එසකියෙල් 33:12-16
එසකියෙල් 33:12-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඔබේ ජනතාවට මෙසේ කියන්න: ‘ධර්මිෂ්ඨ මනුෂ්‍යයකු අකීකරු වූ කල, ඔහුගේ ධර්මිෂ්ඨකම නිසා ඔහු ගැලවෙන්නේ නැත. දුෂ්ට මිනිසකු දුෂ්ටකමින් ඉවත හැරුණු කල, ඔහුගේ දුෂ්ටකම ඔහුගේ වැටීමට හේතු නො වේ. ධර්මිෂ්ඨ මනුෂ්‍යයා පව් කරන්නේ නම්, ඔහුගේ ධර්මිෂ්ඨකම ජීවත්වීමට ඔහුට ඉඩ සලසන්නේ නැත.’ කිසියම් දමිටු කෙනකුට, ‘සැබවින් ම ඔබ ජීවත් වෙතැ’ යි මා කී පසු, ඔහු තම දමිටුකම මත විශ්වාසය තබා දුෂ්ටකම් කරන්නේ නම්, ඔහු විසින් කරන ලද දමිටුකම් එකකුදු සිහි නො කෙරේ. ඔහු දුෂ්ටකම් කළ නිසා, ඔහු මියැදේ. තවද, කිසියම් දුෂ්ට මිනිසකුට, ‘සැබවින් ම ඔබ මියෙතැ’ යි මා කී පසු, ඔහු තම පාපයෙන් ඉවත හැරී, යුක්තියත්, සාධාරණත්වයත් කරයි නම්, ඒ දුෂ්ට මිනිසා ණයක් දීමට උගසට ගත් දෑ ආපසු දේ නම්, සොරාගත් දෑ ආපසු දේ නම්, ජීවනය දෙන නියෝග පිළිපදී නම් හා කිසි නපුරක් නො කරයි නම්, ඔහු සැබවින් ම ජීවත් වෙයි. ඔහු මියෙන්නේ නැත. ඔහු විසින් කරන ලද පාප එකකුදු ඔහුට එරෙහිව සිහි නො කෙරේ. ඔහු යුක්තියත්, සාධාරණත්වයත් කර ඇති බැවින් සැබවින් ම ඔහු ජීවත් වෙයි.
එසකියෙල් 33:12-16 Sinhala Revised Old Version (SROV)
එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට මෙසේ කියන්න: ධර්මිෂ්ඨයා වරද කරන දවසේදී ස්වකීය ධර්මිෂ්ඨකම නිසා ඔහු නොගැළවෙන්නේය; දුෂ්ටයාද තමාගේ දුෂ්ටකමෙන් හැරෙන දවසේදී තමාගේ දුෂ්ටකම නිසා වැටී නොයන්නේය. ධර්මිෂ්ඨයා පව්කරන දවසේදී ධර්මිෂ්ඨකම නිසා ජීවත්වෙන්ට ඔහුට පුළුවන්වෙන්නෙත් නැත. නුඹ සැබවින් ජීවත්වන්නෙහියයි මා විසින් ධර්මිෂ්ඨයාට කීවාම ඔහු තමාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි විශ්වාසකරමින් අයුතුකම්කළොත්, ඔහුගේ සියලු ධර්මිෂ්ඨකම් සිහිකරනු නොලබන්නේය; ඔහු කළාවූ ස්වකීය අයුතුකම නිසා ඔහු නසිනවා ඇත. නුඹ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී විට ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්, උකස නැවත දී කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අධර්මිෂ්ඨකම් නොකර ජීවන-පනත් ප්‍රකාර හැසුරුණොත්, ඔහු නොනැසී ජීවත්වන්නේමය. ඔහු කළාවූ ඔහුගේ කිසිම පාපයක් ඔහුට විරුද්ධව සිහිකරනු නොලබන්නේය. ඔහු යුක්තියද ධර්මිෂ්ඨකමද කෙළේය; ඔහු සැබවින්ම ජීවත්වන්නේය.
