එස්රා 5:1-2
එස්රා 5:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල දිවැසිවරුන් වූ හග්ගයි හා ඉද්දෝගේ පුත්‍ර සෙකරියා, යූදාහි හා යෙරුසලමෙහි යුදෙව්වරුන්ට, ඔවුන්ට ඉහළින් වැඩ විසූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූහ. එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් හා යෝසාදාක්ගේ පුත් යේෂුවා නැගිට, යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහය යළි ඉදිකිරීමේ වැඩ ඇරඹූහ. දෙවියන්වහන්සේගේ දිවැසිවරු ඔවුන්ට උපකාර කරමින්, ඔවුන් සමඟ වූහ.
එස්රා 5:1-2 Sinhala Revised Old Version (SROV)
එකල අනාගතවක්තෘවූ හග්ගයිද ඉද්දෝගේ පුත්‍රවූ සෙකරියාද යන අනාගතවක්තෘවරු යූදාහිද යෙරුසලමෙහිද සිටි යුදෙව්වරුන්ට අනාගතවාක්‍ය කීවෝය. ඔව්හු ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට අනාගතවාක්‍ය පැවසුවෝය. එවිට ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද නැගිට යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තෝය; ඔවුන් සමඟ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුද ඔවුන්ට උපකාරකරමින් සිටියෝය.
එස්රා 5:1-2 Sinhala New Revised Version (NRSV)
එකල හග්ගයි සහ ඉද්දෝගේ පුත් ශෙකරියා යන දිවැසිවරු ජුදාහි ද ජෙරුසලමෙහි ද සිටි ජුදෙව්වරුන්ට, ඔවුන් සමඟ වැඩ විසූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූ හ. එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්හ; ඔවුන් සමඟ දෙවියන් වහන්සේගේ දිවැසිවරු ද ඔවුන්ට උපකාර කරමින් සිටියෝ ය.
එස්රා 5:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
එකල හග්ගයි සහ ඉද්දෝගේ පුත් ශෙකරියා යන දිවැසිවරු ජුදාහි ද ජෙරුසලමෙහි ද සිටි ජුදෙව්වරුන්ට, ඔවුන් සමඟ වැඩ විසූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූ හ. එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්හ; ඔවුන් සමඟ දෙවියන් වහන්සේගේ දිවැසිවරු ද ඔවුන්ට උපකාර කරමින් සිටියෝ ය.
එස්රා 5:1-2 New International Version (NIV)
Now Haggai the prophet and Zechariah the prophet, a descendant of Iddo, prophesied to the Jews in Judah and Jerusalem in the name of the God of Israel, who was over them. Then Zerubbabel son of Shealtiel and Joshua son of Jozadak set to work to rebuild the house of God in Jerusalem. And the prophets of God were with them, supporting them.