නික්මයාම 4:3-4 - Compare All Versions

නික්මයාම 4:3-4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“එය බිම හෙළන්නැ” යි ස්වාමින්වහන්සේ කී සේක. මෝසෙස් එය බිම දැමී ය. එය සර්පයකු බවට පත් විය. මෝසෙස් එයින් ඉවතට දිව්වේ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතා, “ඔබේ අත දිගු කොට, වලිගයෙන් ඌ අල්ලා ගන්නැ” යි කී සේක. මෝසෙස් තම අත දිගු කොට, ඌ අල්ලා ගත්තේ ය. ඔහුගේ අතේ යළි එය සැරයටියක් බවට පත් විය.

බෙදාගන්න
නික්මයාම 4 SCV

නික්මයාම 4:3-4 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ: ඒක බිම හෙලන්නැයි කීසේක. ඔහු ඒක බිම හෙළූ විට ඒක සර්පයෙක් විය; මෝසෙස් ඌ ඉදිරියෙන් දිවුවේය. ස්වාමීන්වහන්සේ: නුඹේ අත දිගුකොට ඌ වල්ගෙන් අල්වා ගන්නැයි මෝසෙස්ට කීසේක. (ඔහු තමාගේ අත දිගුකොට ඌ අල්වාගත්තේය, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් වුණේය.)

බෙදාගන්න
නික්මයාම 4 SROV

නික්මයාම 4:3-4 NRSV (Sinhala New Revised Version)

උන් වහන්සේ කතා කොට, “එය බිම දමන්නැ”යි වදාළ සේක. ඔහු එය බිම දැමී ය, එය සර්පයෙක් විය. එවිට මෝසෙස් ඌ ඉදිරියෙන් අහකට පැන්නේ ය. සමිඳාණන් වහන්සේ ඔහු අමතමින්, “නුඹේ අත දිගු කොට උගේ වල්ගයෙන් අල්ලාගන්නැ”යි වදාළ සේක. මෝසෙස් ද අත දිගු කොට, ඌ වල්ගයෙන් අල්ලා ගත් විට, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් බවට හැරිණි.

බෙදාගන්න
නික්මයාම 4 NRSV

නික්මයාම 4:3-4 SNRV (Sinhala New Revised Version 2018)

උන් වහන්සේ කතා කොට, “එය බිම දමන්නැ”යි වදාළ සේක. ඔහු එය බිම දැමී ය, එය සර්පයෙක් විය. එවිට මෝසෙස් ඌ ඉදිරියෙන් අහකට පැන්නේ ය. සමිඳාණන් වහන්සේ ඔහු අමතමින්, “නුඹේ අත දිගු කොට උගේ වල්ගයෙන් අල්ලාගන්නැ”යි වදාළ සේක. මෝසෙස් ද අත දිගු කොට, ඌ වල්ගයෙන් අල්ලා ගත් විට, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් බවට හැරිණි.

බෙදාගන්න
නික්මයාම 4 SNRV

නික්මයාම 4:3-4 NIV (New International Version)

The LORD said, “Throw it on the ground.” Moses threw it on the ground and it became a snake, and he ran from it. Then the LORD said to him, “Reach out your hand and take it by the tail.” So Moses reached out and took hold of the snake and it turned back into a staff in his hand.

බෙදාගන්න
නික්මයාම 4 NIV