එසකියෙල් 1:1-28

එසකියෙල් 1:1-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තිස්වන අවුරුද්දේ සිවු වන මස පස්වැනිදා, මා, පිටුවහල් කරනු ලැබූවන් අතරේ කෙබාර් ගඟබඩ සිටියදී අහස විවර කෙරිණි. එවිට දේව දර්ශන මම දුටිමි. ඒ, යෙහෝයාකීන් රජු පිටුවහල් කරනු ලද පසු පස් වන අවුරුද්ද ය. මාසයේ පස්වැනිදා, ස්වාමින්වහන්සේගේ වචනය, කල්දිවරුන්ගේ දේශයේ කෙබාර් ගඟබඩදී බූසීගේ පුත් පූජක එසකියෙල් වෙත පැමිණියේ ය. එහිදී ස්වාමින්වහන්සේගේ හස්තය ඔහු පිට විය. මා බැලූ කල, මෙන්න! උතුරින් හමා එන සුළං කුණාටුවක්! එය දීප්තිමත් එළියකින් වට වූ ද විදුලි අකුණු සහිත වූ ද සුවිසල් වලාවකි. ඒ ගිනි, අභ්‍යන්තරය ඇවිළෙන ලෝහ සේ පෙනුණි. ජීවමාන සත්වයින් හතර දෙනෙක් බඳු වූවෝ, ඒ ගින්න මැද වූහ. ඔවුහු පෙනුමෙන් මිනිස් ස්වරූපය දැරූහ. එහෙත් ඔවුන් එකිනෙකාට මුහුණු හතරක් ද පියාපත් හතරක් ද බැගින් තිබිණ. ඔවුන්ගේ කකුල් සෘජු විය. ඔවුන්ගේ පාද වස්සකුගේ සේ කුර සහිත විය. ඒවා ඔප් නැගූ ලෝකඩ මෙන් දිළිසිණි. ඔවුන්ගේ හතර පැත්තේ, ඔවුන්ගේ පියාපත් යට ඔවුන්ට මිනිස් අත් තිබිණ. මෙසේ, ඒ හතර දෙනාට මුහුණු හා පියාපත් තිබිණ. ඔවුන් එකකුගේ පියාපත්, අනෙකාගේ පියාපත් හා ස්පර්ශ ව තිබිණ. ඔවුන් එකට ඉදිරියට ගියහ. ගමන් ගන්නා විට ඔවුන්ගේ මුහුණු නො හැරුණහ. ඔවුන්ගේ මුහුණුවල පෙනුම මෙබඳු ය: හැම කෙනකුට ම මිනිස් මුහුණක් තිබිණ. හතර දෙනාට දකුණු පැත්තේ සිංහයකුගේ මුහුණක් බැගින් ද හතර දෙනාට වම් පැත්තේ ගවයකුගේ මුහුණක් බැගින් ද තිබිණ. තවද, හතර දෙනාට රාජාලියකුගේ මුහුණක් බැගින් ද තිබිණ. ඔවුන්ගේ මුහුණු එබඳු ය. තවද ඔවුන්ගේ පියාපත් දෙකක් ඉහළට විහිදවා තිබිණ. එකකුගේ පියාපත අනෙකාගේ එකට ස්පර්ශ වූ අතර අනෙක් පියාපත් දෙකෙන් තමන්ගේ සිරුර වසා ගත්හ. ඔවුන් එකට ඉදිරියට ගියහ. ආත්මය යන්නට කැමති වූ කොතැනක වුව ගියහ. ගමන් ගන්නා විට ඔවුහු නො හැරුණහ. ජීවමාන සත්වයින්ගේ සමානත්වය අනුව පෙනුමින් ඔවුහු ඇවිළෙන ගිනි අඟුරු මෙන් ද ඇවිළෙන ගිනි පන්දම් මෙන් ද වූහ. ගින්න, ජීවමාන සත්වයන් අතර ඔබ මොබ ගියහ; එම ගින්න දීප්තිමත් විය; විදුලි අකුණු ධාරා එයින් නික්මිණ. ජීවමාන සත්වයෝ විදුලි අකුණු ධාරා සේ ඔබ මොබ දුව පැන්නහ. ජීවමාන සත්වයින් දෙස මා බලා සිටිද්දී, මෙන්න! මුහුණු හතර සහිත එක් එක් සත්වයා පසෙකින් පොළොව පිට රෝදයක් බැගින්! රෝදවල පෙනුම හා නිර්මිතය