ගලාති 3:27-28 - Compare All Versions

ගලාති 3:27-28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ ඔබ හැම කෙනෙක් ම ක්‍රිස්තුස්වහන්සේ පැලඳ ගත්හ. එහි යුදෙව්වකුවත්, ග්‍රීකයකුවත් නැත; වහලකුවත්, නිවහල් කෙනකුවත් නැත; පුරුෂයකුවත්, ස්ත්‍රියකවත් නැත. මන්ද ඔබ හැම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක් කෙනෙකි.

බෙදාගන්න
ගලාති 3 SCV

ගලාති 3:27-28 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්මකරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳගත්තෝය. නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.

බෙදාගන්න
ගලාති 3 SROV

ගලාති 3:27-28 NRSV (Sinhala New Revised Version)

ඔබ අතරෙන් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයෙන් සැරසී සිටිති. ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.

බෙදාගන්න
ගලාති 3 NRSV

ගලාති 3:27-28 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ අතරෙන් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයෙන් සැරසී සිටිති. ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.

බෙදාගන්න
ගලාති 3 SNRV

ගලාති 3:27-28 NIV (New International Version)

for all of you who were baptized into Christ have clothed yourselves with Christ. There is neither Jew nor Gentile, neither slave nor free, nor is there male and female, for you are all one in Christ Jesus.

බෙදාගන්න
ගලාති 3 NIV