නික්මයාම 3:1-5

නික්මයාම 3:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන් පූජක යෙත්රෝගේ එළු බැටළු රංචුව බලා ගත්තේ ය. ඔහු සත්ව රංචුව පාළුකරයේ බටහිර පැත්තට ගෙන ගොස්, හොරේබ් හෙවත් දෙවියන්වහන්සේගේ කන්ද වෙත පැමිණියේ ය. එහිදී ස්වාමින්වහන්සේගේ දූතයා, පඳුරක් මැද ගිනි ජාලාවක ඔහුට පෙනුණි. ඔහු බැලූ කල, මෙන්න! පඳුර ගිනි ඇවිළෙන නමුත්, දැවී ගියේ නැත. එවිට මෝසෙස්, “මම එතැනට ගොස්, පඳුර නො දැවෙන්නේ මන්ද කියා ඒ පුදුම දර්ශනය බලන්නෙමි” යි කීවේ ය. ඔහු පඳුර බලන පිණිස හැරී ගිය වග ස්වාමින්වහන්සේ දුටු කල, දෙවියන්වහන්සේ ඔහුට අඬගසමින්, “මෝසෙස්! මෝසෙස්!” යැයි ඇමතූ සේක. “මෙන්න, මම” යි ඔහු පැවසී ය. එවිට උන්වහන්සේ, “තවත් ළං නො වනු! ඔබේ පාවහන් ගලවනු. මන්ද ඔබ සිටිනා තැන ශුද්ධ භූමියකි” යි පැවසූ සේක.

නික්මයාම 3:1-5 Sinhala Revised Old Version (SROV)

මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය. ස්වාමීන්වහන්සේගේ දූතයා පඳුරක් මැද ගිනිජාලාවක සිට ඔහුට පෙනුණේය. ඔහු බලා සිටියේය, බලව, පඳුර ගිනි ඇවිළ තිබුණු නුමුත් දාලානොගියේය. එවිට මෝසෙස්: මම දැන් අහකට හැරී පඳුර දාලානොගියේ මක්නිසාද යන මේ මහත් දර්ශනය බලන්නෙමියි කීය. ඔහු බලන පිණිස හැරී යන බව ස්වාමීන්වහන්සේ දුටුකල දෙවියන්වහන්සේ පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට හඬගැසූසේක. මම මෙහියයි ඔහු කීවේය. උන්වහන්සේ කථාකොට: මෙතැනට ළංනොවව. නුඹේ පාදවලින් නුඹේ වහන් ගළවව, මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධභූමියකැයි කීසේක.

නික්මයාම 3:1-5 Sinhala New Revised Version (NRSV)

මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන්හි පූජක තැන වන ජෙත්රෝගේ එළු බැටළු පට්ටි රැකබලාගනිමින් සිටියේ ය. ඔහු ඒ පට්ටි පාළුකරය හරහා දක්කාගෙන ගොස්, හොරෙබ් නම්, දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල, සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැඟුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිළී ගිය නමුත් එය නොදැවෙන බව දිටී ය. මෝසෙස්, “මෙය පුදුමයකි. මම දැන් ඊට ළං වී, පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි”යි තමාට ම කියාගත්තේ ය. ඔහු එය බලන පිණිස ඊට ළං වන බව සමිඳාණන් වහන්සේ දුටු විට, දෙවියන් වහන්සේ පඳුර මැදින්, “මෝසෙස්, මෝසෙස්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කීවේ ය. එවිට දෙවියන් වහන්සේ කතා කොට, “මෙතැනට ළං නොවන්න; නුඹේ පාදවලින් වහන් ගලවාදමන්න; නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියෙකැ”යි වදාළ සේක.

නික්මයාම 3:1-5 Sinhala New Revised Version 2018 (SNRV)