give me since I remain childless and the one who will inherit my estate is Eliezer of Damascus?” And Abram said, “You have given me no children; so a servant in my household will be my heir.” Then the word of the LORD came to him: “This man will not be your heir, but a son who is your own flesh and blood will be your heir.”