එසකියෙල් 14:1-20
එසකියෙල් 14:1-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්‍රායෙල් ප්‍රජා මූලිකයින් ඇතැම් දෙනෙක් මා වෙත අවුත්, මා ඉදිරිපිට හිඳ ගත්හ. එවිට, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: “මනුෂ්‍ය පුත්‍රය, මේ මිනිස්සු තමන්ගේ හදවත්වල තම දේව රූප පිහිටුවා ගෙන, තමන් ඉදිරියෙහි දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගත්හ. මගෙන් විචාරන්නට මා ඔවුන්ට කොහෙත් ම ඉඩ දිය යුතු ද? එබැවින් ඔවුන්ට කතා කොට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඉශ්‍රායෙල් වංශික යම් මිනිසෙක් තම හදෙහි තම දේව රූප පිහිටුවා ගෙන, තමන් ඉදිරියෙහි දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගෙන, ඉන්පසු දිවැසිවරයා වෙත පැමිණියහොත්, ඔහුගේ පිළිම රාශියේ හැටියට ස්වාමින්වහන්සේ වන මම ඔහුට පිළිතුරු දෙන්නෙමි. එසේ කරන්නේ, තම දේව පිළිම සියල්ල නිසා, මා අත්හැර ගිය ඉශ්‍රායෙල් ජනයාගේ හදවත් යළි හරවා ගන්නා පිණිස ය.’ “එබැවින් ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න. ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: පසුතැවිලි වන්න; ඔබේ දේව පිළිම වෙතින් ඉවත හැරෙන්න. ඔබේ පිළිකුල් සහගත ක්‍රියා මාර්ග සියල්ල අත්හරින්න. “ ‘යම් ඉශ්‍රායෙල් වංශිකයකු හෝ ඉශ්‍රායෙල්හි වාසය කරන විදේශිකයකු මගෙන් වෙන් ව තම හදෙහි දේව පිළිම පිහිටුවා ගෙන, තම මුහුණ ඉදිරිපිට දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගෙන, ඉන්පසු මගෙන් විචාරන පිණිස දිවැසිවරයා වෙත යන කල, ස්වාමින්වහන්සේ වන මම ම ඔහුට පිළිතුරු දෙන්නෙමි. මම ඒ මිනිසාට එරෙහිව මගේ මුහුණ යොමා, ඒ මිනිසා උපහැරණයක් ද උපදේශයක් ද වන්නට සලසමි. මගේ ජනතාව වෙතින් මම ඔහු සිඳ දමන්නෙමි. එවිට ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නවා ඇත. “ ‘දිවැසි වැකියෙන් පැවසීමට එම දිවැසිවරයා පොලඹවනු ලද්දේ නම්, එම දිවැසිවරයා පොලඹවන ලද්දේ ස්වාමින්වහන්සේ වන මා විසිනි. මම ඔහුට එරෙහිව මගේ හස්තය දිගු කොට මගේ ජනයා වන ඉශ්‍රායෙල් අතරින් ඔහු සිඳ දමන්නෙමි. ඔවුන්ගේ වරද ඔවුන් පිට ම වන්නේ ය. දිවැසිවරයා ද ඔහුගෙන් විචාරන්නා ද එක සේ වරදකරුවකු වන්නේ ය. එකල ඉශ්‍රායෙල් ජනතාව තවදුරටත් මවෙතින් ඈත් ව මංමුළා ව නො යනු ඇත. තම පාප සියල්ලෙන් ඔවුන් තවත් අපවිත්‍ර නො වනු ද ඇත. ඔවුහු මගේ ජනතාව වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.’ ” ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: “මනුෂ්‍ය පුත්‍රය, යම් රටක් අවිශ්වාසවන්තවීමෙන් මට එරෙහිව පව් කරන්නේ නම්, මම මගේ හස්තය ඊට එරෙහිව දිගු කොට, එහි ආහාර සැපයුම සිඳ දමන්නෙමි. සාගතය එහි යවා එහි මිනිසුන් ද ඔවුන්ගේ සතුන් ද මරා දමන්නෙමි. නෝවා, දානියෙල් හා යෝබ් යන තිදෙන එහි සිටින්නේ වුව ද තමන්ගේ දමිටුකමෙන් ඔවුන්ට ගලවාගත හැකි වන්නේ තමන්ගේ ම ජීවිත පමණකැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “නැතහොත්, මවිසින් රට මුළුල්ලෙහි වන මෘගයින් යවනු ලැබ, ඒ මෘගයින් නිසා කිසිවකුත් රට හරහා ගමන් කිරීමට නො හැකි වන සේ උන් එය ඔබේ දරුවන්ගෙන් තොර කෙරෙනු ඇත. එය පාළුවට යන කල, මෙම තුන් දෙනා රට තුළ සිටින්නේ වුව ද පරමාධිපති ස්වාමින්වහන්සේ වන මා ප්‍රකාශ කරන්නේ, මා ජීවත් වන වග සැබෑ සේ ම, තමන්ගේ දූ පුතුන් වුව