එසකියෙල් 17:22-23
එසකියෙල් 17:22-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම, දේවදාර ගසක හරි මුඳුනින් රිකිල්ලක් ගෙන එය පැළ කරන්නෙමි. මම එහි මුඳුන් රිකිලිවලින් ළපටි ඉත්තක් කඩා ගෙන, ඉහළ උස කන්දක් මත එය සිටුවන්නෙමි. ඉශ්රායෙල්හි කඳු මුඳුනේ මම එය සිටුවන්නෙමි. එය අතු දමා, පල ගැන්වී, විශිෂ්ට දේවදාර ගසක් වනු ඇත. සියලු වර්ගවල කුරුල්ලන් එහි කැදලි තනනු ඇත. එහි අතුවල සෙවණෙහි ඔවුන් රැකවරණ ලබනු ඇත.
එසකියෙල් 17:22-23 Sinhala Revised Old Version (SROV)
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මමත් උස්වූ කිහිරි ගසේ මුදුනෙන් කෑල්ලක් ගෙන හිටවන්නෙමි; එහි මුදුන් රිකිලිවලින් ළපටි එකක් කඩාගෙන උසස්ව තිබෙන උස්වූ කන්දක් උඩ හිටවන්නෙමි. මම එය උස්වූ ඉශ්රායෙල් කන්ද උඩ හිටවන්නෙමි. එයද අතු ලියලා, ඵල හටගෙන, උතුම් කිහිරි ගසක් වන්නේය. සියලු ආකාර පියාපත් ඇති පක්ෂීහු ඒ යට ලගින්නෝය; එහි අතුවල සෙවණේ උන් ලගින්නෝය.
එසකියෙල් 17:22-23 Sinhala New Revised Version (NRSV)
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “උස් වූ කිහිරි ගස් මුදුනෙන් මම ම රිකිල්ලක් ගෙන එය සිටුවන්නෙමි. එහි මුදුන් රිකිලිවලින් ළපටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි. මම එය උස් වූ ඉශ්රායෙල් කන්ද උඩ සිටුවන්නෙමි. එයින් අතු ලියලන්නේ ය; එහි පලදාව හටගන්නේ ය; එය උතුම් කිහිරි ගසක් වන්නේ ය. පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු යට ලගින්නෝ ය. ඒ අතුවල සෙවණෙහි උන් ලගිනු ඇත.
එසකියෙල් 17:22-23 Sinhala New Revised Version 2018 (SNRV)
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “උස් වූ කිහිරි ගස් මුදුනෙන් මම ම රිකිල්ලක් ගෙන එය සිටුවන්නෙමි. එහි මුදුන් රිකිලිවලින් ළපටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි. මම එය උස් වූ ඉශ්රායෙල් කන්ද උඩ සිටුවන්නෙමි. එයින් අතු ලියලන්නේ ය; එහි පලදාව හටගන්නේ ය; එය උතුම් කිහිරි ගසක් වන්නේ ය. පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු යට ලගින්නෝ ය. ඒ අතුවල සෙවණෙහි උන් ලගිනු ඇත.
එසකියෙල් 17:22-23 New International Version (NIV)
“ ‘This is what the Sovereign LORD says: I myself will take a shoot from the very top of a cedar and plant it; I will break off a tender sprig from its topmost shoots and plant it on a high and lofty mountain. On the mountain heights of Israel I will plant it; it will produce branches and bear fruit and become a splendid cedar. Birds of every kind will nest in it; they will find shelter in the shade of its branches.