නික්මයාම 4:11-15
නික්මයාම 4:11-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “මිනිසාගේ මුඛය සෑදුවේ කවුරු ද? ඔහු ගොළු හෝ බිහිරි කරවන්නේ කවුරු ද? ඔහුට පෙනීම දෙන්නේ හෝ අන්ධවීමට සලසන්නේ කවුරු ද? ස්වාමින්වහන්සේ වන මම නො වෙම් ද? එබැවින් දැන් යන්න; කතාවට මම ඔබට උපකාර කරන්නෙමි. ඔබ කිය යුත්තේ මොනවාදැයි කියා දෙන්නෙමි” යි කී සේක. එහෙත් මෝසෙස්, “අහෝ ස්වාමිනි, කරුණාකර වෙන කෙනකු යවනු මැනවි” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේගේ කෝපය, මෝසෙස්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ කතා කරමින්, “ලෙවී වංශික ඔබේ සහෝදර ආරොන් ගැන කෙසේ ද? ඔහු චතුර ලෙස කතා කරන වග මම දනිමි. ඔහු දැනටමත් ඔබ හමුවට එමින් සිටියි. ඔබ දකින කල, ඔහුගේ හද පිනා යනු ඇත. ඔබ ඔහු අමතා, ඔහුගේ මුවට වචන දිය යුතු ය. මම ඔබ දෙදෙනාට කතාවට උපකාර කරමින්, කළ යුතු දෑ කියා දෙන්නෙමි.
නික්මයාම 4:11-15 Sinhala Revised Old Version (SROV)
එවිට ස්වාමීන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධවෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද? එබැවින් දැන් යව, මම නුඹේ මුඛය සමඟ සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමියි ඔහුට කීසේක. ඔහු: අහෝ ස්වාමීනි, ඔබවහන්සේ යවන්ට කැමැත්තෙකු අත යැවුව මැනවයි කීය. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස මෝසෙස්ට විරුද්ධව ඇවුළුණේය, උන්වහන්සේ: නුඹේ සහෝදරවූ ලෙවීයයාවූ ආරොන් ඉන්නවා නොවේද? ඔහුට ව්‍යක්ත ලෙස කථාකරන්ට පුළුවන් බව දනිමි. බලව, ඔහු නුඹ සම්බවන්ට එන්නේය. ඔහු නුඹ දුටුවාම තමන් සිතින් සන්තෝෂවන්නේය. නුඹ ඔහුට කථාකොට ඔහුගේ කටට වචන දෙන්නෙහිය. මම නුඹේ මුඛයත් ඔහුගේ මුඛයත් සමඟ සිට නුඹලා විසින් කටයුතු දේ නුඹලාට උගන්වන්නෙමි.
නික්මයාම 4:11-15 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “මිනිසාගේ මුඛය නිර්මාණය කෙළේ කවරෙක් ද? යමෙකු ගොළු කරන්නේ හෝ බිහිරි කරන්නේ හෝ යමෙකුට පෙනීම දෙන්නේ හෝ යමෙකු අන්ධයෙකු කරන්නේ හෝ කවරෙක් ද? එසේ කරනුයේ සමිඳාණන් වහන්සේ වන මම නොවෙම් ද? එබැවින් දැන් ඉතින් යන්න, නුඹට කතා කිරීමට මම උදව් වෙමි, නුඹ කිව යුතු දේ මම නුඹට කියා දෙමි”යි වදාළ සේක. එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “අනේ මාගේ ස්වාමීනි, කරුණාකර, ඔබ කැමැති අන් කෙනෙකු යැව්ව මැනවැ”යි කී ය. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ උදහසින් ඇවිළී, “නුඹේ සහෝදරයා වන ලෙවීයකු වූ ආරොන් ඉන්නවා නොවේ ද? ඔහු කතාවට දක්ෂයෙකු බව මම දනිමි. මෙන්න, නුඹ හමු වීමට ඔහු එනු ඇත; ඔහු ද නුඹ දකින විට තම හද පත්ලෙන් සතුටු වනු ඇත. නුඹ ඔහුට කතා කොට ඔහු කුමක් කිව යුතු දැ යි කියා දෙන්න. මම නුඹට හා ඔහුට ද කතා කිරීමට උදව් වන්නෙමි. තවද, නුඹ කුමක් කළ යුතු දැ යි උගන්වන්නෙමි.
නික්මයාම 4:11-15 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 4:11-15 New International Version (NIV)
The LORD said to him, “Who gave human beings their mouths? Who makes them deaf or mute? Who gives them sight or makes them blind? Is it not I, the LORD? Now go; I will help you speak and will teach you what to say.” But Moses said, “Pardon your servant, Lord. Please send someone else.” Then the LORD’s anger burned against Moses and he said, “What about your brother, Aaron the Levite? I know he can speak well. He is already on his way to meet you, and he will be glad to see you. You shall speak to him and put words in his mouth; I will help both of you speak and will teach you what to do.