ගලවා ගැනීමට ඔවුනට නො හැකි වග ය. ඔවුන් පමණක් ගැලවී යනු ඇත. දේශය පාළුවක් ම වන්නේ ය. “එසේ නැතහොත්, එම රටට එරෙහිව මා අසිපතක් ගෙනැවිත්, ‘දේශය මුළුල්ලෙහි අසිපත යේවා’ යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ, මා ජීවත් වන වග සැබෑ සේ ම මෙම මිනිසුන් තුන් දෙනා රට තුළ සිටින්නේ වුව ද ඔවුන්ට තමන්ගේ ම දූ පුතුන් වුව ගලවා ගැනීමට නො හැකි වග ය. ඔවුන් පමණක් ගැලවී ගනු ඇත. “එසේ ද නැතහොත්, මා ඒ දේශය තුළට වසංගතයක් එවා ලේ වැගිරීමකින් එරට මිනිසුන් ද ඔවුන්ගේ සතුන් ද මරා දමමින්, මගේ උදහස ඒ පිට වගුරු වන කල, නෝවා, දානියෙල් හා යෝබ් යන මිනිසුන් තිදෙනා එරට තුළ සිටින්නේ වුව ද පරමාධිපති ස්වාමින්වහන්සේ වන මා ප්‍රකාශ කර සිටින්නේ, මා ජීවත් වන වග සැබෑ සේ ම ඔවුන්ට පුතකුවත්, දුවකවත් ගලවාගත නො හැකි වන වග ය. තමන්ගේ දමිටුකමින් ඔවුන්ට තුමූම පමණක් ගැලවීගත හැකි වනු ඇත.
එසකියෙල් 14:1-20 Sinhala Revised Old Version (SROV)
එකල්හි ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සමහරු මා ළඟට ඇවිත් මා ඉදිරියෙහි හිඳගත්තෝය. එවිට ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය මේ මනුෂ්‍යයෝ තමුන්ගේ දේවරූප තමුන්ගේ සිත්වල පිහිටුවාගෙන, තමුන්ගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමුන්ගේ මුහුණු ඉදිරිපිට තබාගන සිටිති. මාගෙන් විභාගකරන්ට ඔවුන්ට කොහෙත්ම ඉඩදිය යුතුද? එබැවින් ඔවුන් සමඟ කථාකර ඔවුන්ට මෙසේ කියන්න–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් වංශයෙන් තමාගේ දේවරූප තමාගේ සිතේ පිහිටුවාගෙන, තමාගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමාගේ මුහුණ ඉදිරිපිට තබාගන්න එකිනෙකා අනාගතවක්තෘ ළඟට ආ විට, ස්වාමීන්වහන්සේ වන මම ඒ හැටියට එනම් ඔහුගේ දේවරූප රාශියේ ප්‍රකාරයට ඔහුට උත්තරදෙන්නෙමි. මෙසේ කරන්නේ මුළු ඉශ්රායෙල් වංශය තමුන්ගේ දේවරූප කරණකොටගෙන මාගෙන් වෙන්ව ගිය බැවින් ඔවුන්ගේ සිත් තුළෙහිම ඔවුන් අසුකරන පිණිසය. එබැවින් ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලා හැරී, නුඹලාගේ දේවරූප කෙරෙන් සිත හරවා, නුඹලාගේ සියලු පිළිකුල්කම්වලින් නුඹලාගේ මුහුණු හරවාගන්න. මක්නිසාද ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඉශ්රායෙල්වරුන් අතරෙහි පොරොත්තුව සිටි අන්‍යයන්ගෙන් හෝ මාගෙන් වෙන්වී තමාගේ දේවරූප තමාගේ සිතේ තබාගෙන, තමාගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමාගේ මුහුණ ඉදිරිපිට තබාගන්න එකිනෙකා, මා ගැන අනාගතවක්තෘගෙන් විභාගකරන්ට ඔහු ළඟට ආකල්හි ස්වාමීන්වහන්සේ වන මම මා ගැන ඔහුට උත්තරදෙන්නෙමි. මම ඒ මනුෂ්‍යයාට විරුද්ධව මාගේ මුහුණ තබා, ලකුණක්ද උපමාවක්ද පිණිස ඔහු නාස්තිකර, මාගේ සෙනඟ අතරෙන් ඔහු සිඳදමන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය. අනාගතවක්තෘ රැවටී වචනයක් කියනවා නම්, ස්වාමීන්වහන්සේ වන මම ඒ අනාගතවක්තෘ රැවටෙන්ට සැලැස්වීමි, මම ඔහුට විරුද්ධව මාගේ අත දිගුකොට, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් අතරෙන් ඔහු නාස්තිකරන්නෙමි. ඔවුන් තමුන්ගේ අයුතුකම දරනවා ඇත. අනාගතවක්තෘගේ අපරාධය ඔහුගෙන් විභාගකරන්නාගේ අපරාධය මෙන් වන්නේය. මෙසේ වන්නේ ඉශ්රායෙල් වංශය මා වෙතින් තවත් මුළාව නොගොස්, තමුන්ගේ සියලු අපරාධවලින් තවත් කිලුටු නොවී, මාගේ සෙනඟ වන පිණිසත් මා ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන පිණිසත්යයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීවේය. තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම්කරමින් මට විරුද්ධව පව්කරන නිසා මා ඊට විරුද්ධව මාගේ අත දිගුකොට එහි කෑම නැමති යෂ්ටිය නැතිකර, ඊට විරුද්ධව සාගතය යවා, එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳදමන විට, නෝවාද දානියෙල්ද යෝබ්ද යන මේ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත්, ඔවුන් තමුන්ගේ ධර්මිෂ්ඨකමින් තමුන්ගේම ප්‍රාණ පමණක් ගළවාගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. චණ්ඩ මෘගයන් නිසා කිසිවෙකු දේශයෙහි ගමන් නොකරන හැටියට ඒක පාළුවක් වෙන ලෙස නාස්තිකරන පිණිස මා විසින් මෘගයන් එහි යවන විට, ඒ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත්, මා ජීවමාන බව සැබෑවා සේම, ඔවුන් පුත්‍රයන්වත් දූවරුන්වත් ගළවාගන්නේ නැතුව ඔවුන් පමණක්ම ගැළවෙනවා ඇත, දේශයද පාළුවක් වෙනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීයේය. නොහොත් මා විසින් කඩුවක් ඒ දේශයට විරුද්ධව පමුණුවා: කඩුව, දේශය මුළුල්ලෙහි යවයි කියා එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳදමන විට, ඒ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත් මා ජීවමාන බව සැබෑවා සේම, ඔවුන් පුත්‍රයන්ද දූවරුන්ද ගළවාගන්නේ නැතුව ඔවුන් පමණක් ගැළවෙනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. නොහොත් මා ඒ දේශයට වසංගතය යවා එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳ දැමීමට ලේ වැගිරවීමෙන් මාගේ කෝපය ඒක කෙරෙහි වගුරුවන විට, නෝවාද දානියෙල්ද, යෝබ්ද එහි සිටියත්, මා ජීවමාන බව සැබෑවා සේම, ඔවුන් පුත්‍රයෙක්වත් දුවෙක්වත් ගළවාගන්නේ නැත; ඔවුන් තමුන්ගේ ධර්මිෂ්ඨකමින් ස්වකීය ප්‍රාණ පමණක් ගළවාගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
එසකියෙල් 14:1-20 Sinhala New Revised Version (NRSV)
එකල්හි ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් සමහරු මා ළඟට අවුත් මා ඉදිරියෙහි හිඳ ගත්තෝ ය. එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ මනුෂ්‍යයන් තමන්ගේ දේව රූපවලට සිය සිත් යොමු කර ඇත; ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දේ දෙසට නෙත් යොමා ඇත. මාගෙන් විමසන්න ඔවුන්ට කොහෙත් ම ඉඩ දිය යුතු ද? “එබැවින් ඔවුන් සමඟ කතා කර ඔවුන්ට කියන්න, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව රූපවලට සිය සිත් යොමු කරගත්, ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දෙයට නෙත් යොමු කරගත් යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිවැසිවරයා වෙත පැමිණියහොත්, ඔහුගේ දේව රූප බහුල වීම නිසා ස්වාමීන් වන මම ම ඔහුට පිළිතුරු දෙන්නෙමි. මෙසේ කරන්නේ, මුළු ඉශ්රායෙල් වංශය තමන්ගේ දේව රූප කරණකොටගෙන මාගෙන් වෙන් ව ගිය බැවින් ඔවුන් ආපසු මා වෙත දිනාගන්න පිණිස ය.’ “එබැවින් ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. හැරී එන්න; නුඹලාගේ දේව රූප ප්‍රතික්ෂේප කරන්න; නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අත් හරින්න. “කුමක් නිසා ද, ඉශ්රායෙල් වංශයෙන් හෝ ඉශ්රායෙල්වරුන් අතරෙහි වාසය කරන විදේශීන්ගෙන් හෝ මාගෙන් වෙන් වී තමාගේ දේව රූපවලට නමස්කාර කරමින්, තමාගේ වැටීමට හේතු වන දේ කෙරෙහි සිත් යොමු කරමින් සිටින යම් කිසිවෙකු දිවැසිවරයෙකු මඟින් මාගෙන් කරුණු විමසන්න පැමිණි කල්හි සමිඳාණන් වහන්සේ වන මම ම ඔහුට පෞද්ගලික වශයෙන් පිළිතුරු දෙන්නෙමි. මම ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ආදර්ශයක් හා පාඩමක් වශයෙන් මම ඔහු මාගේ සෙනඟ අතරෙන් නෙරපා දමන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය. “දිවැසිවරයා රැවටී කතා කරයි නම්, ඒ දිවැසිවරයා රවටා ඇත්තේ සමිඳාණෝ වන මම ය. මම ඔහුට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙන් ඔහු නෙරපාදමමි. ඔවුන් තමන්ගේ අයුතුකමේ විපාකය විඳිනු ඇත. දිවැසිවරයාගේ වරදත්, ඔහුගෙන් විමසන්නාගේ වරදත්, එක හා සමාන ව බරපතල වන්නේ ය. මෙසේ වන්නේ, ඉශ්රායෙල් වංශය මා වෙතින් තවත් මුළා ව නොගොස්, තමන්ගේ සියලු අපරාධවලින් තවත් නොකෙලෙසී ඔවුන් මාගේ සෙනඟ වන පිණිසත්, මා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන පිණිසත් ය. මෙසේ පවසන්නේ දෙවියන් වහන්සේ ය.” සමිඳාණන් වහන්සේ තවදුරටත් මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම් කරමින් මට විරුද්ධ ව පව් කරන්නේ නම්, මම ඊට විරුද්ධ ව මාගේ අත දිගු කොට එහි කෑම තොග නැති කරදමා, ඊට විරුද්ධ ව සාගතය යවා, මනුෂ්‍යයන් සහ මෘගයන් විනාශ කරදමන්නෙමි. එකල්හි නෝවා ද දානියෙල් ද ජෝබ් ද යන මේ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, ඔවුන්ට තමන්ගේ ධර්මිෂ්ඨකමින් ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ප්‍රාණ පමණකි. චණ්ඩ මෘගයන්ට භීතියෙන් කිසිවෙකුට දේශයෙහි ගමන් කළ නොහැකි වන පරිදි එය පාළුවක් වනතෙක් නාස්ති කරන පිණිස මා විසින් මෘගයන් එහි යවනු ලබන විට, ඒ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය. ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකි. දේශය ද පාළුවක් වනු ඇත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය. “නොහොත් මා යුද්ධ කඩුවක් ඒ දේශයට විරුද්ධ ව පමුණුවා, ‘කඩුව, දේශය මුළුල්ලෙහි යව’ කියා එතැනින් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන විට, ඒ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත් මගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය; ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. “මා ඒ දේශයට වසංගතය එවා එතැනින් මනුෂ්‍යයන් ද මෘගයන් ද විනාශ කරදමන පිණිස මාගේ කෝපය ඒ කෙරෙහි වගුරුවා බොහෝ දෙනා විනාශ කරදමන විට, නෝවා ද දානියෙල් ද ජෝබ් ද එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි, ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය; ඔවුන් තමන්ගේ ධර්මිෂ්ඨකමින් සිය ප්‍රාණය පමණක් ගළවාගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
එසකියෙල් 14:1-20 Sinhala New Revised Version 2018 (SNRV)

එසකියෙල් 14:1-20 New International Version (NIV)
