උත්පත්ති 14:10-22
උත්පත්ති 14:10-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද සිද්දීම් මිටියාවත, කීල් පතල්වලින් ගහන ව තිබිණි. සොදොම් හා ගොමොරා රජුන් පැරදී, පලා යද්දී, ඇතැම් දෙනෙක් ඒවායේ වැටුණහ. සෙස්සෝ කඳුකරයට පලා ගියහ. සොදොම් හා ගොමොරාහි සියලු බඩු භාණ්ඩ ද ඔවුන්ගේ සියලු ආහාර ද අල්ලා ගත් රජවරු සිවු දෙන ඉන් අනතුරුව පිටත් ව ගියහ. ආබ්‍රම්ගේ සහෝදරයාගේ පුතා වූ ලොත් සොදොම්හි විසූ හෙයින් ඔවුහු, ඔහු ද ඔහු සතු ව තිබූ දෑ ද ගෙන ගියහ. බේරී පලා ආ කෙනෙක්, එම පුවත හෙබ්‍රෙව්වා වූ ආබ්‍රම්ට සැල කළේ ය. මෙකල ආබ්‍රම් පදිංචි ව සිටියේ, අමෝරි ජාතික මම්රේගේ ආලෝන් වෘක්ෂ අසල ය. මම්රේ, එෂ්කොල් හා ආනේර්ගේ සොහොයුරා ය. ඔවුන් ආබ්‍රම් සමඟ ගිවිසුමෙන් බැඳුනවුන් ය. තම නෑයා සිරකොට, අල්ලාගෙන යන ලද වග ඇසූ ආබ්‍රම්, තම නිවසේ උපන්, යුද පුහුණුව ලද මිනිසුන් තුන්සිය දහඅට දෙනා රැස් කර ගෙන, දාන් දක්වා සතුරන් ලුහුබැන්දේ ය. සතුරනට පහර දෙන පිණිස රාත්‍රියේදී තම පිරිස කාණ්ඩවලට බෙදූ ආබ්‍රම්, සතුරන් පලවා හැරියේ දමස්කයට උතුරින් හෝබා දක්වා ඔවුන් ලුහුබඳිමිනි. ගෙන ගොස් තිබූ බඩු භාණ්ඩ සියල්ල ආපසු ගත් ආබ්‍රම්, තම නෑයා වූ ලොත් ද ඔහු සතු දෑ ද ස්ත්‍රීන් හා සෙසු ජනයා ද ආපසු ගෙන ආවේ ය. ආබ්‍රම්, කෙදොර්-ලායොමෙර් ද ඔහුගේ පක්ෂය ගත් රජුන් ද පරදා, ආපසු පැමිණි කල, සොදොම් රජු ෂාවේ මිටියාවත හෙවත් රජුගේ මිටියාවතේදී ඔහු හමුවට පිටත් ව ආවේ ය. එකල සාලෙම්හි රජු වූ මෙල්කිසදෙක්, රොටි හා මිදි යුෂ ගෙනාවේ ය. ඔහු මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය. ඔහු ආබ්‍රම්ට ආශිර්වාද කරමින්, “අහසෙත්, පොළොවෙත් මැවුම්කරුවාණන් වූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශිර්වාද ලැබේවා! ඔබගේ සතුරන් ඔබගේ අතට දුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා!” යි පැවසී ය. එවිට ආබ්‍රම්, හැම දෙයින් ම දසයෙන් කොටසක් ඔහුට දුන්නේ ය. සොදොම් රජු ආබ්‍රම් අමතමින්, “ජනයා මට දෙන්න. බඩු භාණ්ඩ ඔබ ම ගන්නැ” යි කීවේ ය. එහෙත් ආබ්‍රම්, සොදොම් රජුට පිළිතුරු දෙමින්, “අහසෙත්, පොළොවෙත් මැවුම්කරුවාණන් වූ මහෝත්තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මගේ අත ඔසවා, මා දිවුරා ඇත්තේ
උත්පත්ති 14:10-22 Sinhala Revised Old Version (SROV)
