එසකියෙල් 5:11
එසකියෙල් 5:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මා ජීවත් වන වග සැබෑ සේ ම, නුඹලාගේ නීච දේව පිළිම සියල්ල හා පිළිකුල් සහගත ක්රියා කලාපය මගින් නුඹලා මගේ ශුද්ධස්ථානය අපවිත්ර කර ඇති බැවින් මම ම නුඹ බූ ගා දමන්නෙමි. මම නුඹලා දෙස අනුකම්පාවෙන් නො බලන්නෙමි. මම ඔබ ඉතිරි නො කරන්නෙමි.
එසකියෙල් 5:11 Sinhala Revised Old Version (SROV)
එබැවින් මා ජීවත්වෙනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක: නුඹේ සියලු අශික්ෂිතකම්වලින්ද නුඹේ සියලු පිළිකුල්කම්වලින්ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්රකළ නිසා සැබවින්ම මමත් නුඹ අඩු බවට පමුණුවන්නෙමි; මාගේ ඇස දයාව නොපෙන්වන්නේය, මමද කරුණා නොකරන්නෙමි.
එසකියෙල් 5:11 Sinhala New Revised Version (NRSV)
“එබැවින් ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ දිවුරා කියමි. නුඹේ සියලු අශික්ෂිතකම්වලින් ද නුඹේ සියලු පිළිකුල්කම්වලින් ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්ර කළ නිසා සැබැවින් ම මමත් නුඹ නිර්දය ලෙස වනසාලන්නෙමි. මම ද නුඹට කරුණා නොකරන්නෙමි; අනුකම්පාව නොපෙන්වන්නෙමි.
එසකියෙල් 5:11 Sinhala New Revised Version 2018 (SNRV)