නික්මයාම 2:1-6

නික්මයාම 2:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එකල, ලෙවී වංශික මිනිසෙක් ගොස්, ලෙවීය කාන්තාවක ආවාහ කොට ගත්තේ ය. ඈ ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඔහු සුන්දර ළමයකු වග දුටු ඈ, තුන් මසක් ඔහු සඟවා තබා ගත්තා ය. එහෙත්, තවදුරටත් ඔහු සඟවා තැබිය නො හැකි වූ කල, ඈ පන් කූඩයක් ගෙන, ඒ වටා කීල් හා මැලියම් තවරා, පසුව දරුවා ඒ තුළ බහා, නයිල් ගං ඉවුරේ බට පඳුරු අතරේ තැබුවා ය. ඔහුට කුමක් වන්නේ දැයි බලන්නට ඔහුගේ සොහොයුරිය ඈතට වී බලා සිටියා ය. මේ අතර, පාරාවෝගේ දියණිය දිය නෑමට, නයිල් ගඟට ආවා ය. ඇගේ පරිවාර ළදුන් ගං ඉවුරේ ඇවිදිමින් සිටියදී, ඈ බට පඳුරු අතරේ වූ කූඩය දැක, තම දාසිය යවා, එය ගෙන්වා ගත්තා ය. ඈ එය විවර කළ විට, ළදරුවා දුටුවා ය. බිළිඳා සිටියේ හඬමිනි. ඈ ඔහුට අනුකම්පා කළා ය. “මේ හෙබ්‍රෙව් ළදරුවෙකැ” යි ඈ කීවා ය.

නික්මයාම 2:1-6 Sinhala Revised Old Version (SROV)

තවද ලෙවීගේ වංශයේ මනුෂ්‍යයෙක් ගොස් ලෙවීගේ දුවක් පාවාගත්තේය. ඒ ස්ත්‍රී ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර ඔහු ශෝභමාන දරුවෙකු බව දැක තුන් මසක් ඔහු සඟවා ගත්තාය. තවත් ඔහු සඟවාගන්ට නොහැකිවූ කල්හි ඈ පන් පෙට්ටියක් ගෙන ඒකේ කීල් සහ ලාටු ගා දරුවා එහි තබා ගංඉවුරේ පන්ගස් අතරේ තැබුවාය. ඔහුගේ සහෝදරී ඔහුට කුමක් වන්නේදැයි දැනගන්නා පිණිස දුරින් බලා සිටියාය. ඵාරාවෝගේ දුව ගඟේ නෑමට ආවාය; ඈ සමඟ වූ තරුණියෝ ගංඉවුරේ ඇවිද්දෝය; ඈ පන්ගස් අතරේ පෙට්ටිය තිබෙනවා දැක ඒක ගෙනෙන්ට ඇගේ දාසිය ඇරියාය. ඒක ඇරිය කල ඕ තොමෝ දරුවා දුටුවාය. බලව, බිලිඳා ඇඬුවේය. ඈ ඔහු කෙරෙහි අනුකම්පාකොට: මොහු හෙබ්‍රෙව්වන්ගේ දරුවෙකැයි කීවාය.

නික්මයාම 2:1-6 Sinhala New Revised Version (NRSV)

එකල ලෙවී ගෝත්‍රයේ මිනිසෙක්, එම ගෝත්‍රයේ කාන්තාවක සරණ පාවාගත්තේ ය. ඒ ස්ත්‍රිය ගැබ්ගෙන, දරුවෙකු ලැබූ පසු දරුවා රුවැති බව දුටු ඈ, තෙමසක් ඔහු සඟවා තැබුවා ය. ඔහු තවත් සඟවා තබාගැන්මට නොහැකි වූ කල, ඈ පන් පෙට්ටියක් ගෙන, එය පිට කීල් හා මැලියම් තවරා, දරුවා එහි බහා, ගං ඉවුරේ බට ගස් අතර එය තැබුවා ය. තවද, දරුවා හට කුමක් වේ දෝ කියා දැනගැන්මට ඔහුගේ සහෝදරිය ඈතින් බලා සිටියා ය. එවිට ගඟේ ස්නානය කරනු පිණිස පාරාවෝගේ දූ කුමරිය පැමිණියා ය. ඇගේ සේවිකාවෝ ගං ඉවුර දිගේ ඇවිදිමින් සිටියා හ. ඈ බට ගස් අතර වූ පෙට්ටිය දැක, සේවිකාවක යවා, එය ගෙන්වාගෙන, ඇරිය විට එහි දරුවෙකු දුටුවා ය. බලන්න, දරුවා ද අඬමින් සිටියේ ය. එවිට ඈ ඔහු කෙරෙහි අනුකම්පා උපදවා, “මේ හෙබ්‍රෙව් ජාතික දරුවෙකැ”යි කීවා ය.

නික්මයාම 2:1-6 Sinhala New Revised Version 2018 (SNRV)