සිද්දීම් මිටියාවත වනාහි කීල් වළවලින් පිරී තිබුණේය; සොදොම සහ ගොමොරාහි රජවරු පලාගොස් එහි වැටුණෝය, ඉතිරි අය කන්දට පලාගියෝය. එකල ඔව්හු සොදොම සහ ගොමොරාහි සියලු සම්පත්ද ඔවුන්ගේ සියලු ආහාරද රැගෙන ගියෝය. ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ සහෝදරයාගේ පුත්වූ ලොත් සහ ඔහුගේ සම්පත්ද රැගෙන ගියෝය. එවිට ගැළවී ගිය කෙනෙක් ඇවිත් හෙබ්‍රෙව්වාවූ ආබ්‍රම්ට දැන්විය. හෙතෙම වනාහි එෂ්කොල්ගේ සහෝදරයාද අනෙර්ගේ සහෝදරයාදවූ අමෝරිය මම්රේගේ ආලෝන් ගස් ළඟ වාසයකෙළේය. මොව්හු ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරගෙන සිටියෝය. ආබ්‍රම් තමාගේ සහෝදරයා අල්වාගෙන ගිය බව ඇසූ කල තමාගේ ගෙයි උපන්නාවූ පුරුදුකරනු ලැබූ ස්වකීය මිනිසුන් තුන්සිය දසඅට දෙනෙකු රැගෙන දාන් දක්වා ලුහුබැඳ ගියේය. තවද ඔහුත් ඔහුගේ මෙහෙකරුවොත් රාත්‍රියෙහි ඔවුන්ට විරුද්ධව බෙදී, ඔවුන්ට පහරදී, දමස්කයට වම් පැත්තෙහි වූ හෝබා දක්වා ලුහුබැඳ ගොස් සියලු සම්පත් ආපසු ගෙනාවෝය. ඔහු තම සහෝදරවූ ලොත් සහ ඔහුගේ සම්පත්ද ස්ත්‍රීන්ද සෙනඟද ආපසු ගෙනායේය. ඔහු කෙදොර්-ලායොමෙර් සහ ඔහු සමඟ සිටිය රජුන් මරා ආ කල්හි සොදොම්හි රජතෙම ඔහු සම්මුඛවන පිණිස ෂාවේ මිටියාවතට (එනම් රජුගේ මිටියාවතට) පිටත්ව ගියේය. සාලෙම්හි රජවූ මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය. ඔහු ආබ්‍රම්ට ආශීර්වාදකොට: අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශීර්වාද වේවා; නුඹේ සතුරන් නුඹේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවයි කීය. ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. සොදොම්හි රජද ආබ්‍රම්ට කථාකොට: මිනිසුන් මට දියන්න, සම්පත් නුඹටම ගනින්නැයි කීය. ආබ්‍රම් සොදොම්හි රජුට කථාකොට: මම ආබ්‍රම් පොහොසත්කෙළෙමියි නුඹ නොකියන පිණිස යෞවනයන් කෑ දේ සහ මා සමඟ ගියාවූ මිනිසුන්ගේ කොටස හැර
උත්පත්ති 14:10-22 Sinhala New Revised Version (NRSV)
තවද, සිද්දීම් මිටියාවතෙහි බොහෝ කීල් පතල් තිබිණි. සොදොම් හා ගොමොරාහි රජවරු පලා ගොස්, ඒවායේ වැටුණාහ. සෙස්සෝ කඳුකරයට පලා ගියහ. ජයග්‍රාහි රජවරු සොදොම් සහ ගොමොරාහි ධනසම්පත් ද, ඔවුන්ගේ ආහාර පාන ද රැගෙන යන්න ගියහ. මෙසේ යන විට ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ බෑණා වන ලොත් සහ ඔහුගේ වස්තුවත් රැගෙන ගියහ. එහෙත් ඔවුන්ගෙන් ගැළවී පැමිණි කෙනෙක් හෙබ්‍රෙව් ජාතික ආබ්‍රම්ට සියල්ල සැළ කෙළේ ය. එකල ආබ්‍රම් පදිංචි වී සිටියේ එෂ්කොල්ගේ හා අනෙර්ගේ සහෝදරයා වූ, අමෝරිය ජාතික මම්රේගේ ආලෝන අරඹ සමීපයේ ය. මොවුහු දෙදෙන ආබ්‍රම් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගෙන සිටියහ. ආබ්‍රම් ද සිය ඥාතිවරයා සිරකරුවෙකු ලෙස අල්ලාගෙන ගිය බව ඇසූ විට, ඔහු සිය කඳවුරේ ම උපන් යුද්ධ පුහුණුව ලත් සේවකයන් තුන්සිය දහඅටදෙනෙකු රැගෙන, දාන් දක්වා සතුරන් ලුහුබැඳ ගියේය. එහි දී ඔහුගේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී රාත්‍රි කාලයේ සතුරන්ට පහර දී ඔවුන් පරාජය කළහ. මෙසේ පරාජය කොට දමස්කස් නුවරට උතුරින් පිහිටි හෝබා දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. තවද, ආබ්‍රම් සියලු