Some of the elders of Israel came to me and sat down in front of me. Then the word of the LORD came to me: “Son of man, these men have set up idols in their hearts and put wicked stumbling blocks before their faces. Should I let them inquire of me at all? Therefore speak to them and tell them, ‘This is what the Sovereign LORD says: When any of the Israelites set up idols in their hearts and put a wicked stumbling block before their faces and then go to a prophet, I the LORD will answer them myself in keeping with their great idolatry. I will do this to recapture the hearts of the people of Israel, who have all deserted me for their idols.’ “Therefore say to the people of Israel, ‘This is what the Sovereign LORD says: Repent! Turn from your idols and renounce all your detestable practices! “ ‘When any of the Israelites or any foreigner residing in Israel separate themselves from me and set up idols in their hearts and put a wicked stumbling block before their faces and then go to a prophet to inquire of me, I the LORD will answer them myself. I will set my face against them and make them an example and a byword. I will remove them from my people. Then you will know that I am the LORD. “ ‘And if the prophet is enticed to utter a prophecy, I the LORD have enticed that prophet, and I will stretch out my hand against him and destroy him from among my people Israel. They will bear their guilt—the prophet will be as guilty as the one who consults him. Then the people of Israel will no longer stray from me, nor will they defile themselves anymore with all their sins. They will be my people, and I will be their God, declares the Sovereign LORD.’ ” The word of the LORD came to me: “Son of man, if a country sins against me by being unfaithful and I stretch out my hand against it to cut off its food supply and send famine upon it and kill its people and their animals, even if these three men—Noah, Daniel and Job—were in it, they could save only themselves by their righteousness, declares the Sovereign LORD. “Or if I send wild beasts through that country and they leave it childless and it becomes desolate so that no one can pass through it because of the beasts, as surely as I live, declares the Sovereign LORD, even if these three men were in it, they could not save their own sons or daughters. They alone would be saved, but the land would be desolate. “Or if I bring a sword against that country and say, ‘Let the sword pass throughout the land,’ and I kill its people and their animals, as surely as I live, declares the Sovereign LORD, even if these three men were in it, they could not save their own sons or daughters. They alone would be saved. “Or if I send a plague into that land and pour out my wrath on it through bloodshed, killing its people and their animals, as surely as I live, declares the Sovereign LORD, even if Noah, Daniel and Job were in it, they could save neither son nor daughter. They would save only themselves by their righteousness.