නික්මයාම 22:16-31 - Compare All Versions
නික්මයාම 22:16-31 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“විවා ගිවිස නැති කන්‍යාවක පොලඹවා ගෙන, යමෙක් ඇය හා සයනය කරන්නේ නම්, මනාලියකගේ දායාදය ඔහු ඇයට ගෙවිය යුතු ය. ඈ ඔහුට බිරිඳ වන්නී ය. ඔහුට ඇය දීම, ඇගේ පියා සපුරාම ප්‍රතික්ෂේප කරයි නම් වුව, කන්‍යාවක සඳහා මනාලියකගේ දායාදය ඔහු ගෙවිය යුතු ය. “මන්තරකාරියකට ජීවත් වන්නට ඉඩ නො දිය යුතු ය. “යම් සතකු සමඟ ලිංගික ක්‍රියාවක යෙදෙන කවරකු වුව මරනු ලැබිය යුතු ය. “ස්වාමින්වහන්සේට හැර අන් දෙවි දේවතාවුනට පුද පූජා කරන කවරකු වුව, විනාශ කර දැමිය යුතු ය. “විදේශිකයකුට අයුත්තක් හෝ හිංසාවක් හෝ නො කරන්න. මන්ද ඔබත් ඊජිප්තුවේ විදේශීන් ව සිටි බැවිනි. “වැන්දඹු ස්ත්‍රියකට හෝ පියා නැති දරුවකුට හෝ හිරිහැර නො කරන්න. ඔබ හිරිහැර කර, ඒ ගැන ඔවුන් මට මොර ගැසුවහොත්, මම සැබවින් ම ඔවුනට සවන් දෙන්නෙමි. එවිට මගේ කෝපය ඇවිළී, මම කඩුවෙන් නුඹලා මරා දමන්නෙමි. එවිට ඔබේ භාර්යාවන් වැන්දඹුවන් ද ඔබේ දරුවන් පියා නැත්තවුන් ද වනු ඇත. “ඔබ අතරේ මගේ ජනයාගේ දුගියකුට ඔබ මුදල් ණයට දුන්නහොත්, පොලීකරුවකු මෙන් නො කරන්න. ඔහුගෙන් පොලී අය කර නො ගන්න. ඔබේ අසල්වැසියාගේ කබාය උගසට ගත් විටෙක, හිරු බසින්නට පෙර එය ඔහුට ආපසු බාර දෙන්න. මන්ද ඔහුට ඇති එක ම ඇඟ-වැස්ම ඔහුගේ එම පොරෝනයයි. නිදා ගැනීමට ඔහුට ඇත්තේ වෙන කුමක් ද? ඔහු මට මොර ගසන කල, මම ඔහුට සවන් දෙන්නෙමි. මන්ද මා අනුකම්පා සහගත ය. “දෙවියන්වහන්සේට අපහාස නො කළ යුතු ය. ඔබේ ජනයාගේ පාලකයාට ශාප නො කළ යුතු ය. “ඔබේ ධාන්‍යාගාර හා ගුදම්වලින් තුටු-පඬුරු දීමට පසුබට නො විය යුතු ය. “ඔබගේ කුලුඳුල් පුතුන් ඔබ මට දිය යුතු ය. ඔබගේ ගවයින් හා බැටළුවන්ට අදාළ ව ද ඔබ එසේ කළ යුතු ය. දවස් හතක් මවු සෙවණේ සිටින්නට උන්ට ඉඩ හරින්න. අට වන දවසේ උන් මට දිය යුතු ය. “නුඹලා මගේ ශුද්ධ ජනතාව විය යුතු ය. එබැවින් වන සතුන් විසින් ඉරා දැමූ සතුන් අහරට නො ගත යුතු ය. ඒවා බල්ලන්ට දමන්න.
