නික්මයාම 33:18-20
නික්මයාම 33:18-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මෝසෙස්, “අහෝ මට ඔබගේ තේජෝ මහිමය පෙන්වුව මැනව” යි අයැදී ය. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මම මගේ මුළු ගුණවන්තකම ඔබ ඉදිරිපිටින් යන්නට සලසමි. ස්වාමින්වහන්සේ යන මගේ නාමය ඔබ ඉදිරියේ, ප්‍රකාශ කරන්නෙමි. යමකුට දයාව පෑමට මා කැමති නම්, මම ඒ අයට දයාව පාන්නෙමි. යමකුට අනුකම්පා වන්නට මා කැමති නම්, මම ඒ අයට අනුකම්පා කරන්නෙමි. එහෙත් මගේ මුහුණ දකින්නට ඔබට නුපුළුවන. මන්ද කිසි කෙනකුට මා දැක, ජීවත් වන්නට නුපුළුවනැ” යි පැවසූ සේක.
නික්මයාම 33:18-20 Sinhala Revised Old Version (SROV)
ඔහුද: අනේ ඔබගේ තේජස මට පෙන්නුව මැනවයි කීවේය. උන්වහන්සේද: මම මාගේ සියලු ගුණවත්කම නුඹ ඉදිරිපිටින් යන්ට සලස්වා ස්වාමීන්වහන්සේගේ නාමය නුඹ ඉදිරිපිට ප්‍රකාශකරන්නෙමි; මම කරුණාකරන්ට කැමති තැනැත්තාට කරුණාකරන්නෙමි, මම දයාව පෙන්වන්ට කැමති තැනැත්තාට දයාව පෙන්වන්නෙමියි කීසේක. තවද උන්වහන්සේ: මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේයයි කීසේක.
නික්මයාම 33:18-20 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “ඔබේ මහිමාලංකාරය කරුණාකර මට පෙන්නුව මැනව”යි ඉල්ලී ය. උන් වහන්සේ එවිට පිළිතුරු දෙමින්, “මම මාගේ ශෝභනාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියෙහි ‘සමිඳාණන් වහන්සේ’ වන මාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. කරුණාව පෑමට මා කැමැති තැනැත්තාට මම කරුණාව පාමි, දයාව පෑමට කැමැති තැනැත්තාට මම දයාව පාමි”යි වදාළ සේක. නැවතත් උන් වහන්සේ කතා කොට, “මාගේ මුහුණ දකින්න නුඹට නුපුළුවන, මනුෂ්‍යයකුට මා දැක ජීවත්විය නොහැකි ය”යි වදාළ සේක.
නික්මයාම 33:18-20 Sinhala New Revised Version 2018 (SNRV)
මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “ඔබේ මහිමාලංකාරය කරුණාකර මට පෙන්නුව මැනව”යි ඉල්ලී ය. උන් වහන්සේ එවිට පිළිතුරු දෙමින්, “මම මාගේ ශෝභනාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියෙහි ‘සමිඳාණන් වහන්සේ’ වන මාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. කරුණාව පෑමට මා කැමැති තැනැත්තාට මම කරුණාව පාමි, දයාව පෑමට කැමැති තැනැත්තාට මම දයාව පාමි”යි වදාළ සේක. නැවතත් උන් වහන්සේ කතා කොට, “මාගේ මුහුණ දකින්න නුඹට නුපුළුවන, මනුෂ්‍යයකුට මා දැක ජීවත්විය නොහැකි ය”යි වදාළ සේක.
නික්මයාම 33:18-20 New International Version (NIV)
Then Moses said, “Now show me your glory.” And the LORD said, “I will cause all my goodness to pass in front of you, and I will proclaim my name, the LORD, in your presence. I will have mercy on whom I will have mercy, and I will have compassion on whom I will have compassion. But,” he said, “you cannot see my face, for no one may see me and live.”