එසකියෙල් 33:12-16 Sinhala New Revised Version (NRSV)
“දැහැමි මිනිසෙකු පව් කළ විට ඔහුගේ පෙර දැහැමි ක්‍රියා ඔහුට ගැළවීම අත්කර නොදෙයි. දුෂ්ට මිනිසෙකු සිය දුෂ්ටකමෙන් හැරුණොත්, ඔහුගේ පසුගිය දුෂ්ටකම් නිසා ඔහු නසින්නේ නැත. දැහැමි මිනිසෙකු පව් කළ විට ඔහුගේ දැහැමිකම නිසා ගැළවීම ලබන්න ඔහුට පුළුවන් වන්නේ නැත. නුඹ සැබැවින් ජීවත් වන්නෙහි යයි මා දැහැමි මිනිසාට කී නමුත්, ඔහු තමාගේ දැහැමිකම කෙරෙහි විශ්වාසය තබමින් අපරාධ කළොත්, ඔහුගේ දැහැමි ක්‍රියා කිසිවක් සිහි කරනු නොලබන්නේ ය; ඔහු කළ අපරාධ නිසා ඔහු නසිනු ඇත. නුඹ නසිනු ඇතැ යි මා දුෂ්ටයාට කී නමුත්, ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තිය ද දැහැමි ක්‍රියා ද කළොත්, ඔහු උකසට ගත් දේ නැවත දී, කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අදමිටුකම් නොකර පණත් අනුව ජීවත් වුවහොත් ඔහු නොමැරී ජීවත් වන්නේ ය; ඔහුගේ කිසි ම පාපයක් ඔහුට විරුද්ධ ව සිහිකරනු නොලබන්නේ ය. ඔහු යුක්ති සහගත හරි දේ කෙළේ ය; ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය.
එසකියෙල් 33:12-16 Sinhala New Revised Version 2018 (SNRV)
“දැහැමි මිනිසෙකු පව් කළ විට ඔහුගේ පෙර දැහැමි ක්‍රියා ඔහුට ගැළවීම අත්කර නොදෙයි. දුෂ්ට මිනිසෙකු සිය දුෂ්ටකමෙන් හැරුණොත්, ඔහුගේ පසුගිය දුෂ්ටකම් නිසා ඔහු නසින්නේ නැත. දැහැමි මිනිසෙකු පව් කළ විට ඔහුගේ දැහැමිකම නිසා ගැළවීම ලබන්න ඔහුට පුළුවන් වන්නේ නැත. නුඹ සැබැවින් ජීවත් වන්නෙහි යයි මා දැහැමි මිනිසාට කී නමුත්, ඔහු තමාගේ දැහැමිකම කෙරෙහි විශ්වාසය තබමින් අපරාධ කළොත්, ඔහුගේ දැහැමි ක්‍රියා කිසිවක් සිහි කරනු නොලබන්නේ ය; ඔහු කළ අපරාධ නිසා ඔහු නසිනු ඇත. නුඹ නසිනු ඇතැ යි මා දුෂ්ටයාට කී නමුත්, ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තිය ද දැහැමි ක්‍රියා ද කළොත්, ඔහු උකසට ගත් දේ නැවත දී, කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අදමිටුකම් නොකර පනත් අනුව ජීවත් වුවහොත් ඔහු නොමැරී ජීවත් වන්නේ ය; ඔහුගේ කිසි ම පාපයක් ඔහුට විරුද්ධ ව සිහිකරනු නොලබන්නේ ය. ඔහු යුක්ති සහගත හරි දේ කෙළේ ය; ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය.
එසකියෙල් 33:12-16 New International Version (NIV)
“Therefore, son of man, say to your people, ‘If someone who is righteous disobeys, that person’s former righteousness will count for nothing. And if someone who is wicked repents, that person’s former wickedness will not bring condemnation. The righteous person who sins will not be allowed to live even though they were formerly righteous.’ If I tell a righteous person that they will surely live, but then they trust in their righteousness and do evil, none of the righteous things that person has done will be remembered; they will die for the evil they have done. And if I say to a wicked person, ‘You will surely die,’ but they then turn away from their sin and do what is just and right— if they give back what they took in pledge for a loan, return what they have stolen, follow the decrees that give life, and do no evil—that person will surely live; they will not die. None of the sins that person has committed will be remembered against them. They have done what is just and right; they will surely live.