මේ අයුරු ය. ඒවා රන්කාන්ති මිණි සේ බැබළිණි. ඒවා හතර ම එක හා සමාන ය. ඒ හැමකක් ම රෝදයක් තුළ රෝදයක් හරහට සිටින සේ නිමවුණු සෙයක් පෙනිණ. සත්වයින් මුහුණ හරවා සිටියේ දිසා සතරින් කවර දිසාවකට ද, ඒ දෙසට ඒවා ගමන් කළේ ය. සත්වයින් ගමන් ගන්නා කල, රෝද වෙනතක හැරුණේ නැත. රෝදවල පට්ටම් උස් ව, භයංකර ව තිබිණ. ඒ පට්ටම් හතර වටා වටේට ම ඇස් පිරී තිබිණ. ජීවමාන සත්වයින් ගමන් ගත් කල, රෝද ද ඔවුන් පසෙකින් ගමන් ගත්තේ ය. ජීවමාන සත්වයින් පොළොවෙන් උඩට නැගුණ කල, රෝද ද උඩට නැගුණේ ය. ආත්මය ගිය කවර දිශාවකට වුව ඔවුහු ද ගියහ. ජීවමාන සත්වයින්ගේ ආත්මය රෝද තුළ වූ බැවින් රෝද ද ඔවුන් සමඟින් ම නැගුණේ ය. සත්වයින් ගමන් ගත් කල, ඒවා ද ගමන් ගති. ඔවුන් නැවතී, සිටගත් කල, ඒවා ද නිසල ව නැවතිණ. සත්වයින් භූමියෙන් උඩට නැගුණු කල, රෝද ද ඔවුන් සමඟින් උඩට නැගුණි. මන්ද ජීවමාන සත්වයින්ගේ ආත්මය තිබුණේ රෝද තුළෙහි ය. ජීවමාන සත්වයින්ගේ හිස්වලට ඉහළින් විහිදී පැතුරුණු භයංකර, පළිඟු සේ දිළිසෙන අවකාශයක් වැන්නක් තිබිණ. අවකාශයට යටින් ඔවුන්ගේ පියාපත් අනෙකාගේ දෙසට සෘජු ව විහිදවනු ලැබ තිබිණ. තමන්ගේ සිරුර ආවරණ කර ගන්නා පියාපත් දෙකක් ද ඒ එකිනෙකාට තිබිණ. ඔවුන් ගමන් කරන විට ඔවුන්ගේ පියාපත්වල ශබ්දය මට ඇසුණේ, ගලා හැලෙන ජල ඝෝෂාවක් මෙනි; සර්ව පරාක්‍රමයාණන්ගේ කටහඬ පරිද්දෙනි; සේනාංකයක ශබ්දය බඳු කෝලාහල ශබ්දයක් මෙනි. නැවතී සිටින විට ඔවුහු තම පියාපත් පහත හෙළූහ. එසේ පියාපත් පහත හෙළා ඔවුන් නැවතී සිටගත් කල, ඔවුන්ගේ හිස්වලට උඩින් වූ අවකාශයට ඉහළින් කටහඬක් ඇසුණි. ඔවුන්ගේ හිස්වලට උඩින් වූ අවකාශයට ඉහළින්, පෙනුමින් ඉන්ද්‍රනීල මාණික්‍ය සිංහාසනයක් වැන්නක් විය. ඒ සිංහාසනය වැන්නට උඩින් ඒ මත මිනිසකුගේ බඳු ස්වරූපයක් විණ. එතුමන්ගේ ඉඟටිය සේ පෙනුණු තැන් සිට ඉහළට පෙනුණු ස්වරූපය මුළුමනින් ම ගිනිගෙන ඇවිළෙන ලෝහයක් සේ මම දුටුවෙමි. එතුමන්ගේ ඉඟටිය සේ පෙනුණු තැන් සිට පහළට පෙනුණු ස්වරූපය ගින්දර වැන්න. දීප්තිය විහිදෙන ආලෝකයක් එතුමන් වට කොට ගත්තේ ය. එතුමන් වටා වූ ප්‍රභාවෙහි පෙනුම, වැසි දිනෙක වලාවන්හි දේදුන්නක් වැන්න. එතුමන් වටා වූ ප්‍රභාවෙහි පෙනුම ඒ අයුරු ය. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයේ ස්වභාවයේ පෙනුම ඒ අයුරු ය. මම එය දුටු විට, මුහුණ බිමට නමා වැඳ වැටුණෙමි. එකල කෙනකු කතා කරන හඬ මට ඇසුණි.

