නික්මයාම 34:4-7 - Compare All Versions
නික්මයාම 34:4-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් මෝසෙස් පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපාගෙන, තමාට ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිදි අරුණ උදෙන් නැගිට, සීනයි කන්දට නැංගේ ය. ගල් පුවරු දෙක, ඔහු තම දෑතේ ගෙන ගියේ ය. ස්වාමින්වහන්සේ එවිට වලාකුළ සහිත ව පහත බැස අවුත්, ඔහු සමඟ එහි සිට, ස්වාමින්වහන්සේ යන උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කළ සේක. ස්වාමින්වහන්සේ මෝසෙස් ඉදිරියෙන් ඔහු පසු කර වඩිමින්, මෙසේ ප්‍රකාශ කළ සේක: “ස්වාමින්වහන්සේ, ස්වාමින්වහන්සේ, අනුකම්පා සහගත වූ දයාන්විත වූ වහා නො කිපෙන සුළු වූ නොමියෙන ප්‍රේමයෙන් හා විශ්වාසී භාවයෙන් අපරිමිත වූ දෙවියන්වහන්සේ ය; දහස් ගණනකට නොමියෙන ප්‍රේමය පානා සේක්, දුෂ්ටකමට, අපරාධයට හා පාපයට කමාව දෙන සේක. එහෙත් වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක්, පියවරුන්ගේ පාපයට දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් යන වශයෙන් තුන් වන හා හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක.”
නික්මයාම 34:4-7 SROV (Sinhala Revised Old Version)
මෝසෙස් පළමු ඒවා වැනි ගල්ලෑලි දෙකක් කපා ගත්තේය; ඔහු උදෑසන නැගිට තමන් අතින් ගල්ලෑලි දෙක රැගෙන ස්වාමීන්වහන්සේ අණදුන් ලෙස සීනයි කන්දට නැගුණේය. එවිට ස්වාමීන්වහන්සේ වලාකුළ ඇතුව බැස එහි ඔහු සමඟ සිට ස්වාමීන්වහන්සේගේ නාමය ප්‍රකාශකළසේක. ස්වාමීන්වහන්සේ ඔහු ඉදිරිපිටින් වඩිමින්: ස්වාමීන්වහන්සේ ය, ස්වාමීන්වහන්සේ ය, උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය. උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වනසේක, අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමාකරනසේක. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන ප්‍රතිඵල දෙනසේකැයි ප්‍රකාශකළසේක.
නික්මයාම 34:4-7 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ පරිදි මෝසෙස් පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපා අලුයමින් නැඟිට සීනයි කන්දට නැංගේ ය; ගල් පුවරු දෙක ද තම අතේ ගෙන ගියේ ය. සමිඳාණන් වහන්සේ ද වලාකුළක ආකාරයෙන් බැස, එහි ඔහු සමඟ සිටගෙන, ‘සමිඳාණන් වහන්සේ’ යන ස්වකීය නාමය ප්‍රකාශ කළ සේක. උන් වහන්සේ ඔහු ඉදිරියෙන් ගමන් කරමින්, “මම සමිඳාණන් වහන්සේ ය. මම දයානුකම්පාවෙන් පූර්ණ, වහා නොකිපෙන සුලු, මහා කාරුණික සහ විශ්වාසදායී දෙවියන් වහන්සේ ය; මම දහස් ගණනකට කරුණාව පාමින්, දුෂ්ටකමට ද නපුරට හා පාපයට ද කමාව දෙන්නෙමි. එහෙත් වරදකරුවන් නිදහස් නොකර, පියවරුන්ගේ පව් නිසා තුන් වන, හතර වන දරු පරපුර දක්වා ඔවුන්ගේ දරු මුණුබුරන්ට දඬුවම් කරන දෙවියන් වහන්සේ මම යැ”යි වදාළ සේක.
නික්මයාම 34:4-7 SNRV (Sinhala New Revised Version 2018)

නික්මයාම 34:4-7 NIV (New International Version)
So Moses chiseled out two stone tablets like the first ones and went up Mount Sinai early in the morning, as the LORD had commanded him; and he carried the two stone tablets in his hands. Then the LORD came down in the cloud and stood there with him and proclaimed his name, the LORD. And he passed in front of Moses, proclaiming, “The LORD, the LORD, the compassionate and gracious God, slow to anger, abounding in love and faithfulness, maintaining love to thousands, and forgiving wickedness, rebellion and sin. Yet he does not leave the guilty unpunished; he punishes the children and their children for the sin of the parents to the third and fourth generation.”