නික්මයාම 19:17-18
නික්මයාම 19:17-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මෝසෙස් කඳවුරෙන් පිටතට ජනයා කැඳවාගෙන, දෙවියන්වහන්සේ මුණගැසෙන පිණිස ගියේ ය. ඔවුහු කඳු පාමුල නැවතී සිටගත්හ. සීනයි කන්ද දුමින් වැසී ගියේ ය. එසේ වූයේ ස්වාමින්වහන්සේ ගින්නෙන් කන්ද මතට බැස ආ බැවිනි. දුම් ඉහළ නැගුණේ උදුනකින් නැගෙන දුමක් සේ ය. මුළු මහත් කන්ද අධික ලෙස දෙදරුම් කැවිණ.
නික්මයාම 19:17-18 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේට අභිමුඛවන පිණිස මෝසෙස් සෙනඟ කඳවුරෙන් පිටතට ගෙනායේය; ඔව්හුද කන්ද පහළ සිටියෝය. ස්වාමීන්වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උදුනක ධූමයමෙන් නැගුණේය, මුළු කන්ද බොහෝසෙයින් කම්පාවිය.
නික්මයාම 19:17-18 Sinhala New Revised Version (NRSV)
එවිට මෝසෙස් දෙවියන් වහන්සේ හමු වන පිණිස සෙනඟ කඳවුරින් පිටතට ගෙනාවේ ය. ඔව්හු කන්ද පාමුල සිටගත්හ. සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය.
නික්මයාම 19:17-18 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට මෝසෙස් දෙවියන් වහන්සේ හමු වන පිණිස සෙනඟ කඳවුරින් පිටතට ගෙනාවේ ය. ඔව්හු කන්ද පාමුල සිටගත්හ. සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය.
නික්මයාම 19:17-18 New International Version (NIV)
Then Moses led the people out of the camp to meet with God, and they stood at the foot of the mountain. Mount Sinai was covered with smoke, because the LORD descended on it in fire. The smoke billowed up from it like smoke from a furnace, and the whole mountain trembled violently.