එසකියෙල් 1:1-28 Sinhala Revised Old Version (SROV)

තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය. යෙහෝයාඛීන් රජුගේ වහල්කමේ පස්වෙනි අවුරුද්දේ මාසයේ පස්වෙනිදා, කල්දිවරුන්ගේ දේශයෙහි කෙබාර් ගංගාව ළඟ බූසීගේ පුත්‍රවූ එසකියෙල් නම් පූජකයා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමුණුණේය; ස්වාමීන්වහන්සේගේ අතද එහිදී ඔහු පිට විය. මා බැලූ විට හුළං කුණාටුවක් උතුරෙන් එනවා දුටිමි, මහත් වලා පටලයක්ද ඇවිළීයන ගින්නක්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දිලිහෙන පිත්තල මෙන් ගින්න මැද සිට බැබළීමක්ද වූයේය. තවද එහි මැද සිට සත්වයන් සතර දෙනෙකුගේ ස්වරූප නික්මුණේය. ඔවුන්ගේ පෙනීම මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූපය තිබුණේය. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක්ද එකිනෙකාට පියාපත් සතරක්ද විය. ඔවුන්ගේ පාද ඇද නැති පාදය; ඔවුන්ගේ පාද පතුල් වස්සෙකුගේ පාද පතුල් මෙන්ය. ඒවා දීප්තිමත් පිත්තල මෙන් දිලිසුණේය. ඔවුන්ගේ සතර පැතිවල ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් තිබුණේය. ඒ සතරදෙනාගේ මුහුණු සහ පියාපත්ද මෙසේය: ඔවුන්ගේ පියාපත් එකිනෙකට බැඳී තැවරී තිබුණේය; ඔව්හු යන විට නොහැරී කෙළින් ඉස්සරහට ගියෝය. ඔවුන්ගේ මුහුණුවල ස්වරූපය මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය මුහුණක්ද ඔවුන් සතරදෙනාට දකුණු පැත්තේ සිංහ මුහුණක්ද ඔවුන් සතරදෙනාට වම් පැත්තේ ගව මුහුණක්ද ඔවුන් සතරදෙනාට රාජාලි මුහුණක්ද බැගින් තිබුණේය. ඔවුන්ගේ මුහුණුද ඔවුන්ගේ පියාපත්ද ඉහළින් වෙන්ව තිබුණේය; එකිනෙකාගේ පියාපත් දෙකක් තවත් කෙනෙකුගේ පියාපත් දෙකකට වැදී තිබුණේය. දෙකකින් ඔවුන්ගේ ශරීරය වැසී තිබුණේය. ඔවුන් එක එකා කෙළින් ඉස්සරහට ගියේය. ආත්මය යම් තැනකට යන්ට කැමැතිවීද ඔව්හු එහි ගියෝය; ඔව්හු යන විට නොහැරුණෝය. ඒ සත්වයන්ගේ ස්වරූපය මෙසේය: ඔවුන්ගේ පෙනීම ඇවිළෙන ගිනිඅඟුරු මෙන්ය, පන්දම්වල පෙනීම මෙන්ය; ගින්න සත්වයන් අතරේ එහා මෙහා ගියේය. එය දීප්තිමත්ව තිබුණේය, ඒ ගින්නෙන් විදුලි නික්මුණේය. ඒ සත්වයෝ විදුලි කෙටීමක පෙනීම මෙන් දිවගොස් හැරී ආවෝය. මා සත්වයන් දෙස බලා සිටියදී සත්වයන් ළඟ එක එකාගේ මුහුණු සතරට චක්‍රයක් බැගින් පොළොව පිට තිබෙනවා දුටිමි. චක්‍රවලද ඒවායේ කර්මාන්තවලද පෙනීම රන්කාන්තියක පාට මෙන්ය. ඒ සතරටම තිබුණේ එකාකාර ස්වරූපයක්ය. ඒවායේ පෙනීමද ඒවායේ කර්මාන්තද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ තිබෙන්නාක්මෙන් වූයේය. ඒවා යන විට නොහැරී ඒවායේ පැති සතරේ ප්‍රකාරයට ගියේය. ඒවායේ වළලු වනාහි උස්ව භයානකව තිබුණේය. ඒ සතරේම වළලු වටේට පුරාම ඇස් තිබුණේය. සත්වයන් යන විට චක්‍රත් ඔවුන් කැටුව ගියේය. සත්වයන් පොළොවෙන් නගින විට චක්‍රද නැංගේය. ආත්මය යන්ට සිටි කොයි තැනකට නුමුත් ඔව්හු ගියෝය; ආත්මය යන්ට කැමැතිවූ ස්ථානයකට චක්‍රත් ඔවුන් එක්වම නැංගේය; මක්නිසාද සත්වයාගේ ආත්මය චක්‍රවල තිබුණේය. ඔවුන් යන විට ඒවාත් ගියේය; ඔවුන් නැවතුණු