නික්මයාම 19:18 - Compare All Versions
නික්මයාම 19:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සීනයි කන්ද දුමින් වැසී ගියේ ය. එසේ වූයේ ස්වාමින්වහන්සේ ගින්නෙන් කන්ද මතට බැස ආ බැවිනි. දුම් ඉහළ නැගුණේ උදුනකින් නැගෙන දුමක් සේ ය. මුළු මහත් කන්ද අධික ලෙස දෙදරුම් කැවිණ.
නික්මයාම 19:18 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උදුනක ධූමයමෙන් නැගුණේය, මුළු කන්ද බොහෝසෙයින් කම්පාවිය.
නික්මයාම 19:18 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය.
නික්මයාම 19:18 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය.
නික්මයාම 19:18 NIV (New International Version)
Mount Sinai was covered with smoke, because the LORD descended on it in fire. The smoke billowed up from it like smoke from a furnace, and the whole mountain trembled violently.