නික්මයාම 2:2-3
නික්මයාම 2:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඈ ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඔහු සුන්දර ළමයකු වග දුටු ඈ, තුන් මසක් ඔහු සඟවා තබා ගත්තා ය. එහෙත්, තවදුරටත් ඔහු සඟවා තැබිය නො හැකි වූ කල, ඈ පන් කූඩයක් ගෙන, ඒ වටා කීල් හා මැලියම් තවරා, පසුව දරුවා ඒ තුළ බහා, නයිල් ගං ඉවුරේ බට පඳුරු අතරේ තැබුවා ය.
නික්මයාම 2:2-3 Sinhala Revised Old Version (SROV)
ඒ ස්ත්රී ගර්භිණීව පුත්රයෙකු බිහිකර ඔහු ශෝභමාන දරුවෙකු බව දැක තුන් මසක් ඔහු සඟවා ගත්තාය. තවත් ඔහු සඟවාගන්ට නොහැකිවූ කල්හි ඈ පන් පෙට්ටියක් ගෙන ඒකේ කීල් සහ ලාටු ගා දරුවා එහි තබා ගංඉවුරේ පන්ගස් අතරේ තැබුවාය.
නික්මයාම 2:2-3 Sinhala New Revised Version (NRSV)
ඒ ස්ත්රිය ගැබ්ගෙන, දරුවෙකු ලැබූ පසු දරුවා රුවැති බව දුටු ඈ, තෙමසක් ඔහු සඟවා තැබුවා ය. ඔහු තවත් සඟවා තබාගැන්මට නොහැකි වූ කල, ඈ පන් පෙට්ටියක් ගෙන, එය පිට කීල් හා මැලියම් තවරා, දරුවා එහි බහා, ගං ඉවුරේ බට ගස් අතර එය තැබුවා ය.
නික්මයාම 2:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
ඒ ස්ත්රිය ගැබ්ගෙන, දරුවෙකු ලැබූ පසු දරුවා රුවැති බව දුටු ඈ, තෙමසක් ඔහු සඟවා තැබුවා ය. ඔහු තවත් සඟවා තබාගැන්මට නොහැකි වූ කල, ඈ පන් පෙට්ටියක් ගෙන, එය පිට කීල් හා මැලියම් තවරා, දරුවා එහි බහා, ගං ඉවුරේ බට ගස් අතර එය තැබුවා ය.
නික්මයාම 2:2-3 New International Version (NIV)
and she became pregnant and gave birth to a son. When she saw that he was a fine child, she hid him for three months. But when she could hide him no longer, she got a papyrus basket for him and coated it with tar and pitch. Then she placed the child in it and put it among the reeds along the bank of the Nile.