විට ඒවාත් නැවතුණේය; ඔවුන් පොළොවෙන් නගින විට ඔවුන් එක්වම චක්‍රත් නැංගේය. මක්නිසාද සත්වයාගේ ආත්මය චක්‍රවල තිබුණේය. තවද සත්වයාගේ හිසට උඩින් භයානක පළිඟුවල පාට වැනි ආකාශයක සමානත්වයක් තිබුණේය, එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේය. ආකාශයට යටින් ඔවුන්ගේ පියාපත් එකකට එකක් කෙළින්ව තිබුණේය. එකිනෙකාගේ ශරීරයේ එහා පැත්ත දෙකකින්ද මෙහා පැත්ත දෙකකින්ද වැසී තිබුණේය. ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන්ද සර්වපරාක්‍රමයාණන්ගේ හඬ මෙන්ද මට ඇසුණේය, එය සේනාවක ඝෝෂාව මෙන් කෝලාහල ඝෝෂාවක්ය. ඔවුන් හිටින විට තමුන්ගේ පියාපත් පහත්කරගත්තෝය. ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් හඬක් පැමිණුණේය. ඔවුන් හිටින විට තමුන්ගේ පියාපත් පහත්කරගත්තෝය. ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේය. සිංහාසනයේ ස්වරූපය උඩ මනුෂ්‍ය පෙනීමක් ඇති ස්වරූපයක් තිබුණේය. එහි තුළ වටකරින් උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට ඉහළට ගිනි පෙනීමක් වැනි දිලිහෙන පිත්තලවල බැබළීමක් වාගේ දුටිමි; උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට පහළටත් ගිනිපෙනීමක් මෙන්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දුටිමි. වටකර තිබුණු දීප්තිමත්කමේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නේ පෙනීම මෙන්ය. මේ වනාහි ස්වාමීන්වහන්සේගේ තේජසේ ස්වරූපයේ පෙනීමය. මම එය දුටු කල මුහුණින් වැටුණෙමි, කථාකරන කෙනෙකුගේ හඬ මට ඇසුණේය.

එසකියෙල් 1:1-28 Sinhala New Revised Version (NRSV)

තිස් වන අවුරුද්දේ සතර වන මාසයේ පස් වන දින කෙබාර් ගං තෙර විප්‍රවාසයට ගෙනයනු ලැබූ අය අතරේ එසකියෙල් නම් මා සිටින කල්හි අහස විවෘත වී දේව දර්ශන මට පෙනුණේ ය. ජෙහෝයාකින් රජු විප්‍රවාසයට ගෙනයනු ලැබූ පසු, පස් වන අවුරුද්දේ මාසයේ පස් වන දින බබිලෝනියේ කෙබාර් ගං තෙර බුසීගේ පුත් එසකියෙල් නම් පූජකයා වෙත සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පැමිණියේ ය. සමිඳාණන් වහන්සේගේ ආනුභාවය ද එහි දී ඔහු පිට විය. මා බැලූ විට චණ්ඩ මාරුතයක් උතුරෙන් එනු මම දිටිමි. ඒ සමඟ දීප්තියෙන් වට වූ මහා වලාපටලයක් ද දිළිහෙන ලෝකඩ මෙන් ගින්න මැදින් බැබළීමක් ද ගිනි දලු විහිදෙන ගින්නක් ද වූයේ ය. සතුන්ගේ පෙනුම ඇති සතරදෙනෙක් ඒ මැද සිටියහ. ඔවුන්ගේ පෙනුම මෙසේ ය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූප තිබුණේ ය. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක් ද පියාපත් සතරක් ද තිබිණි. ඔවුන්ට ඇද නැති පාද තිබිණි. ඔවුන්ගේ පාදවල පතුල් වස්සෙකුගේ පාද පතුල් වැනි ය; ඒවා දීප්තිමත් ලෝකඩ මෙන් දිළිසුණේ ය. ඔවුන්ගේ පියාපත් යට සතර පැත්තේ ඔවුන්ට මනුෂ්‍ය අත් තිබිණි. ඒ සතරදෙනාගේ මුහුණු හා පියාපත් මෙයාකාර ය: ඔවුන්ගේ පියාපත් එකට එක් වී තිබුණේ ය. ගමන් කරන විට ඔව්හු නොහැරී කෙළින් ඉදිරියට ගියහ. ඔවුන්ගේ මුහුණුවල පෙනීම මෙසේ ය: ඔවුන් සතරදෙනාට ඉදිරියෙන් මිනිස් මුහුණක් ද