වස්තුව ද තම ඥාතිවර ලොත් ද ඔහුගේ ධන සම්පත ද ස්ත්‍රීන් හා අල්ලාගත් සෙනඟ ද ආපසු ගෙනාවේ ය. සොදොම්හි රජ තෙමේ ආබ්‍රම් කෙදොර්-ලායොමෙර් හා මොහුගේ මිත්‍රපාක්ෂික රජවරුන් ද පරාජය කර ආපසු පැමිණි විට, ‘රාජකීය දෙණිය’ නම් වූ ෂාවේ මිටියාවතට ඔහු හමුවීම පිණිස ගියේය. තවද, සාලෙම්හි රජ වූ පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජක වූ මෙල්කිසෙදෙක් රොටි සහ මිදියුස ගෙනැවිත් ඔහුට ආශීර්වාද කරමින්, “අහසත්, පොළොවත් මවා වදාළ පරමෝත්තම දෙවියන් වහන්සේ ආබ්‍රම්ට ආශීර්වාද කරන සේක් වා! ඔබේ සතුරන්, ඔබ අතට පාවා දුන් පරමෝත්තම දෙවියන් වහන්සේට තුති පැසසුම් වේ වා!”යි කීවේ ය. ආබ්‍රම් ද සියල්ලෙන් දසයෙන් එක ඔහුට දුන්නේ ය. එවිට සොදොම්හි රජ ආබ්‍රම්ට කතා කොට, “ධනසම්පත් ඔබට තබාගන්න. මාගේ සෙනඟ පමණක් මට දෙන්නැ”යි කී ය. එහෙත්, ආබ්‍රම් රජුට පිළිතුරු දෙමින්, “අහසත්, පොළොවත් මවා වදාළ, පරමෝත්තම දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම දිවුරා කියමි
උත්පත්ති 14:10-22 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, සිද්දීම් මිටියාවතෙහි බොහෝ කීල් පතල් තිබිණි. සොදොම් හා ගොමොරාහි රජවරු පලා ගොස්, ඒවායේ වැටුණාහ. සෙස්සෝ කඳුකරයට පලා ගියහ. ජයග්‍රාහි රජවරු සොදොම් සහ ගොමොරාහි ධනසම්පත් ද, ඔවුන්ගේ ආහාර පාන ද රැගෙන යන්න ගියහ. මෙසේ යන විට ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ බෑණා වන ලොත් සහ ඔහුගේ වස්තුවත් රැගෙන ගියහ. එහෙත් ඔවුන්ගෙන් ගැළවී පැමිණි කෙනෙක් හෙබ්‍රෙව් ජාතික ආබ්‍රම්ට සියල්ල සැළ කෙළේ ය. එකල ආබ්‍රම් පදිංචි වී සිටියේ එෂ්කොල්ගේ හා අනෙර්ගේ සහෝදරයා වූ, අමෝරිය ජාතික මම්රේගේ ආලෝන අරඹ සමීපයේ ය. මොවුහු දෙදෙන ආබ්‍රම් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගෙන සිටියහ. ආබ්‍රම් ද සිය ඥාතිවරයා සිරකරුවෙකු ලෙස අල්ලාගෙන ගිය බව ඇසූ විට, ඔහු සිය කඳවුරේ ම උපන් යුද්ධ පුහුණුව ලත් සේවකයන් තුන්සිය දහඅටදෙනෙකු රැගෙන, දාන් දක්වා සතුරන් ලුහුබැඳ ගියේය. එහි දී ඔහුගේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී රාත්‍රි කාලයේ සතුරන්ට පහර දී ඔවුන් පරාජය කළහ. මෙසේ පරාජය කොට දමස්කස් නුවරට උතුරින් පිහිටි හෝබා දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. තවද, ආබ්‍රම් සියලු වස්තුව ද තම ඥාතිවර ලොත් ද ඔහුගේ ධන සම්පත ද ස්ත්‍රීන් හා අල්ලාගත් සෙනඟ ද ආපසු ගෙනාවේ ය. සොදොම්හි රජ තෙමේ ආබ්‍රම් කෙදොර්-ලායොමෙර් හා මොහුගේ මිත්‍රපාක්ෂික රජවරුන් ද පරාජය කර ආපසු පැමිණි විට, ‘රාජකීය දෙණිය’ නම් වූ ෂාවේ මිටියාවතට ඔහු හමුවීම පිණිස ගියේය. තවද, සාලෙම්හි රජ වූ පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජක වූ මෙල්කිසෙදෙක් පූප සහ මිදියුස ගෙනැවිත් ඔහුට ආශීර්වාද කරමින්, “අහසත්, පොළොවත් මවා වදාළ පරමෝත්තම දෙවියන් වහන්සේ ආබ්‍රම්ට ආශීර්වාද කරන සේක් වා! ඔබේ සතුරන්, ඔබ අතට පාවා දුන් පරමෝත්තම දෙවියන් වහන්සේට තුති පැසසුම් වේ වා!”