නික්මයාම 22:16-31 SROV (Sinhala Revised Old Version)
මනුෂ්‍යයෙක් විවාහ බස් නුදුන්නාවූ කන්‍යාවක් පොළඹවාගෙන ඈ සමඟ සයනයකළොත් ඈ තමාගේ භාර්යාව වන පිණිස ඔහු සැබවින්ම දායාදයක් දියයුතුය. ඇගේ පියා ඈ ඔහුට දෙන්ට කොහෙත්ම කැමතිනූණොත් ඔහු කන්‍යාවන්ගේ දායාද ලෙස මුදල් ගෙවිය යුතුය. මායාකාරියෙකුට ජීවත්වන්ට ඉඩ නොහරින්න. මෘගයෙකු සමඟ සංවාසයකරන කවරෙක් නමුත් සැබවින් මරනු ලැබිය යුතුය, ස්වාමීන්වහන්සේ ඇර වෙන දෙවියෙකුට පූජාකරන තැනැත්තා සිඳදමනු ලැබිය යුතුය. විදේශියෙකුට අයුත්තක් හෝ පීඩාවක් නොකරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. කිසි කනවැන්දුමියෙකුටවත් පියා නැති දරුවෙකුටවත් හිංසා නොකරන්න. නුඹ යම් ආකාරයකින් ඔවුන්ට හිංසාකළොත් ඔවුන් මට හඬගැසුවාම මම සැබවින්ම ඔවුන්ගේ හඬ අසන්නෙමි; එවිට මාගේ උදහස ඇවිළෙනවා ඇත, මමද කඩුවෙන් නුඹලා මරාදමන්නෙමි; මෙසේ නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුමියෝද නුඹලාගේ දරුවෝ පියා නැත්තෝද වන්නෝය. නුඹ ළඟ සිටින මාගේ සෙනඟ අතරෙන් දුප්පත් කිසිවෙකුට නුඹ මුදල් ණයට දුන්නොත් නුඹ ඔහුට ණය හිමියෙක් මෙන් වෙන්ටවත් නුඹලා ඔහුගෙන් පොළී ගන්ටවත් යුතු නැත. නුඹේ අසල්වාසියාගේ වස්ත්‍රය කොහෙත්ම උකස්කොට ගත්තෙහිනම් ඉර බහින විට නුඹ ඒක නැවත ඔහුට දියයුතුය. මක්නිසාද ඒක ඔහුගේ එකම වැස්මය, ඒක ඔහුගේ ඇඟේ වස්ත්‍රයය. ඔහු නිදන විට පෙරවාගන්නේ කුමක්ද? තවද ඔහු මට හඬගසන විට ඇහුම්කන් දෙන්නෙමි; මක්නිසාද මම කරුණාභරිතය. දෙවියන්වහන්සේට දෙස් නොකියව, නුඹේ සෙනඟගේ අධිපතියෙකුට ශාප නොකරව. නුඹේ භෝගවලින්ද පාන වර්ගවලින්ද පූජාකිරීමට ප්‍රමාද නොවව. නුඹේ පුත්‍රයන්ගේ කුලුඳුලා මට දිය යුතුය. නුඹේ ගවයින් සහ බැටළුවන් ගැනද එසේම කළ යුතුය. ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දින ඌ මට දිය යුතුය. නුඹලා මට ශුද්ධ මනුෂ්‍යයෝ වන්නෝය. එබැවින් කෙතෙහි මෘගයන් විසින් ඉරූ සතෙකුගේ මාංස නොකෑ යුතුය; ඒවා බල්ලන්ට දැමිය යුතුය.
