එසකියෙල් 28:11-19
එසකියෙල් 28:11-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ, “මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාප ගීයක් නගමින්, ඔහුට මෙසේ පවසන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ ‘ප්‍රඥාවෙන් පූර්ණ ව, අලංකාරයෙන් පරිපූර්ණ වූ නුඹ සම්පූර්ණත්වයේ මුද්‍රාව වූයේ ය. නුඹ දෙවියන්වහන්සේගේ උද්‍යානය වූ ඒදන්හි සිටියේ ය. සියලු ආකාර අගනා මැණික්වලින් ඔබ සැරසී සිටියේ ය: ලෝහිතංක, පුෂ්පරාග, මරකත, රන්කාන්ති, ගෝමේද, සූර්යකාන්ති, ඉඳුනිල්, නීලමාණික්‍ය හා වෛදූර්ය ය. ඔබේ මැණික් රඳවන හා බඳන රත්තරනින් සැදුම් ලදී. ඒවා පිළියෙල කරන ලද්දේ නුඹ මවනු ලැබූ දවසේ ය. නුඹ භාරකාර කෙරුබයකු ලෙස අභිෂේක ලද්දෙහි ය. මම එලෙසින් නුඹ පත් කළෙමි. නුඹ සිටියේ දෙවියන්වහන්සේගේ ශුද්ධ කන්ද මත ය. නුඹ ගිනි ඇවිළෙන ගල් මධ්‍යයෙහි ඇවිද්දේ ය. දුෂ්ටකම නුඹ තුළෙහි හමුවන තෙක්, නුඹ මවනු ලැබූ දවසේ පටන් නුඹේ මාර්ගවල නුඹ නිර්දෝෂී ව සිටියේ ය. පුළුල් ව පැතිරුණු ඔබේ වෙළඳාම තුළින් සැහැසිකමින් නුඹ පිරිණි. එසේ නුඹ පව් කළේ ය. එබැවින් මම දෙවියන්වහන්සේගේ කන්දෙන් පිළිකුලක් සේ නුඹ පන්නා දැමීමි. එම්බා භාරකාර කෙරුබ්, ගිනි ඇවිළෙන ගල් මධ්‍යයෙන් මම නුඹ පිට මං කළෙමි. නුඹේ ශෝභා අලංකාරය නිසා නුඹේ හද අහංකාර විණ. නුඹේ ශෝභාලංකාරය නිසා නුඹේ ප්‍රඥාව නුඹ දූෂ්‍ය කර ගත්තේ ය. එබැවින්, මම මහ පොළොවට නුඹ හෙළා දැමීමි. රජුන් ඉදිරියෙහි නුඹ ප්‍රදර්ශන කරවීමි. නුඹේ පාප රාශියත්, වංක වෙළඳාමත් මගින් නුඹ, නුඹේ ශුද්ධස්ථාන කෙලෙසා දැමී ය. එබැවින් මම නුඹ තුළින් ම ගින්නක් හට ගැන්වූයෙමි. එයින් නුඹ දැවී ගියේ ය. බලා සිටි සියල්ලන් ඉදිරියෙහි මම මේ පොළොව මත නුඹ අළු බවට පත් කළෙමි. නුඹ ගැන දන්නා-හඳුනන සියලු ජාතීහු නුඹ ගැන තැති ගනිති. නුඹ භයංකර අවසානයකට පැමිණ ඇත. මින්මනත නුඹ සිටින්නේ නැත.’ ”
එසකියෙල් 28:11-19 Sinhala Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාපයක් පවත්වමින්–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔහුට කියන්න. නුඹ සම්පූර්ණකම මුද්‍රාකරන්නාව ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් සම්පූර්ණව සිටිනෙහිය. නුඹ දෙවියන්වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහිය; සියලු අනර්ඝ ගල් වන ලෝහිතංකද පුෂ්පරාගද වජ්‍රද රන්කාන්තිද නඛමාණික්‍යද සූර්යකාන්තිද නීලමාණික්‍යද රතු කැටද මරකතද රන්ද නුඹේ වැස්මව තිබුණේය. නුඹේ රබන්වලද නුඹේ නළාවලද මෙහෙවර නුඹ තුළෙහි විය; නුඹ මවනු ලැබූ දවසේදී ඒවා සූදානම් කරනලද්දේය. නුඹ පියාපත් විදහාගෙන සිටින අභිෂේකලත් කෙරුබයෙක් වූයෙහිය. මම නුඹ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ කන්දෙහි සිටෙවුවෙමි; නුඹ ගිනි ඇවිළෙන ගල් අතරෙහි ඇවිද්දෙහිය. නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම සම්බවෙන තුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියෙහිය. නුඹේ වෙළඳාමේ මහත්කමින් මනුෂ්‍යයෝ නුඹ මැද බලාත්කාරකම් පිරෙවුවෝය, නුඹ පව්කෙළෙහිය. එබැවින් නුඹ කෙලහුණු දෙයක් මෙන් දෙවියන්වහන්සේගේ කන්දෙන් අහක්කර දැමුවෙමි; එබැවින් පියාපත් විදහාගන සිටින කෙරුබ්නි, මම නුඹ ගිනි ඇවිළෙන ගල් අතරෙන් නැතිකෙළෙමි. නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟුවී තිබේ, නුඹේ දීප්තිමත්කම නිසා නුඹේ ප්‍රඥාව නරක්කරගත්තෙහිය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් විසින් නුඹ දකින පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි. නුඹේ වෙළඳාමේ අධර්මිෂ්ඨකමෙන් කළ නුඹේ අපරාධ රාශියෙන් නුඹ නුඹේ ශුද්ධස්ථාන කෙලහුවෙහිය; එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්මවීමි, එය නුඹ නාස්තිකෙළේය, නුඹ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට නුඹ අලුකෙළෙමි. ජනයන් අතරෙහි නුඹව අඳුනන සියල්ලෝ නුඹ ගැන විස්මපත්වන්නෝය. නුඹ භීතියක් වී සිටිනෙහිය, තවත් කවදාවත් නුඹ නොවන්නෙහියයි කීය.
