උත්පත්ති 1:8-22
උත්පත්ති 1:8-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ අවකාශය, අහස යැයි හැඳින් වූ සේක. සවස විය; උදය විය. ඒ දෙවන දවස ය. ඉන්පසු දෙවියන්වහන්සේ, “අහසින් යට ජලය එක් තැනකට එක් රැස්වනු; ගොඩ බිම මතු වනු” යි කී සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ ගොඩ බිම, පොළොව යනුවෙන් ද රැස් වූ ජලය, සයුර යනුවෙන් ද හැඳින් වූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. ඉන්පසු දෙවියන්වහන්සේ, “පොළොව පිට ශාක ද බීජ දරන පැළෑටි හා ඒ ඒ වර්ගයේ බීජ සහිත ව පල හටගන්නා තුරු-ලතා ද පොළොව හට ගන්වනු” යි කී සේක; ඒ එසේ ම විය. මෙසේ පොළොව, ඒ ඒ වර්ගයේ බීජ දරන පැළෑටි ද බීජ සහිත ව පල හටගන්නා ඒ ඒ වර්ගයේ තුරු-ලතා ද හට ගැන්වී ය. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. සවස විය; උදය විය. ඒ තුන් වන දවස ය. ඉන්පසු දෙවියන්වහන්සේ, “දහවල හා රැය වෙන් කරන පිණිස, අහස් කුස ආලෝක වස්තු පිහිටනු; ඒවා සෘතු ද දවස් හා අවුරුදු ද හඟවන ලකුණු වෙත්වා! ඒවා පොළොවට එළිය දීමට අහස් කුස ආලෝක වස්තු වෙත්වා!” යි කී සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ මහත් ආලෝක වස්තු දෙක සෑදූ සේක. විසල් ආලෝක වස්තුව දහවල මෙහෙයවීම සඳහා ය. කුඩා ආලෝක වස්තුව රැය මෙහෙයවීම සඳහා ය. උන්වහන්සේ තාරකා ද සෑදූ සේක. දෙවියන්වහන්සේ මෙම ආලෝක වස්තු අහස් කුස ස්ථාපන කළේ, පොළොවට ආලෝකය දීමටත්, දහවල හා රාත්‍රිය මෙහෙය වීමටත්, අන්ධකාරයෙන් ආලෝකය වෙන් කිරීමටත් ය. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. සවස විය; උදය විය. ඒ සිවු වන දවස ය. ඉන්පසු දෙවියන්වහන්සේ, “ජලය, එහි වෙසෙන ජීවීන් සුලබ ව රෑන් රෑන් හට ගන්වනු; පක්ෂීන් පොළොවට ඉහළ අහස් කුස හරහා පියඹා යනු” යි කී සේක. මෙසේ දෙවියන්වහන්සේ දැවැන්ත මුහුදු සත්වයින් ද ජලයෙහි සුලබ ඒ ඒ වර්ගයට අනුව නන් වැදෑරුම් ජලජ ජීවීන් ද ඒ ඒ වර්ගයට අනුව නන් වැදෑරුම් පියාසර පක්ෂීන් ද මැවූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. දෙවියන්වහන්සේ උන්ට ආශිර්වාද කර, “සඵල ව, බෝ වී, මුහුදු ජලය පුරා පැතිරෙනු; පක්ෂීන් ද පොළෝ තලේ බෝ වනු” යි කී සේක.
උත්පත්ති 1:8-22 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ අවකාශයට අහසය කියා නම් තැබූසේක. සවස විය, උදය විය. ඒ දෙවෙනි දවසක්ය. දෙවියන්වහන්සේ: අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා, වියළි බිම පෙනේවයි කීසේක. ඒ එසේ විය. දෙවියන්වහන්සේ: වියළි බිමට පොළොවය කියාද රැස්වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන්වහන්සේ: පොළොව වනාහි තෘණද බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස ඵල දරන බීජ සහිත ඵල වෘක්ෂද පොළොව පිට හටගන්වාවයි කීසේක. ඒ එසේ විය. තෘණද ඒ ඒ වර්ග ලෙස බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස බීජ සහිත ඵලදරන වෘක්ෂද පොළොවෙන් හටගත්තේය. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. සවස විය, උදය විය, ඒ තුන්වෙනි දවසක්ය. දෙවියන්වහන්සේ: රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා, ඒවා ලකුණු පිණිසද සෘතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා, පොළොවට එළිය දීමට ඒවා අහස්තලයෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය. දෙවියන්වහන්සේ මහත් ආලෝක දෙක සෑදූසේක; වඩා මහත් ආලෝකය දිවාභාගය කෙරෙහි අධිපතිකම්කරන පිණිසය, කුඩා ආලෝකය රාත්‍රි භාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. උන්වහන්සේ තාරකාද සෑදූසේක. පොළොවට එළිය දෙන පිණිසත් දවාල කෙරෙහිද රාත්‍රිය කෙරෙහිද අධිපතිකම් කරන පිණිසත් අන්ධකාරයෙන් එළිය වෙන්කරන පිණිසත් දෙවියන්වහන්සේ ඒවා අහස්තලයෙහි තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. සවස විය, උදය විය, ඒ සතරවෙනි දවසක්ය. දෙවියන්වහන්සේ: ජලය වනාහි එහි හැසිරෙන ජීවමාන සත්වයන් බොහෝකොට හටගන්වාවා, පක්ෂීහු පොළොවට උඩින් ආකාශ කුක්ෂියෙහි පියාසරකෙරෙත්වායි කීසේක. තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ගලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන්වහන්සේ උන්ට ආශීර්වාදකොට: නුඹලා සඵලව බෝවෙමින් මුහුදු ජලය පුරා පැතිර සිටිව්, පක්ෂීහුද පොළොවෙහි බෝවෙත්වයි කීසේක.
