උත්පත්ති 1:1-8
උත්පත්ති 1:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මූලාරම්භයේදී දෙවියන්වහන්සේ අහස් හා පොළොව මැවූ සේක. පොළොව අරූපී ව, ශූන්‍ය ව තිබිණි. ගැඹුර මතු පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ ජලය මතු පිට හැසිරෙමින් සිටි සේක. දෙවියන්වහන්සේ, “ආලෝකය වනු” යි කී සේක; එවිට ආලෝකය විය. ආලෝකය, හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කළ සේක. දෙවියන්වහන්සේ ආලෝකය, දහවල යනුවෙන් ද අන්ධකාරය, රාත්‍රිය යනුවෙන් ද හැඳින් වූ සේක. සවස විය; උදය විය. ඒ පළමු දවස ය. ඉන්පසු දෙවියන්වහන්සේ, “ජලය ජලයෙන් වෙන් වන පිණිස, ජල මැදින් අවකාශයක් වේවා!” යි කී සේක. මෙසේ දෙවියන්වහන්සේ අවකාශය නිමවා, අවකාශයට ඉහළින් වූ ජලය, ඊට පහළින් වූ ජලයෙන් වෙන් කළ සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ අවකාශය, අහස යැයි හැඳින් වූ සේක. සවස විය; උදය විය. ඒ දෙවන දවස ය.
උත්පත්ති 1:1-8 Sinhala Revised Old Version (SROV)
පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක. දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය. එළිය යහපත් බව දෙවියන්වහන්සේ දුටුසේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රියය කියාද නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ එක දවසක්ය. දෙවියන්වහන්සේ: ජල මධ්‍යයෙහි අවකාශයක් වේවා, එය කරණකොටගෙන ජලය ජලයෙන් වෙන්වේවයි කීසේක. දෙවියන්වහන්සේ අවකාශය සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන්කළසේක; ඒ එසේ විය. දෙවියන්වහන්සේ අවකාශයට අහසය කියා නම් තැබූසේක. සවස විය, උදය විය. ඒ දෙවෙනි දවසක්ය.
උත්පත්ති 1:1-8 Sinhala New Revised Version (NRSV)
ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය. එවිට දෙවියන් වහන්සේ, “ආලෝකය වේ වා!”යි වදාළ සේක; ආලෝකය විය. ආලෝකය මනහර බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර ආලෝකයට “දවාල” කියා ද, අන්ධකාරයට “රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ උන් වහන්සේ අහස් කුස සාදා, ඊට යටින් තිබෙන ජලය, ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර අහස් කුසට “අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය.
උත්පත්ති 1:1-8 Sinhala New Revised Version 2018 (SNRV)
ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය. එවිට දෙවියන් වහන්සේ, “ආලෝකය වේ වා!”යි වදාළ සේක; ආලෝකය විය. ආලෝකය යහපත් බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර ආලෝකයට “දවාල” කියා ද, අන්ධකාරයට “රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ උන් වහන්සේ අහස් කුස සාදා, ඊට යටින් තිබෙන ජලය, ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර අහස් කුසට “අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය.
උත්පත්ති 1:1-8 New International Version (NIV)
In the beginning God created the heavens and the earth. Now the earth was formless and empty, darkness was over the surface of the deep, and the Spirit of God was hovering over the waters. And God said, “Let there be light,” and there was light. God saw that the light was good, and he separated the light from the darkness. God called the light “day,” and the darkness he called “night.” And there was evening, and there was morning—the first day. And God said, “Let there be a vault between the waters to separate water from water.” So God made the vault and separated the water under the vault from the water above it. And it was so. God called the vault “sky.” And there was evening, and there was morning—the second day.