නික්මයාම 2:11-25

නික්මයාම 2:11-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෝසෙස් මේරූ වියට පැමිණි පසු, දිනක් තම සහෝදර ජනයා දකින්නට පිටතට ගොස්, ඔවුන්ගේ බර වැඩ බලා සිටියේ ය. මෙවිට තම සහෝදර හෙබ්‍රෙව්වකුට ඊජිප්තු ජාතිකයකු පහර දෙනු ඔහු දුටුවේ ය. ඒ මේ අත බැලූ ඔහු, කිසිවකු නැති වග දැක, ඊජිප්තු ජාතිකයා මරා, වැල්ලේ සැඟවී ය. පසු දින ඔහු පිටතට ගිය කල, හෙබ්‍රෙව්වන් දෙදෙනකු දබර කර ගනු දුටුවේ ය. එවිට වරද කරන මිනිසා ඇමතූ ඔහු, “තමන්ගේ ම මිනිසකුට පහර දෙන්නේ ඇයි දැ?” යි ඇසී ය. එවිට ඒ මිනිසා පිළිතුරු දෙමින්, “අපේ පාලකයා හා විනිශ්චයකාරයා ලෙස නුඹ පත් කළේ කවුරු ද? අර ඊජිප්තුවා මරා දැමූ සේ මාත් මරා දමන්න ද කල්පනාව?” යි කීවේ ය. එයින් මෝසෙස් භය විය. “මා කළ දේ එළිවෙලා!” යි ඔහු සිතී ය. පාරාවෝට මේ වග සැල වූ කල, මෝසෙස් මරා දැමීමට ඔහු වැර දැරී ය. එහෙත් මෝසෙස්, පාරාවෝ වෙතින් පලා ගොස්, වාසය පිණිස මිදියන් දේශයට අවුත්, එහි වූ ළිඳක් අසල හිඳ ගත්තේ ය. මිදියන් පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. දිය අදින්නට ආ ඔවුහු, තම පියාගේ එළු බැටළු රංචුවලට පොවන පිණිස, වතුර ඔරු පිරවූහ. එහෙත් එතැනට පැමිණි එඬේරුන් ඇතැම් දෙනෙක් ඔවුන් එලවා දැමූහ. එවිට මෝසෙස් නැගිට, ඔවුන්ගේ උපකාරයට පැමිණ, ඔවුන්ගේ සත්ව රංචුවට දිය පෙවී ය. ඔවුන් තම පියා වූ රෙවූයෙල් වෙත ආපසු ආ කල, ඔහු කතා කරමින්, “නුඹලා අද මෙතරම් ඉක්මනින් ආපසු ආවේ ඇයි දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඊජිප්තු ජාතිකයෙක් එඬේරුන් අතින් අප මුදා අපට වතුරත් ඇද දුන්නා; සත්ව රංචුවටත් පෙව්වා යැ” යි කීහ. “කෝ! ඔහු කොහේ දැ?” යි තම දූවරුන්ගෙන් විමසූ ඔහු, “ඇයි ඔහු එහි හැර දමා ආවේ? කෑම කන්නට ඔහුට අඬගසන්නැ” යි කීවේ ය. මෝසෙස් ඒ මිනිසා සමඟ නවතින්නට එකඟ විය. ඔහු තම දියණිය සිප්පොරා මෝසෙස්ට බිරිඳ කොට දුන්නේ ය. ඈ පුතකු බිහි කළා ය. “විදේශයකදී මම පිටස්තරයකු වීමි” යි පැවසූ මෝසෙස් ඒ පුතුට ගේර්ෂොම් යන නම තැබී ය. ඒ දිගු කාලය අතර තුර, ඊජිප්තු රජු මිය ගියේ ය. ඉශ්‍රායෙල්වරු තම වහල් භාවය ගැන සුසුම්ලමින්, මොර ගැසූහ. තම වහල් භාවය නිසා ඔවුන් නැගූ මොර ගැසීම, දෙවියන්වහන්සේ වෙත නැගුණේ ය. ඔවුන්ගේ කෙඳිරිගෑම දෙවියන්වහන්සේට ඇසිණ. එවිට දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ද ඊසාක් සමඟ ද යාකොබ් සමඟ ද වූ තම ගිවිසුම සිහි කළ සේක. මෙසේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයින් දෙස බලා, ඔවුන් ගැන සැලකූ සේක.

