නික්මයාම 6:10-13
නික්මයාම 6:10-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඊජිප්තු රජ වූ පාරාවෝට කතා කොට, ඉශ්රායෙල් ජනයාට ඔහුගේ රටින් පිට වී යන්නට ඉඩ හරින්න කියා කියන්නැ” යි කී සේක. එහෙත් මෝසෙස් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ! ඉශ්රායෙල්වරුන් පවා මට සවන් නුදුන් කොට, කතාවෙහි පැකිළෙන තොල් ඇති මට පාරාවෝ සවන් දේවි දැ?” යි කීවේ ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ටත්, ආරොන්ටත් ඉශ්රායෙල්වරුන් හා ඊජිප්තු රජු වූ පාරාවෝ ගැන කතා කළ සේක්, ඉශ්රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒමට, ඔවුන් දෙදෙනාට නියෝග කළ සේක.
නික්මයාම 6:10-13 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ ඇතුල්වී, ඉශ්රායෙල් පුත්රයන් තමන් දේශයෙන් යන්ට හරින ලෙස මිසරයේ රජවූ ඵාරාවෝට කථාකරන්නැයි කීසේක. මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකොට: බැලුව මැනව, ඉශ්රායෙල් පුත්රයෝ මට ඇහුම්කන් නුදුන්නෝය; එසේවීනම් ඵාරාවෝ අදක්ෂ තොල් ඇති මට කන්දෙන්නේ කෙසේදැයි කීවේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද ආරොන්ටද කථාකොට, ඉශ්රායෙල් පුත්රයන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන පිණිස ඉශ්රායෙල් පුත්රයන් ගැනත් මිසරයේ රජවූ ඵාරාවෝ ගැනත් ඔවුන්ට අණක් දුන්සේක.
නික්මයාම 6:10-13 Sinhala New Revised Version (NRSV)
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මිසරයේ රජු වන පාරාවෝ වෙත ගොස්, ‘ඔහුගේ රටින් පිට වී යන්න ඉශ්රායෙල් ජනතාවට අවසර දෙන්න’ කියා කියන්නැ”යි වදාළ සේක. එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “බලන්න, ඉශ්රායෙල් ජනයා මට සවන් දෙන්නේ නැත්නම්, කතාවෙහි චතුරත්වයක් නැති මට පාරාවෝ කෙසේ සවන් දෙන්නේ දැ”යි විචාළේ ය. එවිට ඉශ්රායෙල් ජනතාව මිසර දේශයෙන් පිටතට ගෙන යන ලෙස සමිඳාණන් වහන්සේ තමන්ට නියම කළ බව ඉශ්රායෙල් ජනයාට හා මිසරයේ රජු වන පාරාවෝට දන්වන ලෙස උන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ කළ සේක.
නික්මයාම 6:10-13 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මිසරයේ රජු වන පාරාවෝ වෙත ගොස්, ‘ඔහුගේ රටින් පිට වී යන්න ඉශ්රායෙල් ජනතාවට අවසර දෙන්න’ කියා කියන්නැ”යි වදාළ සේක. එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “බලන්න, ඉශ්රායෙල් ජනයා මට සවන් දෙන්නේ නැත්නම්, කතාවෙහි චතුරත්වයක් නැති මට පාරාවෝ කෙසේ සවන් දෙන්නේ දැ”යි විචාළේ ය. එවිට ඉශ්රායෙල් ජනතාව මිසර දේශයෙන් පිටතට ගෙන යන ලෙස සමිඳාණන් වහන්සේ තමන්ට නියම කළ බව ඉශ්රායෙල් ජනයාට හා මිසරයේ රජු වන පාරාවෝට දන්වන ලෙස උන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ කළ සේක.
නික්මයාම 6:10-13 New International Version (NIV)
Then the LORD said to Moses, “Go, tell Pharaoh king of Egypt to let the Israelites go out of his country.” But Moses said to the LORD, “If the Israelites will not listen to me, why would Pharaoh listen to me, since I speak with faltering lips?” Now the LORD spoke to Moses and Aaron about the Israelites and Pharaoh king of Egypt, and he commanded them to bring the Israelites out of Egypt.