යි කීවේ ය. ආබ්‍රම් ද සියල්ලෙන් දසයෙන් එක ඔහුට දුන්නේ ය. එවිට සොදොම්හි රජ ආබ්‍රම්ට කතා කොට, “ධනසම්පත් ඔබට තබාගන්න. මාගේ සෙනඟ පමණක් මට දෙන්නැ”යි කී ය. එහෙත්, ආබ්‍රම් රජුට පිළිතුරු දෙමින්, “අහසත්, පොළොවත් මවා වදාළ, පරමෝත්තම දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම දිවුරා කියමි
උත්පත්ති 14:10-22 New International Version (NIV)
Now the Valley of Siddim was full of tar pits, and when the kings of Sodom and Gomorrah fled, some of the men fell into them and the rest fled to the hills. The four kings seized all the goods of Sodom and Gomorrah and all their food; then they went away. They also carried off Abram’s nephew Lot and his possessions, since he was living in Sodom. A man who had escaped came and reported this to Abram the Hebrew. Now Abram was living near the great trees of Mamre the Amorite, a brother of Eshkol and Aner, all of whom were allied with Abram. When Abram heard that his relative had been taken captive, he called out the 318 trained men born in his household and went in pursuit as far as Dan. During the night Abram divided his men to attack them and he routed them, pursuing them as far as Hobah, north of Damascus. He recovered all the goods and brought back his relative Lot and his possessions, together with the women and the other people. After Abram returned from defeating Kedorlaomer and the kings allied with him, the king of Sodom came out to meet him in the Valley of Shaveh (that is, the King’s Valley). Then Melchizedek king of Salem brought out bread and wine. He was priest of God Most High, and he blessed Abram, saying, “Blessed be Abram by God Most High, Creator of heaven and earth. And praise be to God Most High, who delivered your enemies into your hand.” Then Abram gave him a tenth of everything. The king of Sodom said to Abram, “Give me the people and keep the goods for yourself.” But Abram said to the king of Sodom, “With raised hand I have sworn an oath to the LORD, God Most High, Creator of heaven and earth