නික්මයාම 22:16-31 NRSV (Sinhala New Revised Version)
“යමෙකු විවාහ ගිවිසුමක් කර නැති කන්‍යාවක පොළඹවා ඈ සමඟ සයනය කළොත් ඔහු දෑවැද්ද දී ඈ සමඟ විවාහ විය යුතු ය. එහෙත්, ඇයගේ පියා ඔහුට ඇය විවාහ කර දීමට කොහෙත් ම කැමැති නැත්නම් ඔහු කන්‍යාවකට දිය යුතු මුදලට සම මුදලක් ගෙවිය යුතුයි. “කොඩිවිනකාර ස්ත්‍රියකට ජීවත් වීමට ඉඩ නොදිය යුතු ය. “මෘගයෙකු සමඟ මෛථූනයෙහි යෙදෙන්නා මරණයට පත් කළ යුතු ම ය. “සමිඳාණන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතු ය. “නුඹලා විදේශිකයෙකුට අයුත්තක් වත් හිරිහැරයක් වත් නොකළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශිකයන් ව සිටි හෙයිනි. නුඹලා කණවැන්දුම් ස්ත්‍රියකට වත්, අනාථ දරුවෙකුට වත් හිරිහැර නොකළ යුතු ය. නුඹලා ඔවුන්ට හිරිහැර කොට ඔවුන් මට මොරගැසුවොත් මම සැබැවින් ම ඔවුන්ගේ මොරගැසීමට සවන් දෙමි. එවිට මගේ උදහස ඇවිළී, මම කඩුවෙන් නුඹලා නසන්නෙමි. නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුම් ස්ත්‍රීහු ද, නුඹලාගේ දරුවෝ අනාථ දරුවෝ ද වන්නෝ ය. “නුඹලා මගේ සෙනඟ අතර සිටින දිළින්දෙකුට මුදල් ණයට දුන්නොත්, පොළියට මුදල් දෙන අය මෙන් නොහැසිරිය යුතු ය. නුඹලා බලයෙන් පොළියක් ද නොගත යුතු ය. නුඹ උගසක් මෙන් යමෙකුගේ වස්ත්‍රය ගන්නෙහි නම් ඉර බැස යාමට පෙර එය ඔහුට ආපසු දිය යුතු ය. මන්ද, ඔහුට ඇත්තේ ඒ පොරෝණය පමණක් බැවිනි. ඔහු තමාගේ ඇඟට පොරොවාගන්නේ ඒ වස්ත්‍රය වේ. නැත්නම් ඔහුට නිදාගන්න ඇත්තේ කුමක් ද? ඔහු මට මොරගසන විට මා අනුකම්පා සහගත බැවින් ඔහුට සවන් දෙමි. “නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය. “නුඹ, ධාන්‍යවලින් ද මිදිරසින් ද මට දිය යුතු පඬුරු පුද කිරීමට පමා නොවිය යුතු ය. නුඹලාගේ පුතුන් අතර කුලුඳුලා මට දිය යුතු වේ. නුඹලාගේ ගවයන් හා බැටළුවන් සම්බන්ධයෙන් ද එලෙස ම කළ යුතුයි. වහු පැටියා දින හතක් මවු ළඟ සිටි පසු අට වන දින නුඹලා ඌ මට දිය යුතු ය. “නුඹලා මට ම කැපවූ මනුෂ්‍යයන් විය යුතුයි. තවද, කෙතේ වන මෘගයන් විසින් මරනු ලැබූ සතුන්ගේ මස් නුඹලා නොකෑ යුතු ය. ඒවා බල්ලන්ට දැමිය යුතු ය.”
නික්මයාම 22:16-31 SNRV (Sinhala New Revised Version 2018)

නික්මයාම 22:16-31 NIV (New International Version)
“If a man seduces a virgin who is not pledged to be married and sleeps with her, he must pay the bride-price, and she shall be his wife. If her father absolutely refuses to give her to him, he must still pay the bride-price for virgins. “Do not allow a sorceress to live. “Anyone who has sexual relations with an animal is to be put to death. “Whoever sacrifices to any god other than the LORD must be destroyed. “Do not mistreat or oppress a foreigner, for you were foreigners in Egypt. “Do not take advantage of the widow or the fatherless. If you do and they cry out to me, I will certainly hear their cry. My anger will be aroused, and I will kill you with the sword; your wives will become widows and your children fatherless. “If you lend money to one of my people among you who is needy, do not treat it like a business deal; charge no interest. If you take your neighbor’s cloak as a pledge, return it by sunset, because that cloak is the only covering your neighbor has. What else can they sleep in? When they cry out to me, I will hear, for I am compassionate. “Do not blaspheme God or curse the ruler of your people. “Do not hold back offerings from your granaries or your vats. “You must give me the firstborn of your sons. Do the same with your cattle and your sheep. Let them stay with their mothers for seven days, but give them to me on the eighth day. “You are to be my holy people. So do not eat the meat of an animal torn by wild beasts; throw it to the dogs.