නික්මයාම 34:6-9

නික්මයාම 34:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ මෝසෙස් ඉදිරියෙන් ඔහු පසු කර වඩිමින්, මෙසේ ප්‍රකාශ කළ සේක: “ස්වාමින්වහන්සේ, ස්වාමින්වහන්සේ, අනුකම්පා සහගත වූ දයාන්විත වූ වහා නො කිපෙන සුළු වූ නොමියෙන ප්‍රේමයෙන් හා විශ්වාසී භාවයෙන් අපරිමිත වූ දෙවියන්වහන්සේ ය; දහස් ගණනකට නොමියෙන ප්‍රේමය පානා සේක්, දුෂ්ටකමට, අපරාධයට හා පාපයට කමාව දෙන සේක. එහෙත් වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක්, පියවරුන්ගේ පාපයට දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් යන වශයෙන් තුන් වන හා හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක.” වහා බිමට නැමී, නමස්කාර කළ මෝසෙස්, “අහෝ ස්වාමිනි, ඔබවහන්සේගේ ඇස් හමුවේ මා ප්‍රසාදය ලබා ඇත්නම්, ස්වාමින් අප මධ්‍යයෙහි ගමන් කරන සේක්වා! මේ ජනයා මහ මුරණ්ඩු ජනතාවක් වුව ද අපගේ දුෂ්ටකමටත්, අපගේ පාපයටත් කමා වුව මැනව. ඔබගේ උරුමය කොට අප පිළිගත මැනව” යි අයැදී ය.

නික්මයාම 34:6-9 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේ ඔහු ඉදිරිපිටින් වඩිමින්: ස්වාමීන්වහන්සේ ය, ස්වාමීන්වහන්සේ ය, උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය. උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වනසේක, අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමාකරනසේක. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන ප්‍රතිඵල දෙනසේකැයි ප්‍රකාශකළසේක. මෝසෙස්ද ඉක්මන්කොට තමන් හිස බිමට නමා වැන්දේය. එවිට ඔහු: අහෝ ස්වාමීන්වහන්ස, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේ නම් ස්වාමීන්වහන්සේ අප අතරෙහි යනසේක්වා; මක්නිසාද මොව්හු තද කුළල් ඇති සෙනඟක්ය; නුමුත් අපේ අයුතුකමද පාපයද ක්ෂමාකර අප ඔබගේ උරුමය කොට පිළිගතමැනවයි කීයේය.

නික්මයාම 34:6-9 Sinhala New Revised Version (NRSV)

උන් වහන්සේ ඔහු ඉදිරියෙන් ගමන් කරමින්, “මම සමිඳාණන් වහන්සේ ය. මම දයානුකම්පාවෙන් පූර්ණ, වහා නොකිපෙන සුලු, මහා කාරුණික සහ විශ්වාසදායී දෙවියන් වහන්සේ ය; මම දහස් ගණනකට කරුණාව පාමින්, දුෂ්ටකමට ද නපුරට හා පාපයට ද කමාව දෙන්නෙමි. එහෙත් වරදකරුවන් නිදහස් නොකර, පියවරුන්ගේ පව් නිසා තුන් වන, හතර වන දරු පරපුර දක්වා ඔවුන්ගේ දරු මුණුබුරන්ට දඬුවම් කරන දෙවියන් වහන්සේ මම යැ”යි වදාළ සේක. මෝසෙස් ද වහා බිමට හිස නමා නමස්කාර කෙළේ ය. ඉන්පසු ඔහු කතා කොට, “සමිඳුනි, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම්, මාගේ සමිඳුන් වන ඔබ අප සමඟ වඩින ලෙස මම අයැද සිටිමි. මේ සෙනඟ නම් මුරණ්ඩු ය. අපේ දුෂ්ටකම හා පාප කමා කොට අප ඔබේ ම උරුමය වශයෙන් ගත මැනව”යි කී ය.

නික්මයාම 34:6-9 Sinhala New Revised Version 2018 (SNRV)