උත්පත්ති 1:8-22 Sinhala New Revised Version (NRSV)
අහස් කුසට “අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක. එවිට දෙවියන් වහන්සේ, “බීජ උපදවන ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැනේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ තුන් වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත්, දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේ වා!” කියා ද, “පොළොවට එළිය දීමට ඒවා අහසෙහි බැබළේ වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක්, එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකය ද, රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකය ද සෑදූ සේක; තාරකා ද සෑදූ සේක. දෙවියන් වහන්සේ මේ අලෝකයන් අහසේ තැබුවේ පොළොවට ආලෝකය දීම සඳහාත්, දවාල හා රාත්‍රිය පාලනය කිරීම සඳහාත්, අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාත් ය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සතර වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය, අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේවා!” කියා ද, “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන් ද ඔබමොබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන් ද නන් වැදෑරුම් පක්ෂීන් ද මැවූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. තවද, දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “බෝ වී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත් වා!” කියා ද, “පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියා ද පැවසූ සේක.
උත්පත්ති 1:8-22 Sinhala New Revised Version 2018 (SNRV)
අහස් කුසට “අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය යහපත් බව උන් වහන්සේ දුටු සේක. එවිට දෙවියන් වහන්සේ, “බීජ උපදවන ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැනේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය යහපත් බව දෙවියන් වහන්සේ දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ තුන් වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත්, දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේ වා!” කියා ද, “පොළොවට එළිය දීමට ඒවා අහසෙහි බැබළේ වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක්, එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකය ද, රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකය ද සෑදූ සේක; තාරකා ද සෑදූ සේක. දෙවියන් වහන්සේ මේ අලෝකයන් අහසේ තැබුවේ පොළොවට ආලෝකය දීම සඳහාත්, දවාල හා රාත්‍රිය පාලනය කිරීම සඳහාත්, අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාත් ය. එය යහපත් බව දෙවියන් වහන්සේ දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සතර වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය, අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේ වා!” කියා ද, “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන් ද ඔබමොබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන් ද නන් වැදෑරුම් පක්ෂීන් ද මැවූ සේක. එය යහපත් බව දෙවියන් වහන්සේ දුටු සේක. තවද, දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “බෝ වී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත් වා!” කියා ද, “පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියා ද පැවසූ සේක.
උත්පත්ති 1:8-22 New International Version (NIV)
God called the vault “sky.” And there was evening, and there was morning—the second day. And God said, “Let the water under the sky be gathered to one place, and let dry ground appear.” And it was so. God called the dry ground “land,” and the gathered waters he called “seas.” And God saw that it was good. Then God said, “Let the land produce vegetation: seed-bearing plants and trees on the land that bear fruit with seed in it, according to their various kinds.” And it was so. The land produced vegetation: plants bearing seed according to their kinds and trees bearing fruit with seed in it according to their kinds. And God saw that it was good. And there was evening, and there was morning—the third day. And God said, “Let there be lights in the vault of the sky to separate the day from the night, and let them serve as signs to mark sacred times, and days and years, and let them be lights in the vault of the sky to give light on the earth.” And it was so. God made two great lights—the greater light to govern the day and the lesser light to govern the night. He also made the stars. God set them in the vault of the sky to give light on the earth, to govern the day and the night, and to separate light from darkness. And God saw that it was good. And there was evening, and there was morning—the fourth day. And God said, “Let the water teem with living creatures, and let birds fly above the earth across the vault of the sky.” So God created the great creatures of the sea and every living thing with which the water teems and that moves about in it, according to their kinds, and every winged bird according to its kind. And God saw that it was good. God blessed them and said, “Be fruitful and increase in number and fill the water in the seas, and let the birds increase on the earth.”