එසකියෙල් 35:7-9
එසකියෙල් 35:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම සේයිර් කන්ද පාළු මුඩු බිමක් කරන්නෙමි. එයින් යන එන සියල්ලන් මම එයින් සිඳ දමන්නෙමි. මම, නුඹේ කඳු මැරුම්කෑවුන්ගෙන් පුරවන්නෙමි. කඩුවෙන් මැරුම් කෑවුන් නුඹේ හෙල් මත ද නුඹේ මිටියාවත් තුළ ද නුඹේ මුළු ගිරි කඳුරු අතරෙහි ද වැටී යනු ඇත. මම සදහට නුඹ පාළුවක් කරන්නෙමි. නුඹේ නගර, ජනාවාස නො වනු ඇත. ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹ දැනගන්නවා ඇත.
එසකියෙල් 35:7-9 Sinhala Revised Old Version (SROV)
මම සේයිර් කන්ද පාළුවක්ද නාස්තියක්ද කොට, එහි යන එන කෙනෙක් නැතුව තිබෙන්ට සලස්වන්නෙමි. මැරුම්කන ඔහුගේ අයගෙන් ඔහුගේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වලද නුඹේ මිටියාවත්වලද නුඹේ සියලු දෙණිවලද කඩුවෙන් මැරුම්කන අය වැටෙනවා ඇත. මම නුඹ සදහටම පාළුවක් කරන්නෙමි, නුඹේ නුවරවලද වැසියෝ නොසිටින්නාහුය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.
එසකියෙල් 35:7-9 Sinhala New Revised Version (NRSV)
මම සේයිර් කන්ද පාළුවක් ද නාස්තියක් ද කොට, එහි යන එන කෙනෙකු නැති ව තිබෙන්න සලස්වන්නෙමි. මැරුම් කන අයගේ මළකඳන්වලින් නුඹේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වල ද නුඹේ මිටියාවත්වල ද නුඹේ සියලු දෙණිවල ද කඩුවෙන් මැරුම් කන අය වැටෙනු ඇත. මම නුඹ සදහට ම පාළුවක් කරන්නෙමි. නුඹේ නගරවල ද වැසියෝ නොසිටින්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
එසකියෙල් 35:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
මම සේයිර් කන්ද පාළුවක් ද නාස්තියක් ද කොට, එහි යන එන කෙනෙකු නැති ව තිබෙන්න සලස්වන්නෙමි. මැරුම් කන අයගේ මළකඳන්වලින් නුඹේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වල ද නුඹේ මිටියාවත්වල ද නුඹේ සියලු දෙණිවල ද කඩුවෙන් මැරුම් කන අය වැටෙනු ඇත. මම නුඹ සදහට ම පාළුවක් කරන්නෙමි. නුඹේ නගරවල ද වැසියෝ නොසිටින්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
එසකියෙල් 35:7-9 New International Version (NIV)
I will make Mount Seir a desolate waste and cut off from it all who come and go. I will fill your mountains with the slain; those killed by the sword will fall on your hills and in your valleys and in all your ravines. I will make you desolate forever; your towns will not be inhabited. Then you will know that I am the LORD.