එසකියෙල් 3:18-19 - Compare All Versions
එසකියෙල් 3:18-19 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දුෂ්ට මිනිසකුට මා කතා කොට, ‘ඒකාන්තයෙන් ම නුඹ නසින්නේ යැ’ යි මා කී විටෙක, ඔහුගේ දිවි රැකෙන ලෙස ඔබ ඔහුට අවවාද නො කරන්නේ නම් හෝ ඔහුගේ නපුරු මාර්ග වළක්වා ගැනීමට ඔහුට අනතුරු නො අඟවන්නේ නම්, ඒ දුෂ්ට මිනිසා තමාගේ පාපය නිසා මැරෙනු ඇත. එහෙත් ඔහුගේ ලේ ගැන මම ඔබෙන් අය කරන්නෙමි. එහෙත් ඔබ ඒ දුෂ්ට මිනිසාට අවවාද කළ නමුදු, ඔහු තම දුෂ්ටකමින් හෝ තම නපුරු මාර්ගයෙන් ඉවත නො හැරේ නම්, තමාගේ ම පාප නිසා ඔහු මියෙනු ඇත. එහෙත් ඔබ ඔබේ ප්‍රාණය ගලවාගෙන ඇත.
එසකියෙල් 3:18-19 SROV (Sinhala Revised Old Version)
නුඹ සැබවින් නසින්නෙහියයි මා විසින් දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත්වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාදකිරීමට ඔහුට කථා නොකරන්නෙහි නම්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි. නුමුත් නුඹ දුෂ්ටයාට අවවාදකළාම ඔහු තමාගේ දුෂ්ටකමෙන්ද තමාගේ දුෂ්ට මාර්ගයෙන්ද නොහැරෙන්නේ නම්, ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; නුමුත් නුඹ නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහිය.
එසකියෙල් 3:18-19 NRSV (Sinhala New Revised Version)
‘නුඹ සැබැවින් ම නසින්නෙහි ය’යි මා දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත් වන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කරන පිණිස ඔහුට කතා නොකරන්නෙහි නම්, ඒ දුෂ්ටයා සිය පාපය නිසා මැරෙනු ඇත. එවිට ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි. එහෙත්, නුඹ දුෂ්ටයාට අවවාද කළ විට, ඔහු සිය පාපය හා දුෂ්ට මාර්ගය අත් නොහරින්නේ නම්, ඔහු සිය පාපය නිසා නසිනු ඇත. එහෙත්, නුඹ නුඹේ ජීවය රැකගනු ඇත.
එසකියෙල් 3:18-19 SNRV (Sinhala New Revised Version 2018)
‘නුඹ සැබැවින් ම නසින්නෙහි ය’යි මා දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත් වන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කරන පිණිස ඔහුට කතා නොකරන්නෙහි නම්, ඒ දුෂ්ටයා සිය පාපය නිසා මැරෙනු ඇත. එවිට ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි. එහෙත්, නුඹ දුෂ්ටයාට අවවාද කළ විට, ඔහු සිය පාපය හා දුෂ්ට මාර්ගය අත් නොහරින්නේ නම්, ඔහු සිය පාපය නිසා නසිනු ඇත. එහෙත්, නුඹ නුඹේ ජීවය රැකගනු ඇත.
එසකියෙල් 3:18-19 NIV (New International Version)
When I say to a wicked person, ‘You will surely die,’ and you do not warn them or speak out to dissuade them from their evil ways in order to save their life, that wicked person will die for their sin, and I will hold you accountable for their blood. But if you do warn the wicked person and they do not turn from their wickedness or from their evil ways, they will die for their sin; but you will have saved yourself.