දකුණු පැත්තෙන් සිංහ මුහුණක් ද වම් පැත්තෙන් ගව මුහුණක් ද රාජාලියෙකුගේ මුහුණක් ද තිබිණි. ඔවුන්ගේ පියාපත් ඉහළට විහිදී තිබිණි. එකිනෙකාගේ පියාපත් දෙකක් තවත් එකෙකුගේ පියාපත් සමඟ එක් වී තිබිණි. දෙකකින් ඔවුන්ගේ ශරීර වැසී තිබිණි. ඔව්හු එක එකා කෙළින් ඉදිරියට ගියෝ ය. ආත්මානුභාවය පෙන්වූ මඟ ඔස්සේ ඒ මේ අත නොහැරී ඔව්හු ගමන් කළහ. ඒ ජීවමාන සත්ත්වයන් මධ්‍යයෙහි ඇවිලෙන ගිනි අඟුරු වැනි වූ නැතහොත් ඔබමොබ යන පන්දම් වැනි වූ පෙනුමක් ඇති යම් කිසිවක් විය. ඒ ගින්න දීප්තිමත් ය; එයින් විදුලිය නික්මිණි. විදුලිය දහරක් සේ ඒ ජීවමාන සත්ත්වයෝ ඔබමොබ දිව්වෝ ය. මා ජීවමාන සත්ත්වයන් දෙස බලා සිටිය දී පොළොව මත ඒ සත්ත්වයන් සතරදෙනා ළඟ එකෙකුට එක බැගින් රන් චක්‍ර තිබෙනු මම දිටිමි. ඒ චක්‍ර රන් කාන්ති මෙන් බැබළුණේ ය. ඒ සතර ම එක හා සමාන ය. හැඩයෙන් ද ක්‍රියාකාරිත්වයෙන් ද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ ඇතුවාක් මෙන් පෙනුණේ ය. ඒවා ගමන් ගත්විට කිනම් අතකට වත් නොහැරී ඒවායේ පැති සතරෙන් එක දිශාවකට ගමන් ගත්තේ ය. චක්‍රවල වළලු තිබිණි. ඒ වළලු සතර පුරා ඇස් තිබුණේ ය. ඒ සත්ත්වයන් ගමන් ගත් විට චක්‍රත් ඔවුන් කැටුව ගියේ ය. ඒ ජීවමාන සත්ත්වයන් පොළොවෙන් නැඟුණු විට චක්‍රත් නැඟුණේ ය. ආත්මානුභාවය පෙන්වූ මඟ ඔස්සේ ඒ සත්ත්වයෝ ගමන් කළහ. ඔවුන් කළ දේ ම චක්‍රයෝ ද කළහ. මන්ද, සත්ත්වයන්ගේ සිත චක්‍රවලත් තිබුණේ ය. ඔවුන් යන විට ඒවාත් ගියේ ය. ඔවුන් නැවතුණ විට ඒවාත් නැවතුණේ ය. ඔවුන් පොළොවෙන් නැඟිටි විට ඔවුන් කැටුව චක්‍රත් නැඟිට්ටේ ය. මන්ද, ජීවමාන සත්ත්වයන්ගේ සිත චක්‍රවල තිබුණේ ය. තවද, සත්ත්වයන්ගේ හිසට උඩින් පළිඟු මෙන් බබළන ආකාශයක් තිබුණේ ය. එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේ ය. ආකාශයට යටින් ඔවුන්ගේ පියාපත් එකට එක කෙළින් ව විහිදී තිබුණේ ය. සිය සිරුර ආවරණය කරන පියාපත් දෙකක් එක එක සත්ත්වයාට තිබුණේ ය. ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන් ද සර්ව පරාක්‍රමයාණන්ගේ හඬ මෙන් ද මට ඇසිණි. එයින් නැඟුණු ඝෝෂාව යුද කඳවුරක ඝෝෂාව මෙන් විය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය. ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු අහස් ගැබට ඉහළින් හඬක් පැමිණියේ ය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය. ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණ ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේ ය. සිංහාසනය මත මිනිස් පෙනීමක් වැනි ස්වරූපයක් තිබිණි. ඒ ස්වරූපයේ ඉඟටියේ සිට ඉහළට ගිනි උදුනක බැබළෙන ලෝකඩ වැනි පෙනුමක් මම දිටිමි; ඉඟටියේ සිට පහළට හාත්පසින් දීප්තියක් ඇති ගින්නක පෙනුමක් දිටිමි. හාත්පසින් තිබුණු දීප්තියේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නක පෙනීම මෙන් විය. මේ වනාහි සමිඳාණන් වහන්සේගේ තේජාන්විත ස්වරූපයේ පෙනීම ය. එය දුටු කල මම මුණින්තළා වී වැටුණෙමි. එවිට කතා කරන කෙනෙකුගේ හඬ මට ඇසිණි.