නික්මයාම 2:11-25 Sinhala Revised Old Version (SROV)

මෝසෙස් වැඩි වයසට පැමුණුණු කල තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේය. එවිට ඔහු තමාගේ සහෝදරවූ හෙබ්‍රෙව්වෙකුට මිසරයෙක් ගහනවා දුටීය. ඔහු ඔබ මොබ බලා කිසිවෙකු ළඟ නොසිටි බව දැක මිසරයා මරා වැල්ලෙහි සැඟෙවුවේය. ඔහු පසුවදා පිටතට ගිය කල, බලව, හෙබ්‍රෙව් මිනිසුන් දෙදෙනෙක් ගහගනිමින් සිටියෝය. නුඹ කුමක් හෙයින් නුඹේ අසල්වාසියාට පහරදෙන්නෙහිදැයි ඔහු වැරැද්ද කළ අයට කීය. එවිට හෙතෙම අප කෙරෙහි අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද කොට නුඹ පත්කළේ කවුද? නුඹ මිසරයා මැරුවාක් මෙන් මාත් මරන්ට සිතන්නෙහිදැයි කීය. එවිට මෝසෙස් භයව: සැබවින්ම මේ කාරණය එළදරව්වී තිබේයයි කීවේය. ඵාරාවෝ ඒ දේ අසා මෝසෙස් මරන්ට සෙවීය. නුමුත් මෝසෙස් ඵාරවෝ කෙරෙන් පලාගොස් මිදියන් දේශයෙහි වාසය කෙළේය. ඔහු ළිඳක් ළඟ හිඳගත්තේය. මිදියන්හි පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. ඔව්හු අවුත් තමන් පියාගේ එළු බැටළු රැළට පොවන පිණිස වතුර ඇද ඔරුවල පිරෙවුවෝය. එඬේරු අවුත් ඔවුන් එළෙවුවෝය. එහෙත් මෝසෙස් නැගිට ඔවුන්ට උපකාර කොට ඔවුන්ගේ සිව්පාවුන්ට වතුර පෙවුවේය. ඔවුන් තමන් පියවූ රූවෙල් වෙතට ආ කල: නුඹලා අද මෙපමණ වේලාසනින් ආවේ කොහොමදැයි ඔහු ඇසුවේය. ඔව්හුද: මිසරයේ මනුෂ්‍යයෙක් එඬේරුන්ගේ අතින් අප ගැළෙවුවේය. ඒ ඇර අපට වතුරත් ඇද දී සිව්පාවුන්ට පෙවුවේයයි කීවෝය. ඒ මනුෂ්‍යයා කොහේද? ඔහු ඇරලා ආවේ මක්නිසාද? කෑම කන පිණිස ඔහුට අඬගසන්නැයි ඔහු තමාගේ දූවරුන්ට කීවේය. මෝසෙස් ඒ මනුෂ්‍යයා සමඟ විසීමට සතුටුවිය. ඔහු තමාගේ දූවූ ශිප්පොරා මෝසෙස්ට පාවාදුන්නේය. ඈ පුත්‍රයෙකු බිහිකළාය. මෝසෙස්: අන් දේශයක ආගන්තුකයෙක්ව සිටියෙමියි කියා ඔහුට ගේර්ෂොම් යන නම තැබීය. ඉක්බිති කල් යාමේදී මිසරයේ රජ මළේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වහල්වැඩ නිසා සුසුම්ලමින් මොරගැසුවෝය. වහල් වැඩ නිසා ඔවුන්ගේ මොරගැසීම දෙවියන්වහන්සේ වෙතට පැමුණුණේය. දෙවියන්වහන්සේ ඔවුන්ගේ කෙඳිරිගෑම අසා ආබ්‍රහම් සමඟද ඊසාක් සමඟද යාකොබ් සමඟද කළාවූ තමන්ගේ ගිවිසුම සිහිකළසේක. දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් බලා ඔවුන්ගේ තත්වය සැලකූසේක.

නික්මයාම 2:11-25 Sinhala New Revised Version (NRSV)

