එස්රා 9:3-4
එස්රා 9:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ ඇසූ විගස මම, මා හැඳි කබායත්, ලෝගුවත් ඉරාගෙන, මගේ හිසකේ හා රැවුල් ගස් ඇද, උදුරා, තූෂ්ණීම්භූත ව බිම හිඳ ගතිමි. පිටුවහල් ව සිට ආපසු පැමිණියවුන්ගේ මේ අවිශ්වාසවන්තකම නිසා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ වචනවලට වෙවුලූ සැවොම මා වටා රැස් වූහ. සවස යාග පූජා වේලාව පැමිණෙන තෙක් මම තූෂ්ණීම්භූත ව එහි හිඳ සිටියෙමි.
එස්රා 9:3-4 Sinhala Revised Old Version (SROV)
මම මේ කාරණාව අසා, මාගේ වස්ත්‍රයත් සළුවත් ඉරාගෙන, මාගේ හිසකේද රැවුලද උදුරා, ත්‍රස්තවී හිඳගතිමි. එවිට වාල්කමෙන් ආ තැනැත්තන්ගේ අපරාධය නිසා ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ වචනවලට වෙවුලූ හැමදෙනම මා ළඟට රැස්වූවෝය; මම වනාහි සවස පූජාව ඔප්පුකරන තුරු ත්‍රස්තව හිඳගතිමි.
එස්රා 9:3-4 Sinhala New Revised Version (NRSV)
මේ පුවත මා ඇසූ විට, මම බලාපොරොත්තු රහිත ව මාගේ වස්ත්‍රයත්, සළුවත් ඉරාගෙන, මාගේ හිසකෙස් ද රැවුල ද උදුරාගෙන, තුෂ්ණීම්භූත ව හිඳගතිමි. එවිට විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ ද්රෝ්හිකම ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ කී දෙයින් කම්පා වූ හැම දෙන ම මා ළඟට රැස් වූ හ. මම වනාහි සවස පූජාව ඔප්පු කරන තෙක් තුෂ්ණීම්භූත ව එහි ම උන්නෙමි.”
එස්රා 9:3-4 Sinhala New Revised Version 2018 (SNRV)
මේ පුවත මා ඇසූ විට, මම බලාපොරොත්තු රහිත ව මාගේ වස්ත්‍රයත්, සළුවත් ඉරාගෙන, මාගේ හිසකෙස් ද රැවුල ද උදුරාගෙන, තුෂ්ණීම්භූත ව හිඳගතිමි. එවිට විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ ද්‍රෝහිකම ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ කී දෙයින් කම්පා වූ හැම දෙන ම මා ළඟට රැස් වූ හ. මම වනාහි සවස පූජාව ඔප්පු කරන තෙක් තුෂ්ණීම්භූත ව එහි ම උන්නෙමි.”
එස්රා 9:3-4 New International Version (NIV)
When I heard this, I tore my tunic and cloak, pulled hair from my head and beard and sat down appalled. Then everyone who trembled at the words of the God of Israel gathered around me because of this unfaithfulness of the exiles. And I sat there appalled until the evening sacrifice.