නික්මයාම 33:15-17
නික්මයාම 33:15-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මෝසෙස් උන්වහන්සේ අමතමින්, “ඔබවහන්සේගේ අභිමුඛය අප සමඟ යන්නේ නැති නම්, මෙතැනින් එහාට අප නො යැවුව මැනව. ඔබවහන්සේ මා සමඟත්, ඔබගේ මේ ජනයා සමඟත් ප්රසන්න වග අන් අය දැනගන්නේ, ඔබවහන්සේ අප සමඟ යෑමෙන් මිස වෙන කොහොම ද? මේ පොළෝ තලේ වෙසෙන අන් ජාතීන් අතරින් මාත්, ඔබගේ මේ ජනයාත් වෙන් කර හැඳිනගත හැක්කේ අන් කෙලෙසක දැ?” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “ඔබ ඉල්ලූ මේ දේත් මම ඉටු කරන්නෙමි. මන්ද මගේ ඇස් හමුවේ ඔබට මගේ ප්රසාදය ලැබී තිබේ. නමින් ම මම ඔබ හඳුනමි” යි පැවසූ සේක.
නික්මයාම 33:15-17 Sinhala Revised Old Version (SROV)
ඔහු: ඔබවහන්සේම නොයනසේක් නම් මෙතැනින් අප ගෙන නොගිය මැනව. මක්නිසාද මටත් ඔබගේ සෙනඟටත් ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව දැනගන්නේ කුමකින්ද? අප එනම් මාද ඔබගේ සෙනඟද භූමිය මතුපිට සිටින මුළු සෙනඟ කෙරෙන් වෙන්කරනුලබන ලෙස අප සමඟ ඔබගේ යාමෙන් නොවේදැයි උන්වහන්සේට කීසේක. ස්වාමීන්වහන්සේ ද: නුඹ කී මේ දේත් කරන්නෙමි. මක්නිසාද නුඹට මා ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ, නාමයෙන්ද නුඹ අඳුනමියි මෝසෙස්ට කීසේක.
නික්මයාම 33:15-17 Sinhala New Revised Version (NRSV)
එවිට ඔහු උන් වහන්සේ අමතමින්, “ඔබ අප සමඟ නොඑන සේක් නම්, මෙතැනින් නික්ම යාමට අපට ඉඩ නොහැරිය මැනව. ඔබේ සෙනඟත්, මමත් ඔබ ඉදිරියෙහි අනුග්රහය ලැබූ බව අපි කෙසේ දැනගනිමු ද? එය අප දැනගන්නේ ඔබ අප සමඟ යෑමෙන් නො වේ ද? එවිට ඔබේ සෙනඟත්, මමත් මිහි පිට සිටින සියලු සෙනඟට වඩා වරප්රසාද ලත් අය වන්නෙමු”යි කීවේ ය. උන් වහන්සේ ද මෝසෙස්ට පිළිතුරු දෙමින්, “නුඹ ඉල්ලන මේ දේ ද මම ඉටු කරමි. මන්ද, මා ඉදිරියෙහි නුඹ අනුග්රහය ලැබුවෙහි ය. මම නුඹ හොඳින් හඳුනමි”යි වදාළ සේක.
නික්මයාම 33:15-17 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ඔහු උන් වහන්සේ අමතමින්, “ඔබ අප සමඟ නොඑන සේක් නම්, මෙතැනින් නික්ම යාමට අපට ඉඩ නොහැරිය මැනව. ඔබේ සෙනඟත්, මමත් ඔබ ඉදිරියෙහි අනුග්රහය ලැබූ බව අපි කෙසේ දැනගනිමු ද? එය අප දැනගන්නේ ඔබ අප සමඟ යෑමෙන් නො වේ ද? එවිට ඔබේ සෙනඟත්, මමත් මිහි පිට සිටින සියලු සෙනඟට වඩා වරප්රසාද ලත් අය වන්නෙමු”යි කීවේ ය. උන් වහන්සේ ද මෝසෙස්ට පිළිතුරු දෙමින්, “නුඹ ඉල්ලන මේ දේ ද මම ඉටු කරමි. මන්ද, මා ඉදිරියෙහි නුඹ අනුග්රහය ලැබුවෙහි ය. මම නුඹ හොඳින් හඳුනමි”යි වදාළ සේක.
නික්මයාම 33:15-17 New International Version (NIV)
Then Moses said to him, “If your Presence does not go with us, do not send us up from here. How will anyone know that you are pleased with me and with your people unless you go with us? What else will distinguish me and your people from all the other people on the face of the earth?” And the LORD said to Moses, “I will do the very thing you have asked, because I am pleased with you and I know you by name.”