එසකියෙල් 1:1-28 Sinhala New Revised Version 2018 (SNRV)

එසකියෙල් 1:1-28 New International Version (NIV)

In my thirtieth year, in the fourth month on the fifth day, while I was among the exiles by the Kebar River, the heavens were opened and I saw visions of God. On the fifth of the month—it was the fifth year of the exile of King Jehoiachin— the word of the LORD came to Ezekiel the priest, the son of Buzi, by the Kebar River in the land of the Babylonians. There the hand of the LORD was on him. I looked, and I saw a windstorm coming out of the north—an immense cloud with flashing lightning and surrounded by brilliant light. The center of the fire looked like glowing metal, and in the fire was what looked like four living creatures. In appearance their form was human, but each of them had four faces and four wings. Their legs were straight; their feet were like those of a calf and gleamed like burnished bronze. Under their wings on their four sides they had human hands. All four of them had faces and wings, and the wings of one touched the wings of another. Each one went straight ahead; they did not turn as they moved. Their faces looked like this: Each of the four had the face of a human being, and on the right side each had the face of a lion, and on the left the face of an ox; each also had the face of an eagle. Such were their faces. They each had two wings spreading out upward, each wing touching that of the creature on either side; and each had two other wings covering its body. Each one went straight ahead. Wherever the spirit would go, they would go, without turning as they went. The appearance of the living creatures was like burning coals of fire or like torches. Fire moved back and forth among the creatures; it was bright, and lightning flashed out of it. The creatures sped back and forth like flashes of lightning. As I looked at the living creatures, I saw a wheel on the ground beside each creature with its four faces. This was the appearance and structure of the wheels: They sparkled like topaz, and all four looked alike. Each appeared to be made like a wheel intersecting a wheel. As they moved, they would go in any one of the four directions the creatures faced; the wheels did not change direction as the creatures went. Their rims were high and awesome, and all four rims were full of eyes all around. When the living creatures moved, the wheels beside them moved; and when the living creatures rose from the ground, the wheels also rose. Wherever the spirit would go, they would go, and the wheels would rise along with them, because the spirit of the living creatures was in the wheels. When the creatures moved, they also moved; when the creatures stood still, they also stood still; and when the creatures rose from the ground, the wheels rose along with them, because the spirit of the living creatures was in the wheels. Spread out above the heads of the living creatures was what looked something like a vault, sparkling like crystal, and awesome. Under the vault their wings were stretched out one toward the other, and each had two wings covering its body. When the creatures moved, I heard the sound of their wings, like the roar of rushing waters, like the voice of the Almighty, like the tumult of an army. When they stood still, they lowered their wings. Then there came a voice from above the vault over their heads as they stood with lowered wings. Above the vault over their heads was what looked like a throne of lapis lazuli, and high above on the throne was a figure like that of a man. I saw that from what appeared to be his waist up he looked like glowing metal, as if full of fire, and that from there down he looked like fire; and brilliant light surrounded him. Like the appearance of a rainbow in the clouds on a rainy day, so was the radiance around him. This was the appearance of the likeness of the glory of the LORD. When I saw it, I fell facedown, and I heard the voice of one speaking.