උත්පත්ති 13:10-12
උත්පත්ති 13:10-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ලොත් නෙත් ඔසවා බැලී ය. සමස්ත යොර්දාන් තැන්න මනා ජල සම්පතින් යුතු ව, සොවර් දක්වා ම ස්වාමින්වහන්සේගේ උයන මෙන් ද ඊජිප්තු දේශය මෙන් ද තිබෙනු ඔහු දැක්කේ ය. (ඒ, ස්වාමින්වහන්සේ සොදොම හා ගොමොරාව විනාශ කර දැමීමට කලිනි.) එබැවින් ලොත් සමස්ත යොර්දාන් තැන්න තමාට තෝරා ගෙන, නැගෙනහිර දෙසට පිටත් විය. මෙසේ ඔවුහු එකිනෙකාගෙන් වෙන් වූහ. ආබ්රම් කානාන් දේශයෙහි පදිංචි විය. ලොත් යොර්දාන් තැන්නේ නගර අතර වෙසෙමින්, සොදොම සමීපයෙහි තම කූඩාරම් ගසා ගත්තේ ය.
උත්පත්ති 13:10-12 Sinhala Revised Old Version (SROV)
ලොත් ඇස් ඔසවා බලා යොර්දානේ මුළු සමභූමිය හැම තැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. ස්වාමීන්වහන්සේ සොදොම සහ ගොමොරා විනාශකරන්ට පළමුවෙන් ඒක ශොවර් දෙසට ස්වාමීන්වහන්සේ ගේ උයන මෙන්ද මිසර දේශය මෙන්ද වූයේය. එවිට ලොත් යොර්දානේ මුළු සමභූමිය තෝරාගෙන නැගෙනහිර දිසාවට ගමන්කෙළේය. මෙසේ ඔව්හු තම තමන් කෙරෙන් වෙන්වූවෝය. ආබ්රම් කානාන් දේශයෙහි වාසය කෙළේය, ලොත් සමභූමියෙහි නුවරවල වාසය කරමින් තමාගේ කූඩාරම සොදොම දක්වා ගෙනගියේය.
උත්පත්ති 13:10-12 Sinhala New Revised Version (NRSV)
ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය. එබැවින් ලොත් තමාට මුළු ජොර්දාන් තැනිතලාව ම තෝරාගෙන නැගෙනහිර දෙසට ගියේ ය; ඒ දෙදෙනා මෙලෙස එකිනෙකාගෙන් වෙන් වූ හ. ආබ්රම් කානාන් දේශයෙහි පදිංචි විය. ලොත් තැනිතලාවේ නගර අතර පදිංචි වී සොදොම් නගරය අසල කඳවුරු බැන්දේ ය.
උත්පත්ති 13:10-12 Sinhala New Revised Version 2018 (SNRV)
ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය. එබැවින් ලොත් තමාට මුළු ජොර්දාන් තැනිතලාව ම තෝරාගෙන නැගෙනහිර දෙසට ගියේ ය; ඒ දෙදෙනා මෙලෙස එකිනෙකාගෙන් වෙන් වූ හ. ආබ්රම් කානාන් දේශයෙහි පදිංචි විය. ලොත් තැනිතලාවේ නගර අතර පදිංචි වී සොදොම් නගරය අසල කඳවුරු බැන්දේ ය.
උත්පත්ති 13:10-12 New International Version (NIV)
Lot looked around and saw that the whole plain of the Jordan toward Zoar was well watered, like the garden of the LORD, like the land of Egypt. (This was before the LORD destroyed Sodom and Gomorrah.) So Lot chose for himself the whole plain of the Jordan and set out toward the east. The two men parted company: Abram lived in the land of Canaan, while Lot lived among the cities of the plain and pitched his tents near Sodom.