නික්මයාම 19:10-11
නික්මයාම 19:10-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ යළි මෝසෙස් අමතමින්, “ජනයා වෙත ගොස්, අදත්, හෙටත් ඔවුන් පවිත්ර වීමට සලසන්න; ඔවුන් තම ඇඳුම් සෝදාගෙන, තුන් වන දවසට සූදානම් ව සිටිය යුතු ය. මන්ද තුන් වන දවසේ ස්වාමින්වහන්සේ මුළු ජනතාවගේ ඇස් හමුවේ සීනයි කන්ද පිටට බැස එන සේක.
නික්මයාම 19:10-11 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා. මක්නිසාද තුන්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේ මුළු සෙනඟගේ ඇස් හමුවෙහි සීනයි කන්ද පිටට බසිනසේක.
නික්මයාම 19:10-11 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්ර සෝදා, තුන් වන දවසට සූදානම් ව සිටිය යුතුයි. තුන් වන දවසේ දී මුළු සෙනඟ බලාගෙන සිටින විට සමිඳාණන් වහන්සේ වන මම සීනයි කන්ද මත බැස එන්නෙමි.
නික්මයාම 19:10-11 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්ර සෝදා, තුන් වන දවසට සූදානම් ව සිටිය යුතුයි. තුන් වන දවසේ දී මුළු සෙනඟ බලාගෙන සිටින විට සමිඳාණන් වහන්සේ වන මම සීනයි කන්ද මත බැස එන්නෙමි.
නික්මයාම 19:10-11 New International Version (NIV)
And the LORD said to Moses, “Go to the people and consecrate them today and tomorrow. Have them wash their clothes and be ready by the third day, because on that day the LORD will come down on Mount Sinai in the sight of all the people.