නික්මයාම 33:7-9
නික්මයාම 33:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෝසෙස් කූඩාරමක් රැගෙන කඳවුරට පිටතින්, ඊට මදක් ඈතින්, එය පිහිටුවන්නට පුරුදු ව සිටියේ ය. ඔහු එය හැඳින්වූයේ, “හමුවීමේ කූඩාරම” නමිනි. ස්වාමින්වහන්සේගෙන් විචාරණ කවරෙක් වුව, කඳවුරෙන් පිටත මෙම හමුවීමේ කූඩාරම වෙත ගියේ ය. මෝසෙස් කූඩාරම වෙත පිටත් ව ගිය අවස්ථාවන්හි, ජනයා සැවොම නැගිට, තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිටගෙන, මෝසෙස් කූඩාරමට ඇතුළු වන තෙක් බලා සිටියහ. මෝසෙස් කූඩාරම තුළට වන් කල, වලා ටැඹ පහත බැස අවුත්, කූඩාරම් දොරකඩ පිහිටා සිටියේ ය. එකල ස්වාමින්වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක.
නික්මයාම 33:7-9 Sinhala Revised Old Version (SROV)
මෝසෙස් කූඩාරම ගෙන කඳවුරෙන් පිටත කඳවුරට ඈතින් පිහිටුවන්ට පුරුදුව සිටියේය; ඔහු ඊට සම්මුඛවීමේ කූඩාරමයයි නම් තැබුවේය. තවද ස්වාමීන්වහන්සේ සොයන හැමදෙනාම කඳවුරෙන් පිට තිබුණු සම්මුඛවීමේ කූඩාරම ළඟට ගියෝය. මෝසෙස් කූඩාරම ළඟට පිටතට ගිය කල මුළු සෙනඟ නැගිට එක එක මනුෂ්‍යයා තම තමාගේ කූඩාරමේ දොරකඩ සිට මෝසෙස් කූඩාරමට ඇතුල්වන තෙක් ඔහු දෙස බලා සිටියෝය. මෝසෙස් කූඩාරමට ඇතුල්වූ කල්හි වලාටැඹ බැස කූඩාරමේ දොරකඩ ළඟ සිටියේය. ස්වාමීන්වහන්සේ ද මෝසෙස් සමඟ කථාකළසේක.
නික්මයාම 33:7-9 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් මණ්ඩපය රැගෙන කඳවුරෙන් පිටත, ඊට ඈතින් එය පිහිටුවීමට පුරුදු ව සිටියේ ය. ඔහු එයට සම්මුඛ මණ්ඩපය කියා නම් කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ උපදෙස් ලබාගැනීමට ඕනෑ වූ සෑම කෙනෙකු ම කඳවුරින් පිටත වූ සම්මුඛ මණ්ඩපයට යා යුතු විය. තවද, මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන පිණිස පිටතට ගිය කල, සියල්ලෝ ම නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු ළඟ සිටගෙන ඔහු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන තෙක් ඔහු දෙස බලා සිටියහ. මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට ම වලා ටැඹ බැස, එහි දොරටුව ළඟ සිටගති. සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක.
නික්මයාම 33:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
මෝසෙස් මණ්ඩපය රැගෙන කඳවුරෙන් පිටත, ඊට ඈතින් එය පිහිටුවීමට පුරුදු ව සිටියේ ය. ඔහු එයට සම්මුඛ මණ්ඩපය කියා නම් කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ උපදෙස් ලබාගැනීමට ඕනෑ වූ සෑම කෙනෙකු ම කඳවුරින් පිටත වූ සම්මුඛ මණ්ඩපයට යා යුතු විය. තවද, මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන පිණිස පිටතට ගිය කල, සියල්ලෝ ම නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු ළඟ සිටගෙන ඔහු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන තෙක් ඔහු දෙස බලා සිටියහ. මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට ම වලා ටැඹ බැස, එහි දොරටුව ළඟ සිටගති. සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක.
නික්මයාම 33:7-9 New International Version (NIV)
Now Moses used to take a tent and pitch it outside the camp some distance away, calling it the “tent of meeting.” Anyone inquiring of the LORD would go to the tent of meeting outside the camp. And whenever Moses went out to the tent, all the people rose and stood at the entrances to their tents, watching Moses until he entered the tent. As Moses went into the tent, the pillar of cloud would come down and stay at the entrance, while the LORD spoke with Moses.