එසකියෙල් 28:11-19 Sinhala New Revised Version (NRSV)
තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාරන සේක: “මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාප ගීයක් ගයමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. නුඹ වරක් ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් පූර්ණ වී පරිපූර්ණතාවේ ආදර්ශයක් වූයෙහි ය. නුඹ දෙවියන් වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහි ය; සියලු මැණික් ගල් වන ලෝහිතංක ද පුෂ්පරාග ද දියමන්ති ද රන්කාන්ති ද නඛමාණික්‍ය ද සූර්යකාන්ති ද නීලමාණික්‍ය ද රතුකැට ද මරකත ද ඔබ්බන ලද රනින් සෑදූ පළඳනාවෙන් සැරසී සිටියෙහි ය. නුඹ මවනු ලැබූ දවසේ දී ඒවා නුඹට සූදානම් කරන ලද්දේ ය. නුඹ ආරක්ෂා කරන පිණිස බියකරු කෙරුබ්වරයෙකු මම එහි තැබීමි. නුඹ දෙවියන් වහන්සේගේ ශුද්ධ කන්දෙහි සිටියෙහි ය. නුඹ ගිනි අඟුරු අතරෙහි ඇවිද්දෙහි ය. නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම හෙළි වනතුරු නුඹේ හැසිරීමෙන් නුඹ නිදොස් ව සිටියෙහි ය. නුඹේ වෙළෙඳාම වැඩි වීම හේතුකොටගෙන අදමිටුකමින් නුඹේ සිත පිරී නුඹ පව් කෙළෙහි ය. එබැවින් නුඹ කෙලෙසූ දෙයක් මෙන් දෙවියන් වහන්සේගේ කන්දෙන් මම නුඹ නෙරපාදැමුවෙමි; නුඹ ආරක්ෂක කෙරුබ්වරයා ද ගිනි අඟුරු අතරෙන් පන්නාදැමුවෙහි ය. නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු ව තිබේ. නුඹේ කීර්තිය නිසා නුඹේ ප්‍රඥාව කෙලෙසා ගත්තෙහි ය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් නුඹ දැක ප්‍රීති වන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි හෙළි කෙළෙමි. නුඹේ වෙළෙඳාමේ අසාධාරණකමෙන් කළ නුඹේ අපරාධ රාශියෙන් නුඹ නුඹේ ශුද්ධස්ථාන කෙලෙසුවෙහි ය; එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්මවීමි; එය නුඹ නාස්ති කෙළේ ය; නුඹ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට නුඹ අළු කෙළෙමි. ජනයා ද නුඹ අඳුනන සියල්ලෝ ද නුඹ ගැන විස්මපත් වන්නෝ ය. නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.”
එසකියෙල් 28:11-19 Sinhala New Revised Version 2018 (SNRV)

එසකියෙල් 28:11-19 New International Version (NIV)
The word of the LORD came to me: “Son of man, take up a lament concerning the king of Tyre and say to him: ‘This is what the Sovereign LORD says: “ ‘You were the seal of perfection, full of wisdom and perfect in beauty. You were in Eden, the garden of God; every precious stone adorned you: carnelian, chrysolite and emerald, topaz, onyx and jasper, lapis lazuli, turquoise and beryl. Your settings and mountings were made of gold; on the day you were created they were prepared. You were anointed as a guardian cherub, for so I ordained you. You were on the holy mount of God; you walked among the fiery stones. You were blameless in your ways from the day you were created till wickedness was found in you. Through your widespread trade you were filled with violence, and you sinned. So I drove you in disgrace from the mount of God, and I expelled you, guardian cherub, from among the fiery stones. Your heart became proud on account of your beauty, and you corrupted your wisdom because of your splendor. So I threw you to the earth; I made a spectacle of you before kings. By your many sins and dishonest trade you have desecrated your sanctuaries. So I made a fire come out from you, and it consumed you, and I reduced you to ashes on the ground in the sight of all who were watching. All the nations who knew you are appalled at you; you have come to a horrible end and will be no more.’ ”