උත්පත්ති 1:10-13
උත්පත්ති 1:10-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ ගොඩ බිම, පොළොව යනුවෙන් ද රැස් වූ ජලය, සයුර යනුවෙන් ද හැඳින් වූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. ඉන්පසු දෙවියන්වහන්සේ, “පොළොව පිට ශාක ද බීජ දරන පැළෑටි හා ඒ ඒ වර්ගයේ බීජ සහිත ව පල හටගන්නා තුරු-ලතා ද පොළොව හට ගන්වනු” යි කී සේක; ඒ එසේ ම විය. මෙසේ පොළොව, ඒ ඒ වර්ගයේ බීජ දරන පැළෑටි ද බීජ සහිත ව පල හටගන්නා ඒ ඒ වර්ගයේ තුරු-ලතා ද හට ගැන්වී ය. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. සවස විය; උදය විය. ඒ තුන් වන දවස ය.
උත්පත්ති 1:10-13 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ: වියළි බිමට පොළොවය කියාද රැස්වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන්වහන්සේ: පොළොව වනාහි තෘණද බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස ඵල දරන බීජ සහිත ඵල වෘක්ෂද පොළොව පිට හටගන්වාවයි කීසේක. ඒ එසේ විය. තෘණද ඒ ඒ වර්ග ලෙස බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස බීජ සහිත ඵලදරන වෘක්ෂද පොළොවෙන් හටගත්තේය. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. සවස විය, උදය විය, ඒ තුන්වෙනි දවසක්ය.
උත්පත්ති 1:10-13 Sinhala New Revised Version (NRSV)
ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක. එවිට දෙවියන් වහන්සේ, “බීජ උපදවන ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැනේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ තුන් වන දවස ය.
උත්පත්ති 1:10-13 Sinhala New Revised Version 2018 (SNRV)
ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය යහපත් බව උන් වහන්සේ දුටු සේක. එවිට දෙවියන් වහන්සේ, “බීජ උපදවන ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැනේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය යහපත් බව දෙවියන් වහන්සේ දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ තුන් වන දවස ය.
උත්පත්ති 1:10-13 New International Version (NIV)
God called the dry ground “land,” and the gathered waters he called “seas.” And God saw that it was good. Then God said, “Let the land produce vegetation: seed-bearing plants and trees on the land that bear fruit with seed in it, according to their various kinds.” And it was so. The land produced vegetation: plants bearing seed according to their kinds and trees bearing fruit with seed in it according to their kinds. And God saw that it was good. And there was evening, and there was morning—the third day.