ගලාති 6:3-9

ගලාති 6:3-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

කමකට නැති කෙනෙක් තමා වැදගතෙකැයි සිතයි නම්, ඔහු තමා රවටා ගනී. හැම කෙනකු ම, තම ක්‍රියා කලාපය තමන් ම තක්සේරු කර ගනිත්වා; එවිට තමා ම පාරට්ටු කර ගැනීමේ හේතුව තමන් තුළ ම ය; තම අසල්වැසියා තුළ නො වේ. මන්ද හැම කෙනකු ම තම තමාගේ බර ඉසිලිය යුතු ව ඇත. වචනය ඉගෙන ගන්නා, තමනට ඇති හැම හොඳ දෙයක් ම තමාට උගන්වන්නා සමඟ බෙදා ගත යුතු ය. නො රැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම් කරන්නට කිසිවකුට නුපුළුවන. කෙනකු කපා ගන්නේ, ඔහු ම වපුරන දෙයිනි. මන්ද තමාගේ මාංසය උදෙසා වපුරන්නා, මාංසයෙන් ජරාවට පත්වීම කපා ගනී. ආත්මයාණන් උදෙසා වපුරන්නා, ආත්මයාණන්ගෙන් සදාතන ජීවනය නෙළා ගනියි. එබැවින් යහ වැඩ කිරීමෙහි වෙහෙසට පත් නො වී, බලාපොරොත්තු හැර නො දමා සිටින්නෙමු නම්, නිසි කල අප අස්වනු නෙළනු ඇත.

ගලාති 6:3-9 Sinhala Revised Old Version (SROV)

මක්නිසාද කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙක්යයි සිතන්නේ නම්, ඔහු තමාම රවටාගනියි. නුමුත් එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ. මක්නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය. වාක්‍යය ඉගෙනගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා. නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය. තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.

ගලාති 6:3-9 Sinhala New Revised Version (NRSV)

කිසි වැදගැම්මකට නැති කෙනෙක් තමා වැදගත් කෙනෙක් යයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනියි. එකිනෙකා තම තමාගේ කල්ක්‍රියාව තමා විසින් ම සෝදිසි කර බැලිය යුතු ය. එය යහපත් නම්, එය තමා ම අත් කරගත් දෙයක් බැවින්, අනුන්ගේ කල්ක්‍රියාවට සමාන නොකොට, තමාට ම ඒ ගැන පාරට්ටු විය හැකි ය. තමා විසින් ම ඉසිලිය යුතු බරක් හැම මිනිසෙකුට ම ඇත. ධර්ම වාක්‍ය ඉගෙනගන්නා, උගන්වන්නාට තමා සතු සියලු යහපත් දෙයින් සංග්‍රහ කෙරේ වා. මුළා නොවෙන්න, කිසිවෙකුට දෙවියන් වහන්සේ රැවටිය නොහැකි ය. මන්ද, මිනිසෙක් තමා වපුරන දෙය ම කපාගන්නේ ය. කෙලෙස් මල නමැති කෙතෙහි වපුරන්නා, කෙලෙස් මලින් ජරාවට පත් වන මරණය නමැති අස්වැන්න නෙළාගන්නේ ය. ආත්මයාණන් නමැති කෙතෙහි වපුරන්නා ආත්මයාණන්ගෙන් සදාතන ජීවනය නමැති අස්වැන්න නෙළාගන්නේ ය. ඒ නිසා යහපත කිරීමට මැළි නොවෙමු. මන්ද, මන්දෝත්සාහී නුවූවොත් අපි යථා කාලයේ දී අස්වැන්න නෙළාගන්නෙමු.

ගලාති 6:3-9 Sinhala New Revised Version 2018 (SNRV)