බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

උත්පත්ති 1:26-30 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

උත්පත්ති 1:26-30 SROV (Sinhala Revised Old Version)

තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක. දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක. තවද දෙවියන්වහන්සේ: බලව, මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි; එය නුඹලාට ආහාර පිණිස වන්නේය. පොළොවේ සියලු මෘගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමියි කීසේක. ඒ එසේ විය.

බෙදාගන්න
උත්පත්ති 1 SROV

උත්පත්ති 1:26-30 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු දෙවියන්වහන්සේ, “අපගේ ස්වරූපය ලෙස, අප හා සමාන ව මනුෂ්‍යයා සාදමු. ඔවුහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගව-මහීෂාදීන් ද වන මෘග හා පොළොව පිට ඇදෙන උරගයන් ද පාලනය කරත්වා!” යි පැවසූ සේක. මෙසේ දෙවියන්වහන්සේ තමාගේ ම ස්වරූපය ලෙස මනුෂ්‍යයා මැවූ සේක. දෙවියන්වහන්සේගේ ම ස්වරූපය ලෙස ඔහු මැවූ සේක්, පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් මැවූ සේක. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කර, “සඵල ව, බෝ වී, පොළොව පුරා පැතිරී, එය යටත් කර ගන්න. මුහුදේ මසුන් ද අහස් පක්ෂීන් ද පොළොව පිට ඇදෙන පණ ඇතියවුන් ද පාලනය කරන්නැ” යි කී සේක. දෙවියන්වහන්සේ තවදුරටත් කතා කරමින්, “මෙන්න! මිහි පිට ඇති බීජ දරන සියලු ශාක ද බීජ සහිත ව පල දරන සියලු ගස් වැල් ද ඔබගේ ආහාර සඳහා දුනිමි. මිහි පිට වෙසෙන සියලු සතුන්ට, පොළොව පිට ඇදෙන උරගයින්ට හා අහස් පක්ෂීන්ට යන සියලු ජීවමාන සතුනට ආහාර පිණිස මම නිල්පලා දුනිමි” යි කී සේක. ඒ එසේ ම විය.

බෙදාගන්න
උත්පත්ති 1 SCV

උත්පත්ති 1:26-30 NRSV (Sinhala New Revised Version)

ඉන්පසු දෙවියන් වහන්සේ; “අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා!”යි අණ කළ සේක. දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක; දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක; පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහි ද, අහසේ පක්ෂීන් කෙරෙහි ද, පොළොවේ සැරි සරන සියලු සතුන් කෙරෙහි ද බලය පවත්වන්නැ”යි ඔවුන්ට වදාළ සේක. තවද, උන් වහන්සේ, “මුළු පොළෝ තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි ද බීජ සහිත පල දරන සියලු ගස් ද නුඹලාගේ ආහාරය පිණිස වේ වා! එහෙත්, පොළොවේ සියලු වන සතුන්ට ද අහසේ පක්ෂීන්ට ද උරගයන්ට ද සියලු ජීවමාන සතුන්ට ද ආහාර පිණිස නිල් පලා දෙමි”යි වදාළ සේක. එසේ ම විය.

බෙදාගන්න
උත්පත්ති 1 NRSV

උත්පත්ති 1:26-30 SNRV (Sinhala New Revised Version 2018)

ඉන්පසු දෙවියන් වහන්සේ; “අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේ වා!”යි අණ කළ සේක. දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක; දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක; පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහි ද, අහසේ පක්ෂීන් කෙරෙහි ද, පොළොවේ සැරි සරන සියලු සතුන් කෙරෙහි ද බලය පවත්වන්නැ”යි ඔවුන්ට වදාළ සේක. තවද, උන් වහන්සේ, “මුළු පොළෝ තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි ද බීජ සහිත පල දරන සියලු ගස් ද නුඹලාගේ ආහාරය පිණිස වේ වා! එහෙත්, පොළොවේ සියලු වන සතුන්ට ද අහසේ පක්ෂීන්ට ද උරගයන්ට ද සියලු ජීවමාන සතුන්ට ද ආහාර පිණිස නිල් පලා දෙමි”යි වදාළ සේක. එසේ ම විය.

බෙදාගන්න
උත්පත්ති 1 SNRV

උත්පත්ති 1:26-30 NIV (New International Version)

Then God said, “Let us make mankind in our image, in our likeness, so that they may rule over the fish in the sea and the birds in the sky, over the livestock and all the wild animals, and over all the creatures that move along the ground.” So God created mankind in his own image, in the image of God he created them; male and female he created them. God blessed them and said to them, “Be fruitful and increase in number; fill the earth and subdue it. Rule over the fish in the sea and the birds in the sky and over every living creature that moves on the ground.” Then God said, “I give you every seed-bearing plant on the face of the whole earth and every tree that has fruit with seed in it. They will be yours for food. And to all the beasts of the earth and all the birds in the sky and all the creatures that move along the ground—everything that has the breath of life in it—I give every green plant for food.” And it was so.

බෙදාගන්න
උත්පත්ති 1 NIV