නික්මයාම 9:1-3
නික්මයාම 9:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පාරාවෝ වෙත ගොස්, ඔහුට මෙසේ කියන්න: ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මට නමස්කාර කරන පිණිස මගේ ජනයාට යන්නට හරින්න. ඔබ ඔවුන්ට යන්නට නො දී, දිගට ම ඔවුන් රඳවා තබා ගතහොත්, ඔන්න! එළිමහනේ සිටින ඔබගේ සත්ව සම්පත වන ඔබගේ අශ්වයින්, බූරුවන් හා ඔටුවන් පිටත්, ඔබේ ගවයින්, ඔබේ එළුවන් හා බැටළුවන් පිටත් ස්වාමින්වහන්සේගේ හස්තය බිහිසුණු ව්‍යසනයක් පමුණුවනු ඇත.
නික්මයාම 9:1-3 Sinhala Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ ඵාරාවෝ වෙතට ගොස් ඔහුට මෙසේ කියව–හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න. නුඹ ඔවුන්ට යන්ට නොදී තවදුරටත් වලක්වන්නෙහිනම්, බලව, කෙතේ ඉන්න නුඹේ සිව්පාවුන් පිට එනම් අශ්වයන් පිටද කොටළුවන් පිටද ඔටුවන් පිටද ගව රැළවල් සහ එළු බැටළු රැළවල් පිටද ස්වාමීන්වහන්සේගේ හස්තය පැමිණෙයි. ඉතා තද ගව වසංගතයක් වන්නේය.
නික්මයාම 9:1-3 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස් ඔහු අමතා, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න. ඔබ ඔවුන්ට යන්න අවසර නො දී, තවදුරටත් ඔවුන් වැළැකුවහොත් මෙන්න, කෙතෙහි සිටින ඔබේ ගවසම්පත් වන, අසුන්ට හා කොටළුවන්ට ද, ඔටුවන්ට හා ගොනුන්ට ද, බැටළුවන්ට ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඉතා බිහිසුණු වසංගතයකින් පහර දෙන්නේ ය.
නික්මයාම 9:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස් ඔහු අමතා, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න. ඔබ ඔවුන්ට යන්න අවසර නො දී, තවදුරටත් ඔවුන් වැළැකුවහොත් මෙන්න, කෙතෙහි සිටින ඔබේ ගවසම්පත් වන, අසුන්ට හා කොටළුවන්ට ද, ඔටුවන්ට හා ගොනුන්ට ද, බැටළුවන්ට ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඉතා බිහිසුණු වසංගතයකින් පහර දෙන්නේ ය.
නික්මයාම 9:1-3 New International Version (NIV)
Then the LORD said to Moses, “Go to Pharaoh and say to him, ‘This is what the LORD, the God of the Hebrews, says: “Let my people go, so that they may worship me.” If you refuse to let them go and continue to hold them back, the hand of the LORD will bring a terrible plague on your livestock in the field—on your horses, donkeys and camels and on your cattle, sheep and goats.