නික්මයාම 20:2-5
නික්මයාම 20:2-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. වහල්කමේ නිවාසයෙන් පිටතට, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ තැනැත්තාණෝ මම ය. “මා ඉදිරියෙහි අන් දෙවිවරුන් ඔබට නො සිටිය යුතු ය. ඔබ, ඉහළ අහසේ හෝ පහළ පොළොවේ හෝ පොළොවෙන් යට ජලයේ හෝ ඇති කිසිවක රූපාකාරයෙන් පිළිම රූපයක්, ඔබට හදා ගැනීම නො කළ යුතු ය. ඔබ ඒවාට වැඳ වැටීම නො කළ යුතු ය. නමස්කාර නො කළ යුතු ය. මන්ද මම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ ය. මට වෛර කරනවුනට තුන් වන හා හතර වන පරම්පරාව දක්වා පියවරුන්ගේ පාපයට දරුවන්ට දඬුවම් කරන්නා වූ
නික්මයාම 20:2-5 Sinhala Revised Old Version (SROV)
මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව. කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ
නික්මයාම 20:2-5 Sinhala New Revised Version (NRSV)
“වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය. “මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.” “නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.
නික්මයාම 20:2-5 Sinhala New Revised Version 2018 (SNRV)
“වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය. “මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.” “නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.
නික්මයාම 20:2-5 New International Version (NIV)
“I am the LORD your God, who brought you out of Egypt, out of the land of slavery. “You shall have no other gods before me. “You shall not make for yourself an image in the form of anything in heaven above or on the earth beneath or in the waters below. You shall not bow down to them or worship them; for I, the LORD your God, am a jealous God, punishing the children for the sin of the parents to the third and fourth generation of those who hate me