නික්මයාම 3:16-20 - Compare All Versions
නික්මයාම 3:16-20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“යන්න; ඉශ්‍රායෙල් වැඩිහිටියන් එක් රැස් කරවා, ඔවුනට කතා කොට, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ මට පෙනුණු සේක්, මට මෙසේ කී සේක. මම නුඹලා දෙස බලා සිටියෙම්. ඊජිප්තුවේදී නුඹලාට කරන ලද දෑ මම දුටුවෙමි. එබැවින් ඊජිප්තුවෙහි දුක්ඛිත භාවයෙන් ඔබ මුදා, කිරි හා පැණි ගලා යන දේශයක් වූ කානානිවරුන්ගේ ද හිත්තිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද යෙබූසිවරුන්ගේ ද දේශයට ඔබ ගෙන එන්නට ඉටා ගත්තෙමි’ යි කියන්න. “ඉශ්‍රායෙල් වැඩිහිටියන් ඔබට සවන් දෙනු ඇත. එවිට ඔබ ද ඉශ්‍රායෙල් වැඩිහිටියන් ද ඊජිප්තු රජු වෙත ගොස්, ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ අපට මුණ ගැසුණු සේක. එබැවින් අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාග ඔප්පු කරන පිණිස, තුන් දවසක ගමනක් පාළුකරයට යන්නට අපට ඉඩ දෙන්නැ’ යි කියන්න. එහෙත්, බලවත් හස්තයක් ඔහුට බල කළහොත් මිස, ඊජිප්තු රජු නුඹලාට යන්නට නො දෙන වග මම දනිමි. එබැවින් මම මගේ හස්තය දිගු කොට, ඔවුන් මධ්‍යයේ මා කරන්නට යන මගේ සියලු හාස්කම්වලින් ඊජිප්තුවරුන්ට පහර දෙන්නෙමි. ඉන්පසු ඔහු නුඹලාට යන්නට දෙනු ඇත.
නික්මයාම 3:16-20 SROV (Sinhala Revised Old Version)
නුඹ ගොස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් රැස්කොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ ස්වාමීන්වහන්සේ මට පෙනී: සැබවින් මම නුඹලා බලා වදාරා මිසරයෙහිදී නුඹලාට කෙරෙන දේ දුටිමි. මම නුඹලා මිසරයේ පීඩාවෙන් මුදා කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශය වූ කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට පමුණුවන්නෙමියි කීයෙමියි මට කීසේකැයි ඔවුන්ට කියන්න. ඔවුන් නුඹේ හඬට ඇහුම්කන්දෙනවා ඇත. නුඹද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද මිසරයේ රජු වෙතට ගොස්:-හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට සම්මුඛවූසේක: එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස තුන් දවසක ගමන් වනාන්තරයට යන්ට අපට අවසරදෙන ලෙස ඉල්ලමුයයි ඔහුට කියන්න. නමුත් බලවත් අතකින් වුවත් මිසරයේ රජු නුඹලාට යන්ට අවසර නොදෙන බව දනිමි. මමද මාගේ අත දිගුකොට මිසරය මධ්‍යයෙහි කරන්නාවූ මාගේ සියලු හාස්කම්වලින් ඊට පහර දෙන්නෙමි. එයින් පසු ඔහු නුඹලා යන්ට හරින්නේය.
නික්මයාම 3:16-20 NRSV (Sinhala New Revised Version)
“නුඹ ගොස් ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස් කොට, ඔවුන් අමතා, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ වන, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මට දර්ශනය වී කතා කොට, මම සැබැවින් ම ඔබ වෙත පැමිණ, මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි. එබැවින් ඔබ පීඩා විඳින මිසර දේශයෙන් මා ඔබ පිටත්කොට කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශය වන, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට ඔබ ගෙන එන්ට මම ඉටාගෙන සිටිමි’යි කියන්න. ඔව්හු ද නුඹේ හඬට සවන් දෙනු ඇත. නුඹ ද ඉශ්රායෙල්ගේ ප්‍රජා මූලිකයන් ද මිසරයේ රජු වෙත ගොස් ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට හමු වූ සේක. එබැවින් අපගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන ලෙස, තුන් දවසක ගමනක්, පාළුකරයට යන්නට අපට අවසර දෙන ලෙස අපි ඔබෙන් බැගෑපත් ව ඉල්ලමු’යි කියන්න. එහෙත් මිසරයේ රජ, තදින් බල කරනු ලැබුවොත් මිස නුඹලාට යන්නට අවසර නොදෙන බව මට සහතික ය. මම ද මාගේ බාහු බලය පා, මා එහි කරන්ට යන හාස්කම් සියල්ලෙන් මිසරයට පහර දෙන්නෙමි. ඉන්පසු ඔහු නුඹලාට යන්ට අවසර දෙනු ඇත.
නික්මයාම 3:16-20 SNRV (Sinhala New Revised Version 2018)

නික්මයාම 3:16-20 NIV (New International Version)
“Go, assemble the elders of Israel and say to them, ‘The LORD, the God of your fathers—the God of Abraham, Isaac and Jacob—appeared to me and said: I have watched over you and have seen what has been done to you in Egypt. And I have promised to bring you up out of your misery in Egypt into the land of the Canaanites, Hittites, Amorites, Perizzites, Hivites and Jebusites—a land flowing with milk and honey.’ “The elders of Israel will listen to you. Then you and the elders are to go to the king of Egypt and say to him, ‘The LORD, the God of the Hebrews, has met with us. Let us take a three-day journey into the wilderness to offer sacrifices to the LORD our God.’ But I know that the king of Egypt will not let you go unless a mighty hand compels him. So I will stretch out my hand and strike the Egyptians with all the wonders that I will perform among them. After that, he will let you go.