එකල මෝසෙස් වයසින් වැඩුණු පසු ඔහු තමාගේ සෙනඟ බලන්නට ගිය විට, ඔවුන් කළ බර වැඩ දිටී ය. තවද, ඔහු තමාගේ ම හෙබ්‍රෙව් ජාතිකයෙකුට මිසර වැසියෙකු පහර දෙනවා දිටී ය.‍ එවිට ඔහු වට පිට බලා, කිසිවෙකු නොසිටි බව දැක මිසර වැසියා මරා මළකඳ වැල්ලෙහි සැඟවී ය. පසු දින ඔහු නික්ම යන විට හෙබ්‍රෙව් ජාතික දෙදෙනෙකු ගහගනිමින් සිටිනු දිටී ය. වැරැද්ද කළ තැනැත්තාට ඔහු කතා කොට, “ඔබේ සහෝදරයාට ඔබ පහර දෙන්නේ මන්දැ”යි විචාළේ ය. ඔහු පිළිතුරු දෙමින්, “අපට අධිපතියෙකු හා විනිසකරුවෙකු ලෙස ඔබ පත් කෙළේ කවරෙක් ද? ඔබ මිසර වැසියා මැරුවා සේ ම මාත් මරන්න හදන්නෙහි දැ”යි ඇසී ය. එවිට මෝසෙස් බිය වී, “ඇත්තට ම කාරණය එළි වී තිබේ ය”යි කියාගත්තේ ය. එපවත් සැළ වූ විට පාරාවෝ මෝසෙස් මරාදැමීමට සෙවී ය. එහෙත්, මෝසෙස් පාරාවෝ වෙතින් පලා ගොස් මිදියන් දේශයෙහි පදිංචි විය. ඔහු එහි ළිඳක් ළඟ වාඩි වී සිටියේ ය. මිදියන්හි පූජකවරයාට දූවරු සත්දෙනෙක් වූ හ. ඔව්හු පැමිණ ළිඳෙන් වතුර ඇද, තම පියාගේ බැටළුවන්ට පොවන පිණිස, දිය ඔරු පිරෙව්වෝ ය. එහෙත්, එඬේරු පැමිණ ඔවුන් පන්නාදැමූ හ. එවිට මෝසෙස් නැඟිට, ඔවුන්ට ආධාර කරමින් බැටළුවන්ට වතුර පෙවී ය. තවද, ඒ දූවරුන් තම පියා වන රූවෙල් වෙත පැමිණි විට, ඔහු කතා කරමින්, “අද නුඹලා මෙතරම් ඉක්මනින් ආපසු ආවේ කෙසේ දැ”යි ඇසී ය. ඔව්හු උත්තර දෙමින්, “මිසර වැසියෙක් එඬේරුන් අතින් අප බේරාගත්තේ ය. එපමණක් නොව, අපට වතුර ඇද දී, බැටළුවන්ටත් පෙවී ය”යි කී හ. එවිට ඔහු තම දූවරුන් අමතමින්, “ඒ මිනිසා කොහේ ද? නුඹලා ඔහු හැරදමා ආවේ මන් ද? කෑම කන පිණිස ඔහු කැඳවන්නැ”යි කීවේ ය. මෝසෙස් මිදියන්හි පූජකවරයා සමඟ පදිංචි වීමට සතුටු විය. ඔහු මෝසෙස්ට තම දුව වන ශිප්පොරා සරණ පාවාදුන්නේ ය. ඇය ඔහුට දාව පුතෙකු ලැබුවෙන්, මෝසෙස් “මම අමුතු රටක අමුත්තෙකු මෙන් සිටියෙමි” කියා ඔහුට ගේර්ෂොම් යන නාමය තැබී ය. බොහෝ කලක් ගත වූ පසු, මිසරයේ රජතුමා මියගියේ ය. ඉශ්රායෙල් ජනයා වහල් සේවය නිසා සුසුම්ලමින්, මොරගැසූ හ. ඔවුන්ගේ වහල් සේවය නිසා ම ඔවුන්ගේ කන්නලවුව දෙවියන් වහන්සේ වෙත පැමිණියේ ය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ කන්නලවුවලට සවන් දී, තමන් වහන්සේ ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ් සමඟ කළ තම ගිවිසුම සිහි කළ සේක.‍ උන් වහන්සේ ඉශ්රායෙල් ජනයාගේ දුක බලා ඔවුන්ට කරුණාව පෙන්වූ සේක.

නික්මයාම 2:11-25 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 2:11-25 New International Version (NIV)

One day, after Moses had grown up, he went out to where his own people were and watched them at their hard labor. He saw an Egyptian beating a Hebrew, one of his own people. Looking this way and that and seeing no one, he killed the Egyptian and hid him in the sand. The next day he went out and saw two Hebrews fighting. He asked the one in the wrong, “Why are you hitting your fellow Hebrew?” The man said, “Who made you ruler and judge over us? Are you thinking of killing me as you killed the Egyptian?” Then Moses was afraid and thought, “What I did must have become known.” When Pharaoh heard of this, he tried to kill Moses, but Moses fled from Pharaoh and went to live in Midian, where he sat down by a well. Now a priest of Midian had seven daughters, and they came to draw water and fill the troughs to water their father’s flock. Some shepherds came along and drove them away, but Moses got up and came to their rescue and watered their flock. When the girls returned to Reuel their father, he asked them, “Why have you returned so early today?” They answered, “An Egyptian rescued us from the shepherds. He even drew water for us and watered the flock.” “And where is he?” Reuel asked his daughters. “Why did you leave him? Invite him to have something to eat.” Moses agreed to stay with the man, who gave his daughter Zipporah to Moses in marriage. Zipporah gave birth to a son, and Moses named him Gershom, saying, “I have become a foreigner in a foreign land.” During that long period, the king of Egypt died. The Israelites groaned in their slavery and cried out, and their cry for help because of their slavery went up to God. God heard their groaning and he remembered his covenant with Abraham, with Isaac and with Jacob. So God looked on the Israelites and was concerned about them.