එසකියෙල් 3:1-3
එසකියෙල් 3:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, ඔබට මෙහි හමුවන දෑ අනුභව කරන්න. මේ ඇකුළුම් පොත අනුභව කරන්න. ඉන්පසු ගොස්, ඉශ්රායෙල් වංශයට කතා කරන්නැ” යි පැවසූහ. එබැවින් මම මගේ මුව විවර කළෙමි. එවිට උන්වහන්සේ ඇකුළුම් පොත අනුභව කරන්නට මට සැලසූ සේක. ඉන්පසු උන්වහන්සේ මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා ඔබට දෙන මේ ඇකුළුම් පොත අනුභව කොට, එයින් ඔබේ කුස පුරවා ගන්නැ” යි කී සේක. එබැවින් මම එය අනුභව කළෙමි. එය මා මුවෙහි මී පැණි සේ මිහිරි විණි.
එසකියෙල් 3:1-3 Sinhala Revised Old Version (SROV)
එහි ලියා තිබුණේ විලාපත් වැලපීමත් ළතෝනියත්ය. උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, නුඹට සම්බවෙන එක කන්න; මේ පොත කාලා, ගොස්, ඉශ්රායෙල් වංශයට කථාකරන්නැයි මට කීසේක. එවිට මම මාගේ කට ඇරියෙමි, උන්වහන්සේද ඒ පොත කන්ට මට සැලැස්සූසේක. තවද: මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත නුඹ කා, නුඹේ බඩ පුරවා ගන්නැයි උන්වහන්සේ මට කීසේක. මම කෑවෙමි; එය මාගේ කටට මීපැණි මෙන් මිහිරිව තිබුණේය
එසකියෙල් 3:1-3 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹට දෙන ලද දේ අනුභව කරන්න. මේ පොත අනුභව කර ගොස් ඉශ්රායෙල් වංශයට කතා කරන්නැ”යි වදාළ සේක. එවිට මම මාගේ කට ඇරියෙමි; උන් වහන්සේ ද ඒ පොත අනුභව කරන්න මට දුන් සේක. තවද, උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත අනුභව කර නුඹේ කුස පුරවා ගන්නැ”යි මට වදාළ සේක. මම එය අනුභව කෙළෙමි; එය මාගේ කටට මී පැණි මෙන් මිහිරි ව තිබිණි.
එසකියෙල් 3:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹට දෙන ලද දේ අනුභව කරන්න. මේ පොත අනුභව කර ගොස් ඉශ්රායෙල් වංශයට කතා කරන්නැ”යි වදාළ සේක. එවිට මම මාගේ කට ඇරියෙමි; උන් වහන්සේ ද ඒ පොත අනුභව කරන්න මට දුන් සේක. තවද, උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත අනුභව කර නුඹේ කුස පුරවා ගන්නැ”යි මට වදාළ සේක. මම එය අනුභව කෙළෙමි; එය මාගේ කටට මී පැණි මෙන් මිහිරි ව තිබිණි.
එසකියෙල් 3:1-3 New International Version (NIV)
And he said to me, “Son of man, eat what is before you, eat this scroll; then go and speak to the people of Israel.” So I opened my mouth, and he gave me the scroll to eat. Then he said to me, “Son of man, eat this scroll I am giving you and fill your stomach with it.” So I ate it, and it tasted as sweet as honey in my mouth.