නික්මයාම 20:3-11

නික්මයාම 20:3-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“මා ඉදිරියෙහි අන් දෙවිවරුන් ඔබට නො සිටිය යුතු ය. ඔබ, ඉහළ අහසේ හෝ පහළ පොළොවේ හෝ පොළොවෙන් යට ජලයේ හෝ ඇති කිසිවක රූපාකාරයෙන් පිළිම රූපයක්, ඔබට හදා ගැනීම නො කළ යුතු ය. ඔබ ඒවාට වැඳ වැටීම නො කළ යුතු ය. නමස්කාර නො කළ යුතු ය. මන්ද මම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ ය. මට වෛර කරනවුනට තුන් වන හා හතර වන පරම්පරාව දක්වා පියවරුන්ගේ පාපයට දරුවන්ට දඬුවම් කරන්නා වූ, එහෙත් මට ප්‍රේම කරන, මගේ ආඥා පිළිපදින අයගේ දහස් ගණන් දක්වා නොමියෙන ප්‍රේමය පාන්නා වූ තැනැත්තාණෝ ය. ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය නිරර්ථක ව භාවිත නො කළ යුතු ය. මන්ද ස්වකීය නාමය නිරර්ථක ව භාවිත කරන්නන්ට ස්වාමින්වහන්සේ දඬුවම් නො කර සිටින්නේ නැත. සබත් දවස සිහියේ තබා ගනිමින්, එය ශුද්ධ ලෙස වෙන් කොට තබන්න. හය දවසක් ඔබ වෙහෙස ව ඔබේ සියලු වැඩ කර ගන්න. එහෙත් හත් වන දවස, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සබතක් ය. එදින ඔබ කිසි වැඩක් නො කළ යුතු ය. ඔබ හෝ ඔබගේ පුතා හෝ ඔබගේ දුව හෝ ඔබගේ සේවකයා හෝ ඔබගේ සේවිකාව හෝ ඔබගේ සතුන් හෝ ඔබේ පුරවර දොරටු තුළ වෙසෙන විදෙස්සා හෝ කිසි වැඩක් නො කළ යුතු ය. මන්ද අහස ද පොළොව ද මුහුද ද එහි ඇති සියල්ල ද හය දවසක් තුළ සෑදූ ස්වාමින්වහන්සේ හත් වන දවසේ විවේක ගත් සේක. එබැවින් ස්වාමින්වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට, එය විශුද්ධ කළ සේක.

නික්මයාම 20:3-11 Sinhala Revised Old Version (SROV)

මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව. කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ, මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක. සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව. සදවසක් වැඩකරමින් නුඹේ සියලු වැඩ කර්මාන්ත කරගනුව. එහෙත් සත්වෙනි දවස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ නුඹවත් නුඹේ පුත්‍රයාවත් නුඹේ දුවවත් නුඹේ වැඩකාරයාවත් නුඹේ වැඩකාරීවත් නුඹේ සිව්පාවෝවත් නුඹේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්. කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.

නික්මයාම 20:3-11 Sinhala New Revised Version (NRSV)

“මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.” “නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි. “නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.” “සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය. එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.

නික්මයාම 20:3-11 Sinhala New Revised Version 2018 (SNRV)