එසකියෙල් 14:1-8

එසකියෙල් 14:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉශ්‍රායෙල් ප්‍රජා මූලිකයින් ඇතැම් දෙනෙක් මා වෙත අවුත්, මා ඉදිරිපිට හිඳ ගත්හ. එවිට, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: “මනුෂ්‍ය පුත්‍රය, මේ මිනිස්සු තමන්ගේ හදවත්වල තම දේව රූප පිහිටුවා ගෙන, තමන් ඉදිරියෙහි දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගත්හ. මගෙන් විචාරන්නට මා ඔවුන්ට කොහෙත් ම ඉඩ දිය යුතු ද? එබැවින් ඔවුන්ට කතා කොට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඉශ්‍රායෙල් වංශික යම් මිනිසෙක් තම හදෙහි තම දේව රූප පිහිටුවා ගෙන, තමන් ඉදිරියෙහි දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගෙන, ඉන්පසු දිවැසිවරයා වෙත පැමිණියහොත්, ඔහුගේ පිළිම රාශියේ හැටියට ස්වාමින්වහන්සේ වන මම ඔහුට පිළිතුරු දෙන්නෙමි. එසේ කරන්නේ, තම දේව පිළිම සියල්ල නිසා, මා අත්හැර ගිය ඉශ්‍රායෙල් ජනයාගේ හදවත් යළි හරවා ගන්නා පිණිස ය.’ “එබැවින් ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න. ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: පසුතැවිලි වන්න; ඔබේ දේව පිළිම වෙතින් ඉවත හැරෙන්න. ඔබේ පිළිකුල් සහගත ක්‍රියා මාර්ග සියල්ල අත්හරින්න. “ ‘යම් ඉශ්‍රායෙල් වංශිකයකු හෝ ඉශ්‍රායෙල්හි වාසය කරන විදේශිකයකු මගෙන් වෙන් ව තම හදෙහි දේව පිළිම පිහිටුවා ගෙන, තම මුහුණ ඉදිරිපිට දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගෙන, ඉන්පසු මගෙන් විචාරන පිණිස දිවැසිවරයා වෙත යන කල, ස්වාමින්වහන්සේ වන මම ම ඔහුට පිළිතුරු දෙන්නෙමි. මම ඒ මිනිසාට එරෙහිව මගේ මුහුණ යොමා, ඒ මිනිසා උපහැරණයක් ද උපදේශයක් ද වන්නට සලසමි. මගේ ජනතාව වෙතින් මම ඔහු සිඳ දමන්නෙමි. එවිට ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නවා ඇත.

එසකියෙල් 14:1-8 Sinhala Revised Old Version (SROV)

එකල්හි ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සමහරු මා ළඟට ඇවිත් මා ඉදිරියෙහි හිඳගත්තෝය. එවිට ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය මේ මනුෂ්‍යයෝ තමුන්ගේ දේවරූප තමුන්ගේ සිත්වල පිහිටුවාගෙන, තමුන්ගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමුන්ගේ මුහුණු ඉදිරිපිට තබාගන සිටිති. මාගෙන් විභාගකරන්ට ඔවුන්ට කොහෙත්ම ඉඩදිය යුතුද? එබැවින් ඔවුන් සමඟ කථාකර ඔවුන්ට මෙසේ කියන්න–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් වංශයෙන් තමාගේ දේවරූප තමාගේ සිතේ පිහිටුවාගෙන, තමාගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමාගේ මුහුණ ඉදිරිපිට තබාගන්න එකිනෙකා අනාගතවක්තෘ ළඟට ආ විට, ස්වාමීන්වහන්සේ වන මම ඒ හැටියට එනම් ඔහුගේ දේවරූප රාශියේ ප්‍රකාරයට ඔහුට උත්තරදෙන්නෙමි. මෙසේ කරන්නේ මුළු ඉශ්‍රායෙල් වංශය තමුන්ගේ දේවරූප කරණකොටගෙන මාගෙන් වෙන්ව ගිය බැවින් ඔවුන්ගේ සිත් තුළෙහිම ඔවුන් අසුකරන පිණිසය. එබැවින් ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලා හැරී, නුඹලාගේ දේවරූප කෙරෙන් සිත හරවා, නුඹලාගේ සියලු පිළිකුල්කම්වලින් නුඹලාගේ මුහුණු හරවාගන්න. මක්නිසාද ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි පොරොත්තුව සිටි අන්‍යයන්ගෙන් හෝ මාගෙන් වෙන්වී තමාගේ දේවරූප තමාගේ සිතේ තබාගෙන, තමාගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමාගේ මුහුණ ඉදිරිපිට තබාගන්න එකිනෙකා, මා ගැන අනාගතවක්තෘගෙන් විභාගකරන්ට ඔහු ළඟට ආකල්හි ස්වාමීන්වහන්සේ වන මම මා ගැන ඔහුට උත්තරදෙන්නෙමි. මම ඒ මනුෂ්‍යයාට විරුද්ධව මාගේ මුහුණ තබා, ලකුණක්ද උපමාවක්ද පිණිස ඔහු නාස්තිකර, මාගේ සෙනඟ අතරෙන් ඔහු සිඳදමන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.

එසකියෙල් 14:1-8 Sinhala New Revised Version (NRSV)

එකල්හි ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් සමහරු මා ළඟට අවුත් මා ඉදිරියෙහි හිඳ ගත්තෝ ය. එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ මනුෂ්‍යයන් තමන්ගේ දේව රූපවලට සිය සිත් යොමු කර ඇත; ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දේ දෙසට නෙත් යොමා ඇත. මාගෙන් විමසන්න ඔවුන්ට කොහෙත් ම ඉඩ දිය යුතු ද? “එබැවින් ඔවුන් සමඟ කතා කර ඔවුන්ට කියන්න, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව රූපවලට සිය සිත් යොමු කරගත්, ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දෙයට නෙත් යොමු කරගත් යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිවැසිවරයා වෙත පැමිණියහොත්, ඔහුගේ දේව රූප බහුල වීම නිසා ස්වාමීන් වන මම ම ඔහුට පිළිතුරු දෙන්නෙමි. මෙසේ කරන්නේ, මුළු ඉශ්රායෙල් වංශය තමන්ගේ දේව රූප කරණකොටගෙන මාගෙන් වෙන් ව ගිය බැවින් ඔවුන් ආපසු මා වෙත දිනාගන්න පිණිස ය.’ “එබැවින් ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. හැරී එන්න; නුඹලාගේ දේව රූප ප්‍රතික්ෂේප කරන්න; නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අත් හරින්න. “කුමක් නිසා ද, ඉශ්රායෙල් වංශයෙන් හෝ ඉශ්රායෙල්වරුන් අතරෙහි වාසය කරන විදේශීන්ගෙන් හෝ මාගෙන් වෙන් වී තමාගේ දේව රූපවලට නමස්කාර කරමින්, තමාගේ වැටීමට හේතු වන දේ කෙරෙහි සිත් යොමු කරමින් සිටින යම් කිසිවෙකු දිවැසිවරයෙකු මඟින් මාගෙන් කරුණු විමසන්න පැමිණි කල්හි සමිඳාණන් වහන්සේ වන මම ම ඔහුට පෞද්ගලික වශයෙන් පිළිතුරු දෙන්නෙමි. මම ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ආදර්ශයක් හා පාඩමක් වශයෙන් මම ඔහු මාගේ සෙනඟ අතරෙන් නෙරපා දමන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

එසකියෙල් 14:1-8 Sinhala New Revised Version 2018 (SNRV)