ගලාති 3:1-14

ගලාති 3:1-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අහෝ අඥාන ගලාතිවරුනි! ඇස් බැන්දුමකින් ඔබ මුළා කළේ කවුරු ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසිපත් කරනු ලැබීම ප්‍රසිද්ධියේ ඔබේ ඇස් පනා පිට දක්වනු ලැබී ය. මෙය පමණක් ඔබෙන් අසමි; ඔබ ආත්මයාණන්වහන්සේ ලද්දේ ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් ද? නැති නම් ඇසූ දෑ අදහා ගැනීමෙන් ද? ඔබ ඔතරම් අඥාන ද? ආත්මයාණන්වහන්සේ තුළින් අරඹා, දැන් මාංසයෙන් සම්පූර්ණ වන්නට සිතන්නහු ද? ඔබ ඒ සා දුක් පීඩා වින්දේ අර්ථයක් නැතිව ද? ඇත්තෙන් ම ඒවා අර්ථ විරහිත ද? ආත්මයාණන් ඔබට සපයා දෙන තැනැන්වහන්සේ ඔබ අතරේ හාස්කම් කරන්නේ, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් ද? නැතහොත් ඔබ ඇසූ දෑ ඇදහීමෙන් ද? එය, ආබ්‍රහම්, “දෙවියන්වහන්සේ විශ්වාස කළේ ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබී ය” යන පරිද්දෙනි. එබැවින් ආබ්‍රහම්ගේ පුත්‍රයින් වන්නේ ඇදහිල්ලෙන් වූ අය වග වටහා ගන්න. දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් නිර්දෝෂකමට පමුණුවන්නේ ඇදහිල්ල මගින් බැව් කල්තියා දත් ශුද්ධ ලියවිල්ල, “සියලු ජාතීන්, ඔබ තුළ ආශිර්වාද ලබනු ඇතැ” යි යන ශුභාරංචිය කල්තියා ආබ්‍රහම්ට ප්‍රකාශ කර ඇත. එබැවින් ඇදහිල්ලෙන් වූවෝ, ඇදහිල්ලේ මනුෂ්‍යයා වූ ආබ්‍රහම් සමඟ ආශිර්වාදය ලබති. මන්ද ව්‍යවස්ථාවේ ක්‍රියා මත යැපෙන සියල්ලන් ශාපයකට යටත් ය, මන්ද: “ව්‍යවස්ථා පොතේ ලියන ලද සියලු දේහි පැවත නො සිටින, ඒවා නො පිළිපදින හැම කෙනෙක් ම ශාප ලද්දෙකි” යි ලියා තිබේ. ව්‍යවස්ථාව මගින් කිසිවකු දෙවියන්වහන්සේ ඉදිරියේ නිර්දෝෂ කරනු ලබන්නේ නැති වග පැහැදිලි ය. මන්ද, “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ.” ව්‍යවස්ථාව ඇදහිල්ලෙන් නො වේ; ඊට වෙනස් ය. “ඒ දෑ කරන තැනැත්තා එයින් ජීවත් වන්නේ ය.” මන්ද: “ගසක එල්ලනු ලැබ සිටින හැම කෙනෙක් ම ශාප ලද්දෙකි” යි ලියා ඇති ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපය වෙමින්, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදා ගත්තේ, ශුද්ධාත්ම පොරොන්දුව ඇදහිල්ල තුළින් අප ලබන පිණිස, ආබ්‍රහම්ට දෙන ලද ආශිර්වාදය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් අන්‍ය-ජාතීනට ද අත්වන පිණිස ය.

ගලාති 3:1-14 Sinhala Revised Old Version (SROV)

අහෝ අඥාන ගලාතිවරුනි, කුරුසියෙහි ඇණගසනලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධලෙස දක්වනු ලැබූ නුමුත් නුඹලා මායාවකට ඇල්ලුවේ කවුද? නුඹලාගෙන් මේක පමණක් දැනගන්ට කැමැත්තෙමි: එනම්, නුඹලා ආත්මයාණන්වහන්සේ ලැබුවේ ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙනද? නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද? නුඹලා මෙපමණ අඥානද? ආත්මයාණන් තුළ පටන්ගත් නුඹලා දැන් මාංසයෙහි සම්පූර්ණව සිටිහුද? නුඹලා එපමණ දේ නිෂ්ඵලලෙස වින්දහුද? ඇත්තටම එය නිෂ්ඵලද? ඉදින් නුඹලාට ආත්මයාණන්වහන්සේ දෙන්නාවූ, නුඹලා අතරෙහි ආශ්චර්යයන් කරන්නාවූ තැනන්වහන්සේ එසේ කරන්නේ ව්‍යවස්ථාවේ ක්‍රියාවලින්ද? නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද? මෙසේ ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාසකළේය, එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගනු ලැබුවේය. එබැවින් ඇදහිල්ලෙහි පිහිටෙන්නෝම ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගන්න. තවද දෙවියන්වහන්සේ ඇදහිල්ල කරණකොටගෙන අන්‍යජාතීන් ධර්මිෂ්ඨකරන බව ලියවිල්ල කල්මත්තෙන් දැක: නුඹ තුළ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා ශුභාරංචිය ආබ්‍රහම්ට කලින් ප්‍රකාශකළේය. මෙසේ ඇදහිල්ලෙහි පිහිටෙන්නෝ ඇදහිලිවන්තවූ ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති. මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ. ඉදින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨකරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය. ව්‍යවස්ථාව වනාහි ඇදහිල්ලෙන් නොවේ; නුමුත්: ඒ දේ කරන තැනැත්තේ එයින් ජීවත්වන්නේය. ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක. මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශීර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නමැති පොරොන්දුව ලබාගන්නා පිණිසත්ය.

ගලාති 3:1-14 Sinhala New Revised Version (NRSV)

අඥාන ගලාතිවරුනි, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන ලද වග ඔබගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධ ලෙස දක්වනු ලැබූ නමුත් ඔබ ඇස් බැන්දුමකින් මුළා කළෝ කවරහු ද? ඔබෙන් මෙය පමණක් දැනගනු කැමැත්තෙමි. ඔබ ආත්මයාණන් වහන්සේ ලැබුවේ ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන ද? නැතහොත් සුබ අස්නේ පණිවුඩය පිළිගැනීමෙන් ද? ඇත්තට ම ඔබ ඔය තරම් මෝඩ ද? ඔබ දේවාත්මානුභාවයෙන් පටන්ගෙන, පිටස්තර, චාරිත්‍රයකින් ගැළවීම ලබන්න සිතන්නහු ද? ඔබට ඇති වූ සියලු අත්දැකීම් නිෂ්ඵල වී ගියේ ද? එසේ නොවිය හැකි ය. දෙවියන් වහන්සේ ආත්මයාණන් එවා, ඔබ අතර හාස්කම් කරන්නේ ඔබ ව්‍යවස්ථාව පිළිපදින නිසා ද, නැත්නම් සුබ අස්නේ පණිවුඩය අසා එය අදහන නිසා ද? ආබ්‍රහම් ගැන සිතන්න. ඔහු දෙවියන් වහන්සේ අදහාගත්තේ ය. ඒ ඇදහීම දමිටු බව හැටියට ගණන්ගන්නා ලදී. එබැවින් ආබ්‍රහම්ගේ සැබෑ පුත්‍රයෝ ඇදහිල්ල ඇති අය වෙති. තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරණකොටගෙන විජාතීන් දමිටු බවට පත් කරන බව ශුද්ධ ලියවිල්ල කල්මත්තෙන් දැක, “ඔබ තුළ සියලු ම ජාතීහු ආශීර්වාද ලබන්නෝ ය” කියා සුබ අස්න කලින් ආබ්‍රහම්ට ප්‍රකාශ කළේ ය. මෙසේ ඇදහිල්ලෙහි පිහිටි සියල්ලෝ ඇදහිල්ලේ පිහිටි ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති. අනෙක් අතට, ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තබන්නෝ සාපයට යටත් ව සිටිති. එසේ වන්නේ: “ව්‍යවස්ථාව පොතෙහි ලියා ඇති සියල්ල ම නොකඩවා නොරකින සියලු දෙනාට ම සාපයක් ඇතැ”යි ලියා තිබෙන බැවිනි. ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙකු දමිටු බවට පත් කරනු නොලබන බව එයින් පැහැදිලි ය. මන්ද, ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවත් වන්නෝ ය. ව්‍යවස්ථාව ඇදහිල්ල පිට රඳා පවතින්නක් නොවේ. එහෙත් ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේ ය කියා ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත. “ගසක එල්ලනු ලබන සියල්ලෝ සාප ලද්දෝ ය”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ, ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක. මෙසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් ආබ්‍රහම් ලත් ආශීර්වාදය අන්‍ය විජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන් වහන්සේගේ පොරොන්දුව අප විසින් ලබාගන්නා පිණිසත් ය.

ගලාති 3:1-14 Sinhala New Revised Version 2018 (SNRV)

ගලාති 3:1-14 New International Version (NIV)

You foolish Galatians! Who has bewitched you? Before your very eyes Jesus Christ was clearly portrayed as crucified. I would like to learn just one thing from you: Did you receive the Spirit by the works of the law, or by believing what you heard? Are you so foolish? After beginning by means of the Spirit, are you now trying to finish by means of the flesh? Have you experienced so much in vain—if it really was in vain? So again I ask, does God give you his Spirit and work miracles among you by the works of the law, or by your believing what you heard? So also Abraham “believed God, and it was credited to him as righteousness.” Understand, then, that those who have faith are children of Abraham. Scripture foresaw that God would justify the Gentiles by faith, and announced the gospel in advance to Abraham: “All nations will be blessed through you.” So those who rely on faith are blessed along with Abraham, the man of faith. For all who rely on the works of the law are under a curse, as it is written: “Cursed is everyone who does not continue to do everything written in the Book of the Law.” Clearly no one who relies on the law is justified before God, because “the righteous will live by faith.” The law is not based on faith; on the contrary, it says, “The person who does these things will live by them.” Christ redeemed us from the curse of the law by becoming a curse for us, for it is written: “Cursed is everyone who is hung on a pole.” He redeemed us in order that the blessing given to Abraham might come to the Gentiles through Christ Jesus, so that by faith we might receive the promise of the Spirit.